හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් පිහිටුවීමේ වැඩපිළිවෙළක් තවම නැතැයිද ඒ අදහස ඉවත් කරන්නෙත් නැතැයිද යනුවෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඔහු මෙසේද කීවේය.
‘තාම නම් නැහැ. පොඩ්ඩක් බලමු. ඒක අපි අයින් කරන්නෙත් නැහැ. නමුත් ඉතිං පොඩ්ඩක් ඉන්නකෝ. මැතිවරණයක් නැති නිසා පොඩ්ඩක් ඉන්නකෝ‘
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් පිහිටුවීමේ මූලික සාකච්ඡාවක් පසුගිය 4 වැනිදා කොළඹදී පවත්වා ඇතැයි විශ්වාසදායී ආරංචි කියයි.
පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරු මෙන්ම හිටපු මහ ඇමැතිවරුද ඊට සහභාගී වී ඇත.
එම පක්ෂය පිහිටුවීමේ කටයුතු සිදු කිරීම හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති අතර නව පක්ෂයේ ලකුණ ලෙස ජලයේ පිපෙන මලක නමක් යෝජනා කර ඇතැයිද එම ආරංචි පවසයි.
තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවලදී මෙම නව පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුමවී ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී.ල.නි.ප.ය. රැකගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ එහි වර්තමාන නායකත්වයටයි. (නි)
මහින්ද මහතාට ජයවේවා! (නි)
මහින්ද මහත්තයා සහය දක්වන පිලට අපි ඡන්දෙ දෙනවාමයි. අපේ නායකයා තවමත් මහින්ද රාජපක්ෂ. එතුමාට සදා ජය ! (නි)
තිලක්-ඩුබායි, මහින්ද මහත්තයා එක්ක ඔච්චර තරහ ඇයි? මහින්ද මහත්තයට ජය වේවා! (නි)
මේ වගේ අය හින්දා තමයි අපේ රට හැමදාම එකම තැන පල්වෙන්නේ. (නි)
රටට ආදරය කරන පරාර්ථකාමී තරුණයන් ගමේ ගොඩේවත් නැද්ද? පරණ හොරුමයි එක එක වේශයෙන් බලයට එන්න දඟලන්නේ. (නි)
පියුමි, එතකොට දැන් ඉන්නේ කවුද? දැන්වත් පාට කණ්ණාඩි දාන එක නවත්වන්න,රට ගැන හිතන්න. (නි)
මලෙන් ඇවිල්ලා මළකරදරයක් වෙන්න නම් එපා හොඳේ (නි)
සනුකි, ඡන්දෙ තියලා බලමු. හතරවෙනි තැන මහින්දද නැත්නම් කවුද කියලා. ඒක දන්නා නිසා තමයි ඡන්දෙ ප්‍රමාද. (නි)
ජගත් - ඔව්, හිටපු රජතුමා වඩාගත්තු ළමයින්ගේ අම්මලාගේ ඡන්ද ලැබෙයි. ජයාත් - ඇයි නියඟලා මල ? ඒකත් හොඳටම ගැලපෙනවා (බ)
මම මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තටම ප්‍රියකළත්, බුද්ධිමත් සහ රටට ආදරය කරන නිදහස් පක්ෂ නායකයන් ගෝඨාභය මහතා සමඟ පමණක් සිටියා නම් හොඳයි කියා සිතමි. හොරු ළඟට ගත්විට වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට කලින් සිදුවුණාට වඩා වැඩි දෙයකි. එපමණක් නොව පක්ෂයට ආදරය කරන්නන් පක්ෂය හැරදා යනු නොඅනුමානයි. මේ බව මහින්ද රාජපක්ෂ මහතාට දැනගැනීමට ඉඩ සැළසිය යුතුය. (නි)
ආ! අර මලෙන්නේ එන්නේ. අපි නම් දන්නවා (නි)
මහින්ද පරාජය කරලා, ඉක්මනට බලය ගත්තට රැකගන්න අසීරුයි වගේ එයාගේ පක්ෂයේ හිටපු සමහර අයට. අපේ ඡන්දෙ නම් මහින්දට (නි)
