ඕමන්තේ යුද හමුදා කඳවුර ඉවත් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී බ්‍රිගේඩියර්වරයා ප්‍රකාශ කළේ කඳවුර ආශ්රිත ප්‍රදේශයේ තිබූ ඉඩම් කිහිපයක් පමණක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බාර දුන් බවයි.
එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් සිටී නම් නීත්‍යනුකූලව එම ඉඩම් මුදා හැරීම සඳහා එලෙස බාර දුන් බවත්, ඕමන්ත යුද හමුදා කඳවුර එලෙසින්ම තවදුරටත් තිබෙන බවත් බ්‍රිගේඩියර් සෙනවිරත්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන්ගැන්ම ඔහොම තමා. ටිකෙන් ටික දියාරු කරගෙන යනකොට ජනතාවට වසන් කරන්න ලෙහෙසියිනේ (නි)
සිරි, ඔබගේ ප්‍රකාශය ඉතාම නිවැරදිය. (නි)
මම නම් මේවට මොකුත්ම කියන්න යන්නෙ නැහැ (නි)
මිනිසුනේ, දැන්වත් කල්පනා කරලා තීරණයක් ගනිමු. නැත්නම් එකිනෙකට බැන බැන ඉන්නවත් අපිට රටක් ඉතුරුවෙන්නේ නැහැ (නි)
දුන්නේ නැති උනාට අරගෙන කියල තමයි අපට හිතෙන්නේ . උතුරු පළාත් සභාව බරට වැඩ .(ම)
කුලසේකර, ඔබගේ ඉඩම් කෑල්ලෙන් අඟලක් ගියොත් කොච්චර කලබලවේද? රජයේ ඉඩම් හැර සියලුම දේ හිමිකරුවන්ට ලැබිය යුතුවේ (නි)
ඉඩම් නිදහස් කරපු තීරණය හරි. මොකද උතුරේ අලුත් පරම්පරාවට යුද්ධයේ නටඹුන් දකින්න ඉතුරු කළයුතු නැහැ. රජය කළයුත්තේ බුද්ධි අංශ ශක්තිමත් කර නිරන්තර සෝදිසියෙන් සිටීමයි. මේක උතුරට වගේම දකුණටත් එසේම වියයුතුයි (නි)