කොහුවල කොරලහේවගේ සේන අජිත් මෙයට වසර දෙකකට ප්‍රථම ඉතාලියට පැමිණියේ තම දරුවන් සිව් දෙනාටත් බිරිදටත් යහපත් අනාගතයක් උදා කරදීමේ බලාපොරොත්තුවෙනි.
එහෙත් වසර දෙකක් පුරාවට රැකියාවක් සොයා ගැනිමට අජිත්ට නොහැකි විය. එන්න එන්නම පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩිවිය. කලකිරිණු අජිත් තම රැදීසිටිමේ බලපත්‍රය පවා අතහැර දමා නැවත ලංකාවට යැමට තීරණය කළේය.
ඔහුට ගුවන් ටිකට් පතක් මිලදී ගැනිම සදහා මුදල් නොතිබිණි. වෙරෝනා නුවර මෑතක පිහිටවා ගත් ශ්‍රි ලාංකික සුභසාදක එකමුතුව අජිත්ට පිහිටවිය. තම පෙර රැකීයාව වන කොළඹ ජාතික රොහලේ විදුලි කාර්මික තනතුර සදහා නැවත යන බව අජිත් එසැණට පැවසීය. කඩාවැටුණු ආර්ථිකය හමුවේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයෝ දහස් ගනණක් අතරමංව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි හරක් 4 දෙනෙක් හදාගෙන එළවලු ටිකත් වවාගෙන ජීවත් වෙන්නකෝ මේ මම වගේ. ලොකු ලොකු සිහින අත ඇරලා අල්ලපු ගෙදර අයත් එක්ක තරගෙට යන්නේ නැතුව, අල්පේච්ච විදිහට ඉන්නකෝ නියම බෞද්දයෝ වගේ.(නදී)
ඇත්ත. පිට රටකට යන්න ඕනෑ ලංකාවේ අගේ දැනෙන්න .මම සයිප්‍රස් වල. මෙහෙට එන්න ගෑනු කෙනෙකුට ලක්ශ 4 විතර යනවා. නමුත් ආවට පසු ලැබෙන ජොබ් හොඳ නැහැ.පිරිමි අයට ගොඩක් ජොබ් නැහැ.ගැහැණු අය නම් ජොබ් මාරු කර ගන්නවා (නි)
ඩුබායිවල රැකියා ඇත්තෙම නැහැ. දවසකට විසිට් වලට ඇවිත් රස්සාවල් හොයන අය ලක්ෂයක් ඉන්නව කියල පත්තරවල තිබුනා. මෙම ලක්ෂය හැමදාමත් අඩු වැඩි නතිව ඉන්නවා. ගිය සතියෙ ඩුබායි(බාර් ඩුබායි මිනී පිට්ටනියෙ ඉන්දියන් ජතිකයෙක් දවස් තුනක් කන්ඩ නැතිව රස්සාවක් නැතිව කර කියාගන්ඩ දෙයක් නැතිව එල්ලිලා මැරුනා කියල ගල්ෆ් නිව්ස් පත්තරේ තිබුනා. ඔන්න ඩුබායි තත්වය. මැරුනට කෙනෙකුට ශතප හක් දෙන එකෙක් ඩුබායි නැහැ. අපේ රට රත්තරන් දේශපාලනය වෙනස් වෙනවා නම්. විවිධ රටවලින් ආපු අදහස් ගොඩක් වටිනවා.(නදී)
ජර්මනිය, ප්‍රන්සය, ඉතාලිය, කොරියාව, ජපානය ආදී රටවලට හොරෙන් යන්න අදහස් කරන උදවිය එදිනෙදා භාවිතා වෙන වචන ටිකක් හෝ දැනගෙන යා යුත්තේ වැඩපොළේ බොස් තම රටේ භාෂාව දන්නවාද? කියා අසන්නේ ඉංග්‍රීසි නොදත් කම නිසයි. ඒ ඒ භාෂාවන් සඳහා දැන් සිංහල උච්චාරණ පොත් ඕනා තරම් තියෙනවා. අධයාපනයට උනන්දුවක් නැති සල්ලි වියදම් කරලා ආපසු එන මෝඩයෝ ගිය රටේ භාෂාව දන්නවා නම් රැකියා තියෙනවා ඕන තරම්.(නදී)