රට වැඩවසම් යුගයට ගෙනගිය, සදහටම බලයේ ඉන්න 18 ගෙනා මහින්දට කැමති ජනයා ඉන්න රටක් මේක (නි)
බඩු මිල අඩුකිරීම සදහා වූ පෙරමුණ කියලා නම දාන්න. නැත්නම් ගොඩඒමක් නැහැ. (නි)
අපි වයසට ගිහින් හොට බිම වැදුනහම තමයි ලංකාවේ දැන් තිබෙන නඩුවලට තීන්දු ලැබෙන්නෙ. නමුත් කර්මය පළදෙනවා කියලා ඔය කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. ලංකාවට දේශපාලන ඇඟිලි ගැසීම් නැති ස්වාධීන අධිකරණයක්, දියුණු නීති පද්ධතියක් තව අවුරුදු සීයකින්වත් ලැබෙයිද දන්නේ නැහැ. (නි)
එන පුංචි ඡන්දය පිළිබඳ මගේ අනාවැකිය මෙන්න. එජාපය 45% යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය : 34% යි. ද්‍රවිඩ සන්දානය :8% යි. ජනතා විමුක්ති පෙරමුණ: 5% යි. මහින්ද මහතාගේ නව පක්ෂය : 4 % යි . සරත් මහතාගේ පක්ෂය 4% යි. මහින්ද මහතාගේ පක්ෂය මෙවර අඩුවෙන් ඡන්ද ගත්තද ඉදිරියේදී අනිවාර්යයෙන්ම සරත් මහතාගේ පක්ෂය අභිබවමින් ලක්දිව සිව්වන බලවේගය වනු ඇත. මහින්ද මහතාට ජය වේවා!! (නි)
හරි හරි අපිට හදිස්සියක් නැහැ (නි)
ඔක්කොම කිසිම ප්‍රශ්නයක් දාගෙන නැති නිසා අවිහිංසාවදීන්ගේ පෙරමුණ කියලා දාගෙන ඡන්ද ලකුණට වතුර බෝතලයක් දාගන්නකෝ (නි)
මට නම් හොඳම මල “මිනීමල නැත්නම් කිඩාරම් මල“ (නි)
යහපාලන නඩේ ඇත්ත හෙළිවෙන්නේ එතකොට තමයි (නි)
දීපාල්, සුමිත්‍ර, ඔය දෙන්නා මහින්ද මහත්තයට ආදරෙයි වගේ බොරුවට පෙන්වන්න හදනවා. අපිට ඕනෑ පක්ෂ නොවෙයි, රටට හොඳ නායකයෙක්. කරපු මෝඩකම් ජනතාවට තේරිලා තියෙන්නේ දැන්. මේ රටේ මිනිස්සු මහින්ද මහත්තයට කවදත් ආදරෙයි. (නි)
මහින්ද රාජපක්ෂලා රටට කරලා තිබෙන සංවර්ධනය මොන තරම්ද කියල තේරුම් ගන්න ඇමරිකාවේ ආර්ථික ඔස්තාර්ලටත් බැරි වෙලයි තියෙන්නේ.තවත් අවරුදු 100 කටවත් රට ගොඩ ගන්න බැරි වෙන්නම "හතර වරම් ගැහිලි" ගහලයි තිබෙන්නේ.එහෙව් අයට නැවත ඡන්දය දෙන්න තරම්/බලය දෙන්න තරම් මෝඩයෝ දැන් ලංකාවේ නැහැ. (බ)
ඡන්ද ලකුණ හරියට "කපුටා" ලකුණ දා ගන්න.හොදටම ගැලපෙනවා. (බ)
අසුචි වලක පිපෙන මල් එහෙම නැද්ද? (බ)
මහින්ද මහත්තයට ආදරෙයි වහල්ලු. (බ)
ටිකක් ඉවසලා ඉන්න.(හේ)
බැසිල් එනවනම් ඕන් අපි නැහැ (බ)
මොකක්ද මේකේ තේරුම‘තාම නම් නැහැ. පොඩ්ඩක් බලමු. ඒක අපි අයින් කරන්නෙත් නැහැ' නැති අදහසක් කොහොමද අයින් කරන්නේ? (බ)
හොදයි,නියමයි.පක්ෂයක් අළුතින්ම හදලා වැඩේ පටන්ගන්න.ඒකාලේ වටේ හිටපු කාන්තාවන්ගේ චන්දේ අනිවාර්යෙන්ම ලැබෙනවා.ලොක්කා ගොඩයයිද කියා පස්සේ බලාගන්න බැරියැ.(කෞ)
අායෙමත් හොරු රැල එන්න දඟලනවා. (බ)
ජය නියතයි. (බ)
අනේ මොන පක්ෂයක් පිහිටෙව්වත් කමක් නැහැ, අපේ ශ්‍රී.ල.නි.ප. නම් විනාශ වෙන්න දෙන්න එපා. (බ)
සුදේශ්, මා ළඟ බොරු නැහැ. බය නැතුවම මම අවංකවම මහින්දට ආදරේ.ඔහු නියම නායකයෙක්. ඒ මගේ මතය. (බ)
මොන මලකින් ආවත් කමක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරන්න බැහැ. හිටපු ජනපතිට ජය වේවා.(හේ)
විකල්පයක් උදෙසා කල්පයක් (කෞ)