(තිලකරත්න දිසානායක)
ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේදී ඉත්තෑවෙකු අල්ලා ගැනීම සඳහා ගුලකට ඇතුළුවී, එහි සිරවී මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුර අද (19) මහත් පරිශ්‍රමයක් දරා ගොඩගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අජිත් වර්ණකුලසූරිය නමැත්තෙකි.
මෙම පුද්ගලයා කොස්සින්න ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිට ඇති අතර, මොහු සමඟ එහි සේවකයන් දෙදෙනෙකු ඊයේ(18) රාත්‍රියේ මහමග යමින් සිටියදී ඉත්තෑවෙකු දිවයනු දැක ඒ දෙසට ගොස් ඇත. ඔහු පසුදින උදෑසන වනතෙක් ආපසු නොපැමිණීම හේතුවෙන් සේවකයන් වැඩබිමේ හිමිකරුට දැනුවත් කර තිබිණි. පසුව ඔවුන් එම ස්ථානයට ගොස් බැලීමේදී ඉත්තෑ ගුල තුළ විදුලි පන්දම් එළියක් දැක පොලීසිය දැනුවත් කර තිබේ.
බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින්, ගම්පහ මහ නගර සභාවේ ගිනි සොයා නිවීමේ ඒකකයේද සහාය ඇතිව අඩි 15 ක පමණ දුරකට විහිදෙන මෙම ගුල හාරා අද එම තැනැත්තාගේ සිරුර සොයා ගෙන ඇත.
එම සිරුර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යැවීමට ගණේමුල්ල පොලීසිය පියවර ගෙන ඇත.
ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්ම
මසට ගිජු වූවන්ට සොබා දහමින් දඩුවම්
යන්තන් ඉත්තෑවා බේරුනා.
අහෝ දෙව්දත් නොදිටි මොක් පුර
විසි එක්වෙනි සියවසේ කාලක් ගතවෙලත් අපේ ජනතාව අදටත් ඉන්න තත්වෙ ගැන හරි දුකයි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය.
මනුෂ්‍ය ජීවිතයක් නැතිවෙන එක නම් ගොඩක්ම පව් නමුත් ඉතින් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා එකකුත් තියෙනවා.
අනිකාගේ ජීවිතය තම භුක්තියට ගැනීම හොඳද නරකදවත් නොතේරුණු මොහුට ලැබුණු දඬුවම අප සියල්ලෝටම වැදගත් පාඩමක් කියාදී ඇත.
මෙය මා දන්නා තවත් මිනිසෙකුට සිදු වූ දෙයක්. ඔහු කිඹුල් බෙනයක් තුල මිය ගියා. මිනිසුන්ට බඩගින්නට කොස් ගෙඩියක් කඩා කෑමට හැකිය. ඇයි සත්තු මරන්නේ?
සැක සහිත මරණයක්..
පරපණ නැසීමේ ආදීනව. අනෙක් අයටත් හොඳ පාඩමක්.
මිනිස්සුන්ට නොමිනිසුන් වගේ හැසිරෙන්නේ නැතිව ඉන්න අපුරු පාඩමක් ..
එජාපයෙක් වෙන්න ඇති... නැතිනම් මෙච්චර මෝඩද?