ස්වර්ණා ඔබ හරියටම හරි. (නි)
ඇමෙරිකාවෙත් දැන් රැකියා හොයා ගන්න බැහැ ලේසියෙන්. තියෙන රැකියාව රැක ගන්න එක ඊට වඩා අමාරුයි. ලංකාවේ උපාදියක් තිබුනත් එහෙ ගිහින් ආයේ ඉගෙන ගත්තේ නැත්නම් හොඳ රැකියාවකට යන්න බැහැ. ග්‍රීන් කාර්ඩ් ඇදිල මෙහෙ ඇවිත් ඉන්න , ලංකාවේ හොඳ රැකියා කරපු අයත් මුලින්ම කරන්නේ පොඩි පොඩි රැකියාවල්. හැබායි ඉහලට ඉගෙන ගත්තොත් නම් ගොඩ.(නදී)
රට ගියා කියලා හැම කෙනාටම සරු වෙන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සවක් තියන අයට මොනර රටද? අපිත් අවරුදු 28ක් රට, තාම පොල් ගානවා. දැන් ලංකාවට එන්න විදියක් නැහැ , හැරමිටියක් නැතිව. ඔන්න රට යාම.(නදී)
මේ එක් කතාවක් පමණක් වුවත්, ලක්ෂ ගණන් ලංකාවේ මිනිස්සු ලක්ෂ ගණනින් හරිහම්බ කර පිටරට වල සැප විදිමින් සිටින අවස්ථාද තිබෙනවා (නි)
අපි දේශපාලකයන්ගේ සෝබන කතාවලට නොරැවෙටී ශ්‍රී ලාංකිකයන් හැටියට එක්සිත්ව නැගී සිටිමු (නි)
දැන් ඉතාලියේ අළුත් පරණ කියලා නැහැ. කොහොමත් රස්සා නැහැ (නි)
මම ඉන්නේ ස්වීඩන්. මෙහෙත් එන්නම හොඳ නැහැ (නි)
මම ඉන්නේ ස්වීඩන් වල. මෙහෙත් රැකියාවක් හොයාගන්න බැහැ උගත්කම නැතුව. අනික මෙහෙ හැමදෙයකම උගත්කමට තැන දෙනවා.මම නම් මගේ දෙමවපියන්ට ගුරුවරුන්ට පින් දෙනවා. (නි)
අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කොහොමද ගෙයක් හදාගන්නේ? රට යන්නේ තමන්ට වැඩිය අනුන් ගැන හිතලා වෙන්න බැරිද ? (නි)
නදීෂාන්, ඔබ උපහාසයට එසේ ඈසුවත් ඔබට පිලිතුරක් දීම යුතුකමක්. ඔබ නොදන්නවා වුනාට මෙහි පැමින උපාධිය ගත් විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට ඉතාමත් හොඳ රෑකියා තිබෙනවා. නමුත් ඉතාලි භාෂාව පමනයි භාවිතා වෙන්නෙ. ඔබ නොදන්නවා වුනාට දක්ෂ ලාංකිකයන් යටතේ ඉතාලි ජාතිකයන් විශාල පිරිසක් රෑකියාව කරනවා.දක්ෂයාට මෙහෙ කොහොමත් තැනක් තිබෙනවා. ඒ කොහොම වුනත් මේ හැම දෙයක්ම ආර්ථිකය ශක්තිමත් කරගන්න විතරයි. ශ්‍රී ලංකාව තරම් ජීවත් වෙන්න සුන්දර රටක් ලෝකෙ කොහෙවත් නැහැ. නීතිය යහපත් අයුරින් ක්‍රියාත්මක වෙන රටක් බවට අපේ රට පත් වෙනකම් සෑම කෙනෙක්ම බලාගෙන ඉන්නෙ ආයි ඇවිත් අපේ රටේ ජීවත් වෙන්න (නි)
යුරෝපයේ ආර්ථිකය කඩා වැටීම ගැන මෙයාලට අවබෝදයක් නැතුවා වගෙයි. ආසියාවේ නැගිටීම සිදුවෙමින් තිබෙනවා.(නදී)
