කැනියොන් හා ලක්ෂපාන ජලාශ පිටාර මට්ටමට ළඟාවීමත් සමග එක් වාන් දොරටුවක් බැගින් විවෘත කළ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කඳුකර පෙදෙස් වලට තවමත් මහ වැසි ඇදහැලෙමින් පවතින බැවින් නාය යාම් ඇතිවීමේ අවධානමක් ද හටගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ අධික වැසි පවතින පෙදෙස්වවල පදිංචිකරුවන් නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.
කඳුකරයට හා බස්නාහිර පළාත ඇතුළු මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම් ප්‍රදේශයට මහ වැසි ඇති වුව ද නියඟය බලපවත්නා දිස්ත්‍රික්ක 14 ක ලක්ෂ 12ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ හැත්තෑ දෙකක ජල මට්ටම සියයට 16ට වඩා අඩු මට්ටමක පත්ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවයි. ජලය නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් 473,125ක් එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොටට සහ රටේ අනිත් නගරවලට වගේ තමා එ්කත් (නදී)
ඔය වැව් ටික ඉක්මනින් හාරා ප්‍රතිසංස්කරණය කරලා දුන්නොත් පින්.(නදී)
එක දවසයි වැස්සේ පිටාර මට්ටමට ඇවිල්ල. මේක වැවක්ද බේසමක්ද? (නදී)
මේයින් පෙනී යන්නේ අපේ රටේ යහපත් ජාලකලමනාකරණයක් නැති බවයි. හරියට වෙනවා නම්, වාන් දොරටු වලින් පිටවන ජලය, ඉඩෝරය තියන පැති වලට යවන්න පුළුවන් ක්‍රම නිර්මාණය කරන්න රජය දන ගන්න ඕනේ, පාරවල් විතරක් හද හද ඉන්නේ නැතුව. (නදී)
බස්නාහිරට නං ඇති වෙන්න වැස්සා (නදී)