මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය දිගු කලක සිට පැවතෙන්නක් බවත් නව ඉංජිනේරුවන් වෙනත් පෞද්ගලික අංශවල රැකියාවලට යොමුවන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී අද (28) පැවසීය.

‘වැඩි වැටුප්වලට එවැනි රැකියාවලට යොමුවීම මිනිස් ස්වභාවයයි. නමුත් එවැනි වරප්‍රසාද ගැන නොසිතා අඩු පහසුකම් හා අඩු වරප්‍රසාද මත වැඩකරන ඉංජිනේරුවරුන්ට මම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා‘ යැයි ද ජනපති කීය.

කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ දී සමුළුව පැවැත්විණි.

GLA_5938 GLA_5956 GLA_5960