පුජිත, "ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා කියලා" තමා නිවැරදි කියමන.එහෙම කියන්නෙත් හරියටම ඔබ වගේ අයට.පිටරට රැකියා කළාට අපේ රටට අපි ආදරෙයි.අපි ලංකාවෙන් හැදිලා වැඩිලා ඉගෙනගෙන අපේ දැනුම මෙහෙදී අපි මුදලට හරවනවා.මම දන්නවා සමහරුන් පිට රට ආවහම අන්ධ වෙනවා.එක්කෙනෙක් කියනවා "අපි දැන් කොස් කනවා වගේ මස් කනවා" කියලා.තව සමහරුනට සුදු නෝනලා දැක්කම තමන්ගේ බිරිද වැඩක් නැහැ කියලා හිතෙනවා.ඔහොම දේවල් නිසා ලංකාවට ගරහනවා. යුද්ධය තිබෙන කාලේ මම හිටියේ ඇමෙරිකාවේ.පන්සලේදී මම ලංකාවේ පුද්ගලයෙක් සමග කීවා අන්න අදත් බෝම්බයක් පුපුරලා කියලා.එතකොට ගත් කටටම කිවුවේ මට ඕවා වැඩක් නෑ, මම ලංකාවේ ප්‍රවෘත්ති අහන්නෙත් නෑ,ලංකාව අත්හැරලා ගොඩක් කල් කියලා.මෙහෙම වෙන අය එහෙම වෙන්නට හේතුවත් දන්නවා.කියන්න හිතෙන්නේ නැහැ, ඔවුන්ට ලැජ්ජා හිතෙන නිසා.ඔය කවුරුත් අන්තිමට රස්සා නැතුව අමාරුවේ වැටුනහම දුවගෙන එන්නෙත් ලංකාවට. (නි)
"එහා ඉවුරේ තණ කොළ කන ගොනා මෙහා ඉවුරේ තණ දකිනවා මනා එහෙට ගිහින් මෙහෙ බැලුවම.... මෙහෙ මය නොව හොදා...." (නි)
මම ඉන්නේ ලන්ඩන්. මටත් මේ රට එපා වෙලා. ලංකාවේ බඩගින්නේ හිටියත් හොදයි. ඒත් ලංකාවේ මිනි මරන්නේ තිරිසන්නු මරනවා වගේ. ඊට වඩා ඉතුරු ටික අපේ නංගිලා තම්බිලට දීලා දානවා. මේ සිංහල ගැණු ළමයින්ට මොලේ නැද්ද මන්දා (නි)
මම මෙහෙ කරන්නේ බිසිනේස්ස්. (අ)
දෙයියන්ගේ පිහිටෙන් කැනඩාවට එහෙම වෙලා නැහැ. එනවා නම් එන්න කැනඩා. සීතල ඇරුනම වෙන කිසි කරදරයක් නැහැ. නියම රට (නි)
ඉතාලියේ රැකියාවක් නැති කෙනෙකුට ලංකාවට යන එක තමා හොදම දේ.මම ඉන්න ගෙදරත් දෙන්නෙක් ඉන්නවා රැකියාවල් නැති. ලංකාවෙන් තවත් අය මුදල් දීලා මෙහෙ එනවා නම් හොදට හිතලා බලලා එන්න. මොකද මෙහෙ රස්සාවක් හොයා ගන්න ලේසි නැහැ. (නි)
කැනඩාවට එන්න කිවුවට, කොච්චර උගත් ලංකාවේ මිනිස්සු මෙහෙ කම්කරු ජොබ් කරනවද? මට හිතෙන්නේ උපාධියක් නැතුව ඇවිත් කම්කරු ජොබ් කරන එක ගැන උගත් කෙනෙකුට දුක හිතෙනවා වැඩියි. අපි දන්නා කීදෙනෙක් ඉන්නවද තවම ලංකාවේදී කරපු විදිහේ රැකියාවක් නොලැබුන. මම නම් මෙහෙ ආවෙ, රජයේ රස්සාවෙන් ගොඩඑන්න බැරිවුන නිසයි. හරිම අඩු වැටුපකට ගොඩක් කල් ලංකාවට සේවය කරලා ආව නිසාත් ,රජයේ මුදල් හොරකම් නොකළ නිසාත් ,ලංකාවට ණය නැහැ. මෙහෙදී උසස් රැකියාවක් ලැබුන නිසා ගොඩ ආවා.නමුත් මම ලංකාවට ආදරෙයි. (නි)
