යතුරු පැදියකින් ආ දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් නෙළුව දෙල්ලව මියනවතුරේ ඉඩම් හිමි වැවිලිකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි නෙළුව පොලිසිය කියයි. මියගිය පී.ජී. සුනිල් නමැති අයගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි. ඉඩම් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවත් වෙඩි තැබූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශයේ පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. තුවාලකරු මාතර රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරවෙලත් නෙළුව කියල හරියක් තියනවා. (නදී)
දැන් ඉතින් ඉඩම් ආරවුල විසදෙයිද මේ වැඩෙන්?(නදී)
අනේ දෙයියනේ මේ මිනිසුන්ට මේවා නීතියෙන් සාමයෙන් සමාදානයෙන් විසඳා ගන්න බැරි ඇයි ?මිනි මරා ගන්නේ නැතිව. (බ)