චතුලගේ කතාවට මාත් කැමතියි. සමස්ථයක් වශයෙන් ඉතාලියේ දැන් විරැකියාව ගොඩක්ම ඉහළයි. ලංකාවෙ අයට විතරක් නෙමෙයි,ඉතාලි තරුණ තරුණියන්ටත් දැන් රැකියා සොයා ගැනීමේ අපහසුව සුලබයි. ඒ අය සමර අවස්ථාවලදී විදේශිකයන්ට රැකියා දෙන ඉතාලි ජාතිකයන්ගෙන් ප්‍රශ්න පවා කරනවා ඇයි,අපිට රැකියා දෙන්නෙ නැත්තෙ කියලා. මාත් ඉතාලියේ ඉන්නෙ. ඇත්තම කියනවා නම් සමස්ථයක් ලෙස ඉතාලි ජාතිකයන් තුල ශ්‍රී ලාංකිකයන් කෙරේ තියෙන විශ්වාසය වැඩියි. ඒක මම අත්දැකීමෙන් දන්නා දෙයක්. ඒත් එකෙක් දෙන්නෙක් කරන මගඩි වැඩ නිසා පොඩි පොඩි බලපෑම් නම් වෙනවා. ඒත් මං කියන්නේ සල්ලි කුට්ටි ගණන් දීලා දැන් නම් ඉතාලි එන්න හදන්න එපා. අපිත් ඔය විදිහට රස්තියාදු වෙලා වෙලා තමා රැකියා හොයා ගත්තේ. (නි)
ජගත්, ඔයා කියන කතාව හරියටම හරි.ලංකාවේ දරුවන්ට වඩා අපේ දරුවෝ මේ රටවල නිදහසේ ඉගෙන ගන්නවා.මොකද අමතර පන්ති නැති නිසා.හවසට හොදට සෙල්ලම් කරලා හොදට නිදා ගන්නවා (නි)
සියලු දෙනාගේ ප්‍රතිචාර ඇත්ත. නමුත් අපි පිට රට යන එක ප්‍රශ්නයක් කියලා හිතන්න හොද නැහැ. උදාහරණයක් විදියට දොස්තරලා ගමු. ලංකාවේ අවුරුද්දකට දොස්තර ල 1000 ක් විතර පිට වෙනවා. කොහෙන්ද මේ අයට ජොබ්? අලුත් හොස්පිටල් හදනවද ලංකාවේ?තියන හොස්පිටල් ලොකු කරනවද ? නැහැනේ. අද රටේ දිනකට දොස්තරලා කීයක් රටින් යනවද? එහෙම යන නිසා අලුත් කට්ටියට අවස්ථාව ලැබෙනවා.අනෙක් ජොබ් වලත් එහෙමයි.එහෙම නොවුනා නම් අද රට පෙළපාලි යන කිසිම වැඩක් කරන නැති ප්‍රශ්න ගොඩක් ඇති රටක් වෙලා. හරියට සිම්බාබ්වේ වගේ වෙලා. අනික රට හොද වුණා හෝ නැති වුණා කියලා නැහැ. යන එකා කොහොමත් යනවා. ඒ කාලේ ඉදලා ඔහොම තමා. (නි)
පූජිත හරි, ඔක්කොමලා පිටරටට වෙලා ලංකාවේ හොඳ කියවනවා. ලංකාවෙත් ඉගෙනගෙන තියනවා නම් ඕනෑ තරම් ජොබ් තියනවා. බලන්නකෝ සති අග පත්තරයක් අරන්, ඉගෙනගෙන නැතත් මෙහෙ දියුනු වෙන්න ක්‍රම තියනවා (නි)
වෙන්නප්පුවේ කට්ටිය රස්සවලුත් විකුනනවා සල්ලි වලට. (ත)
ඕස්ට්‍රේලියා වගේ රටක නම් තමන් කරන රැකියාවේ ඉහලටම ඉගෙන ගෙන ඉන්න ඕනෑ. කෙටියෙන් කිවුවොත් සම්මුඛ පරීක්ෂණයේදී සුද්දන්ට වැඩිය සුදුසුකම් අපිට තියෙන්න අවශ්‍යයි.කම්කරු රැකියා කරන්නේ පුහුණු ශ්‍රමිකයෝ.යන්ත්‍රෝපකරණ තමයි බාවිතය.වැඩට බැස්සම යෝධයෝ වගේ. (නි)
රැකියා ප්‍රශ්නය මුළු ලෝකයටම බලපාන දෙයක්. ඇමරිකාව මුල් කරගෙන පටන්ගත් මූල්‍ය පද්ධතියේ කඩාවැටීමට සමාන්තරව විවිධ රටවල ආයතන වැසී යාම මීට හේතුවයි. මෙවන් වෙනස්වුණු ආර්ථික රටාවක විවිධ රැකියා සහ ව්‍යාපාරික අවස්ථාවන් නව මුහුණුවරකින් ඇතිවෙනවා. මේවා දිහා බුද්ධිමත්ව බලා එය තම වාසියට හරවා ගන්න. රට හැරදා යාම හෝ ඉතාලියට නොපැමිණීම විසදුමක් නොවේ. (නි)
මට නම් කියන්න තියෙන්නේ මේ කෙනාගේ නොහැකියාව. උනන්දුව තියේ නම් මොකක් හරී හොයාගන්න තිබුනා. අවුරුදු 2 ක් මක්කළාද? රස්සා අතට ගෙනත් දෙන්නේ කව්ද? (නි)
ධනවාදයේ අර්බුධය... (නි)
පිට රට ඉන්න බොහොමයක් අය ලංකාව හොදයි කියන්නේ ලංකාවේ සැබෑ තත්වය අමතක වෙලයි. ලංකාවට ආපු ගමන් ඒගොල්ල කරන්නේ වැරදි පෙන්න පෙන්නා පැමිණිලි , කෙණෙහිලි කරන එකයි. ඕකට තමයි නිතර දකින කුකුලගේ කරමල සුදු යි කියන්නේ. (නි)
ඉතාලියෙ විරෑකියාව 60% විතර ඉහල ගිහින්. පිට ජාතිකයන් රෑකියා කරනවා. ඉතාලි ජාතිකයන්ට රෑකියා නැහැ. ඒ කතාව ඇත්තයි. නමුත් සමස්ථයක් විදිහට ලාංකිකයන්ට ලොකු බලපෑමක් නැහැ. මොකද අපේ රටේ මිනිස්සු බුද්ධි මට්ටම අතින් සහ අවංකකම අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න හන්දා සෑම ජාතිකයෙකුම ලාංකිකයන්ට කැමතියි. දෙතුන් දෙනෙක් කැත වැඩ කෙරුවට ගොඩක් මිනිස්සු තමන්ගෙ ජීවිත ගත කරගෙන පාඩුවෙ ඉන්නවා. (නි)
අපේ මිනිස්සුන්ට මෙහෙ මිනිස්සු කැමතියි. එකම නරක දේ අපේ මිනිස්සු අවරුදු 10ක් හිටියත් භෂාව ඉගෙන ගන්න උනන්දුවක් නැතිකම. ඒ මදිවට රස්සාවක් ගැන කිව්වම එකේ රහ ගුණ අහනවා. දැන් තියන තත්වේ හැටියට අහුවෙන රස්සාවක එල්ලෙන්න ඕනේ.(නදී)
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග. (නි)
අපි ඔබලා ගැන හරි ආඩම්බර වෙනවා වෙරෝනා සුබසාධක සමිතිය. (නි)
ඉතාලියේ දැන් රස්සාවක් හොයාගන්න අමරුයි. ඒ නිසා යනවා නම් රස්සාවකුත් සෙට් කරගෙනම යන්න. නැත්තන් ණය වෙලා ගිහින් අමාරුවේ වැටෙනවා (නි)
සමහරවිට ගෙන්නපු කට්ටිය එයාව අතරමං කළා වෙන්නත් පුළුවන් (නි)
ආර්ථික අර්බුධය වැඩිවී, පිටරට රැකියා නොමැති වි යද්දී ලංකාව අගය කරනු ඇත (නි)
එන්න කැනඩාවට. හොදම රටක් (නි)
මමත් ඉන්නේ ඇමරිකාවෙ. මටත් හිතෙනවා මොන රටක්වත් අපේ රට තරම් හොදත් නැහැ, නිදහසකුත් නැහැ කියලා (නි)
පාරාගේ කතාව හරි! ඔය රට ඇවිල්ල අවුරුදු 10-12 ඉන්න 90% කටම තවම ලංකාවේ ඉන්න තැනක්වත් නැහැ. එහෙම නැත්නම් තවමත් ගෙවල් හදනවා. හදලා ඉවරනම් ඒවට දස අතේ ණය ගෙවනවා. අපි ලංකාවෙත් හිටියත් යම් යම් ආර්ථික අපහසුකම් තිබුනත් ගෙවලුත් හදාගෙන අඹු දරුවනුත් එක්ක සතුටින් , දෙදෙනාගේම දෙමුපියන්ටත් සලකමින්, හැකි පමණින් මගුල්, මරණ,දාන වලටත් සහභාගී වෙමින් බොහොම සතුටින් ජීවත් වෙනවා. (නි)
අපොයි ඔවු කරුනේ, ඒත් අපේ රටාට වෙලා තියෙන විපත්තිය දැන් දැක්කනේ.(නදී)
මමත් ඉන්නේ කොරියාවේ. මොන රටක්වක් තමුන්ගේ මව් රට තරම් වටින්නේ නැහැ.(නදී)
විශිෂ්ට වැඩක් !... වෙරෝනා සුබ සාදක සංගමය ඔබලාට ස්තුතියි ,මව් බිමේ අපේ සොහොයුරෙකුට මෙවන් උපකාරයන් කරන්නට තවමත් අපේ අපිට ආදරය කරන්නට අය තවම පිට ඉන්න එක ගැන (අ)
මාත් උත්සාහ කලා මුලදී ඉතාලි පැනගන්න . ඊට වැඩ හොඳයි කියල හිතුන සෝමාලියාවට පැන ගන්න එක කියල. (අ)
කැනඩා දිසා, ඔබ වැනි මිනිසුන් ගැන අහන්නත් සතුටුයි.. ඔබට තෙරුවන් සරණයි!(අ)
වෙන්න තින දේවල් වලක්වන්න බෑනේ.(ස)
මම ඉන්නෙත් ඉතාලියේ වෙරෝනා නගරයේ. දැන් 12ස් අවුරුද්දක් වෙනවා.අපිත් ආපු අලුත ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා.ඒත් මෙහෙ භාෂාව පුරුදු වෙලා කම්මැලි නොවී වැඩ කරන්න පුලුවන් නම් කාටවත් වරදින්නේ නැහැ.රස්සාවක් ලැබෙනකම් බලන් ඉඳලා හරි යන්න නැහැ.අපි ඒවා හොයා ගන්න ඕනෑ.සුදුසුකම් වලට රස්සාවල් ලැබෙනවා අඩුයි.ඒත් හොඳ පඩියක් අරගෙන ගේ දොර හදාගෙන ඉක්මනට ලංකාවට ආව හැකි. අද දුක හෙට සැපත කියලා හිතාගන වැඩ කළොත් කාටවත් වරදින්නේ නැහැ. (නි)
ඕස්ට්‍රෙලියාව නම් ලංකාවට වඩා ගොඩක් හොදයි.(නදී)
මේ තරම් හොද අදහස් දැක්වීම් කෝටියක් වටිනවා. ඔක්කොම වගේ හොදයි. මට තේරෙන හැටියට මගේ නිගමනය. ලංකාව ලෝකේ වටිනාම රට. මේ සමහර නිර්ලජ්ජිත මිනිස්සු මේක කාලා දානවා. නිතිය වල් වැදිලා. බල්ලෝ බළල්ලු වගේ මිනි මරනවා. පොලිසිය හොඳයි කියන්න බෑ. සියලුම දේශපාලන පක්ෂයනුත් එකයි. කොමිස් ගැහිල්ල බිලියන ට්‍රිලියන ගණන්. සියලු ආගම්වල කියවෙන හොද ධර්මතාවයන්ගේ ආශීර්වාදයෙන් ලංකාව ධර්මිෂ්ට රටක් වේවා.අපි සියළු දෙනාට එක්වෙන්නට වාසනාව ලැබේවා. (ස)
ලෝකයේ විවිධ රටවල වෙසෙන ජනතාව සිය රටවල තිබෙන ආර්ථික පසුබිම හා වෙනත් පුත්ගලික තත්වයන් මුල් කරගෙන වෙනත් රටවලට සංක්‍රමණය වුවත් , තම මවු රට ,ජාතිය ,භාෂාව ,ආගම ගැන තිබෙන හැගීම කිසිදා නැති කර නොගනී .එය අපට පමණක් නොවේ ,ලොව පුරා වෙසෙන ඕනෑම ජන කොට්ඨාශයකට තිබෙන පොදු හැඟීමකි.තමන් කුමන හෝ භාෂාවකින් ලබාගත් උගත්කම ,බුද්ධිමත්ව හා උත්සාහයෙන් යුතුව මෙහෙයවන කෙනෙකුට තම දියුණුව කරා යාහැකි මාර්ග ඕනෑ තරම් මාර්ග යුරෝපයේ හා අනෙකුත් සංවර්ධිත රට වල තිබේ.වටිනා අදහස් අතර ලන්ඩනයේ යැයි කියාගන්නා ස්වර්ණාගේ අදහස දැක, ලාංකිකයෙක් ලෙස මා මවිතයටත්, සන්තාපයටත් පත්වීමි. (නි)
මම මගේ රට ගැන ආඩම්බරයි. කරුණාකර ඔහුට ආපසු ලංකාවට යන්න උදව්කරන්න. ඉතාලියේ රැකියාවක් හොයාගන්න එක දැන් හරි අමාරු වැඩක්. ඔහුට හැම අයුරින්ම උදව් කරන්න.(නදී)
චතුල ගේ කතාව සහතික ඇත්ත.(නදී)
කිසිම කෙනකුට කිසිම රටකට රැකියාවල් නැහැ කියලා දෝෂාරෝපණය කරන්න අයිතියක් නැහැ. මොකද ඒ රටවල රක්ෂාවල් තියෙන්නේ ඒ රටවල මිනිසුන්ට. අපිට අපේ රටේ රැකියාවල් නැති උනාම පිට රටවල් වල රැකියාවල් ගැන මොනවද කතා. ඉදිරි අනාගතයේ ඒ රටවල දරුවෝ ලොකු මහත් උනාම එ අයට රැකියාවල් දෙන්න ඒ ආණ්ඩුව බැඳිලා ඉන්නවා. ඒක ඒ රටවල් වල අයිතිය සහ ඒ රටවල් වල මිනිසුන්ගේ අයිතිවාසිකම. ඒ රටවල් ආණ්ඩුව බැඳිලා නැහැ ලංකාවේ මිනිසුන්ට රොතු ගණන් යන යන හැටියට රැකියාවල් දෙන්න . ගිවිසුම් ගහල තියනවනම් 10,000 කට රැකියාවල් දෙනවා කියලා, ඒ ප්‍රමාණයට විතරයි රැකියාවල් දෙන්නේ. අපි සතුටු වෙන්න ඕනේ පිටරටවල් මෙහෙම හරි රැකියාවල් දෙන එක ගැන. නිතියනුකුලව රැකියාවකට යන කිසිම කෙනකුට රකියා නොලැබී නැහැ. යාලුවන්ගේ මාර්ගයෙන් , වැරෙන මචන් මෙහාට රක්ෂාවල් හොයාගන්න පුළුවන් කියන වචනයට රැවටිලා, හොර පාරෙන් යන කිසිම කෙනකුට හරි හමන් රැකියාවල් ලැබෙන්නේ නැහැ. එකට තමයි රටවල් දෙකේම අය ගිවිසුම් අත්සන් කරන්නේ, ලංකාවේ තමාගේ උගත් කම අනුව රැකියාවල් නැතුව නෙමෙයි , ලැබුනත් වැඩියෙන් මුදල් හම්බකරගන්න නිසා තමයි කවුරුත් පිටරටකට යන්නේ. හරි විදිහට ගියානම් අතරමන් වෙන්නේ නැහැ. මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනේ , නැතුව අපේ නොවන රටවල් වලට රැකියාවල් නැහැ කියල දොස් කියන්න අවශ්‍ය නැහැ. (නදී)
මොනවා කිව්වත් පිට රටකට පදිංචියට ගිය කවුරුවත් ආයේ ලංකාවට එන්නේ නැහැ. පිට ගියාම තමයි තේරෙන්නේ එහෙ ලංකාවට වඩා හොදයි කියල. විශේෂයෙන් ළමයින්ට.....අනාගතයට මෙතන බොරුවට ලංකාව හොදයි කියන කවුරුවත් ආයෙම ලංකාවට එන්න අදහසක්වත් තියෙනවද. (ස)
ඔක්කොම බයිලා තමයි. ලංකාව හොදයි කිය කීයා පිට ඉන්නවා. ඔය අයට තමා ළිදෙන් දිය බීලා ගගට ආවඩන්න කියන්නේ.(නදී)
ඉතාලිය සුරපුරයක් කියල හිතගෙන මෙහි ගොඩ වුනොත් ඉතිං සොරිම තමයි. කොටින්ම ලංකාවේ වගේ කම්මැලියන්ට නම් මෙහි කිසිම වගතුවක් නැ. ලැබෙන රක්‍ෂාව ආරක්ෂා කරගෙන අවංකව වැඩ කලොත් දිගු ගමනක් යා හැකියි. ඉතාලි ජාතිකයන් අපිට ගොඩක් කැමතියි. නමුත් සමහරක් අපේම අය කරන වැරදි වැඩ නිසා පොදුවේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. අවසාන වශයෙන් මේ වගේ රටකට ඇවිත් මිනිහෙකුට හැදෙන්න බැරිනම් ලෝකේ කොහේ රටට ගියත් හැදෙන්න බැහැම තමයි. කම්මලියන්ට ලෝකේ කොහෙත් වැරදි.(නදී)
ලංකාවෙන් ඇවිත් පිට රට වල ජීවත් වෙන අපේ යුතුකම ලංකාවේ නම රකින එක. මේ රට වලට ඇවිත් ලංකාවේ නම කැත කරන බොහොමයක් කට්ටිය බෝට්ටු වලින් නැත්නම් හොර ක්‍රම වලින් ආපු රස්තියාදුකාරයෝ. (නි)
ලංකව තරම් වටින රටක් ගැන හිතන්නවත් බැ. නමුත් මමත් වසර ගණනක්ම මව් රටින් පිටවෙලා ඉන්නේ දරුවන්ට හෙටක් හදලා දෙන්නයි.(ස)
කරුණේ, කොහොමද ඇමෙරිකාවේ රැකියා සහ ජීවන තත්වය?(නදී)
මිතුරනේ, වැඩිය ඕනේ නැහැ අද මැදපෙරදිගත් මෙවැනි තත්වයක් තමා තියෙන්නේ. ඒ රටවල් වල පුරවසියන්න්ට රැකියා නැතිවෙනකොට අපේ රටවල් වල අයට රැකියා අර්බුදයක් ඇතිවෙනවා. හැකිතරමෙන් උත්සහා කර උපාදියක් ගන්න. අද සුදු ජාතිකයොත් විශාල වසයෙන් මැදපෙරදිග වැඩ කරනවා. සුදුස්සාට සුදුසු තැන හිමි කරගන්න අමාරු නැහැ.(ස)
චතුල හොදට ඉගෙනගෙන ආපු කෙනෙකුට ඉතාලි වල ජොබ් තියනවද? මම කිවේ උපාධියක් තියන කෙනෙකුට වගේ.(නදී)
කිව්වට අහන්නේ නැති නිසා එන කෙනෙකුට ඇවිත් බලලා තීරණයක් ගන්ඩ පුළුවන්.(නදී)
ලංකාව හොදයි ඒකේ ඉන්න අය තමා නරක.(නදී)
මම ඉන්නේ ස්විස්ටේර්ලන්තයේ ,මෙහෙත් ජොබ් නැහැ ,ලංකා මාතාව කොච්චර හොදද. සුද්දෝ ජාතිවාදීන් අපේ රටවල් වලට දියුනු වෙන්න දෙන්නේ නැහැ. .ලංකාව දිනේවා, සිංහලේ දිනේවා!(නදී)
මමත් මේ රටේ වසර ගණනාවක සිට සේවය කරන්නෙක්.ඉතා අගය කළයුතු කරුණක් මේ අය විසින් කර තිබෙන්නේ.ඇත්ත කියනවා නම් කියන්න බැරි දේවල් මේ රටේ සිදුවෙමින් පවතිනවා.මුදලට රැකියා දෙනවා .මෙහෙ සමහර ශ්‍රී ලංකාවේ අය බැංකු ණය ලබාදී ලිංගික අල්ලස් පවා ගන්නවා.මේවා නින්දිත වැඩ . (නි)
කවුරු කොහොම කිව්වත් තවම එයාලා ඉතාලියේ. රස්සාවක් නැත්තන් ලංකාවට එන්න එපායැ. අනේ මන්දා?(නදී)
ලංකාව ලෝකයේ තියෙන ඉතාම හොඳ රටක්. ඒත් බලය ගත්ත ගමන් දේශපාලකයා කියන පුද්ගලයා පුදුම විදියට නරක් වෙලා ගසා කන්නෙක් බවට පත්වෙන එකයි කරුමෙ.(නදී)