පසුගිය රජයෙන් පොරොන්දුවූ බව කියන රුපියල් 15,000ක වෘත්තීය දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය හා මහජනතාව දැනුම්වත් කිරීමේ උද්ඝෝෂණ පාගමනක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අද (2) පැවැත්වීය.
කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ඇරඹි පාගමන බෞද්ධාලෝක මාවත හරහා පැමිණ අගමැති කාර්යාලය අසලට ගමන් කෙරිණි.
එහිදී ඔවුන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර නියෝජිතයන් 6 දෙනකුට අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා කැඳවිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා විරහිත අයට දෙන දීමනාවනම් ලබාදෙන එකේ වරදක් නැහැ. සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීම ඕනෑම රජයක වගකීමක්. (නි)
අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග යැවීම නතර කරන්න. දැනටමත් ඉන්දියාව එසේ යවන්නේ නැත. මැදපෙරදිග කාන්තාවන් යැවීම නතර කළොත් රටේ විදේශ විනිමය හිඟයක් ඇතිවිය හැක. මේ නිසා කිසිදු කෙනෙකු වැඩි පඩි ඉල්ලා හෝ අනෙකුත් වරදාන ඉල්ලා උද්ඝෝෂණ කිරීම වැරදිය. රටේ දුප්පත් කාන්තාවන් බේරාගැනීමට මේ වෘත්තිකයන් පෙරට ආ යුතුය. (නි)
මම ව්‍යාපාරිකයෙක්. මම රජයට ආදායම් බදු ගෙවන්නෙක්. අපෙන් සල්ලි අරගෙන මේ අයට උගන්වන්නේ. මේගොල්ලෝ ඒ මුදල් කවදාහරි රස්සාවක් කරනකොට ආපසු රජයට ගෙවියයුතු නොවේද? ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අපෙන් බදු අයකිරීම සාධාරණද? විදේශ රටවල මා දන්නා තරමින් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නට රැකියා කරන කාලයේදී ඒ මුදල් නැවතත් රජයට ගෙවිය යුතුය. (නි)
විවේචනය කරන අය ඉන්ජිනේරුවන්ගෙන් රටට වෙන සේවය ගැන මොහොතක් වත් හිතන්න ඕනි. සුදුස්සන්ට සුදුසු දේවල් ලැබෙන්න ඕනි නේද. (ර)
නිදහස් අද්‍යාපනය සියලු දෙනාටම පොදු දෙයකි නමුත් ඉහල ලකුණු ගැනීම ඉතා දුෂ්කරය ඉංජිනේරුවන් හෝ වෛද්‍යවරුන් නිදහස් අද්‍යාපනය නාස්ති කර නොමෙත. දේශපාලුවන් නිදහස් අධ්‍යාපනය නාස්ති කර ඉගෙන නොගත් නමුත් ජනතාව ඔවූන් වෙත ඡන්දය ලබාදී ඔවූන්ට රටේ වැදගත් තීරණ ගැනීමට දී බලා සිටිති. මෙය තේරුම් ගැනීමට තව වසර 50 වත් ගතවේ. (ර)
අමරානන්ද මහතා පාසල් ගිහින් නෑ වගේ (බ)
ඉතාමත් අඩු වැටුපකට රජයේ සේවය කරන ඉංජිනේරුවන්ට පුද්ගලික අංශයට සමාන වැටුපක් ගෙවිය යුතුයි. එසේ නැත්නම් නම් ඔවුන් රට හැරයෑම වැළැක්විය නොහැකි වන අතර රාජ්‍ය සේවයට බඳවා ගැනීමද අපහසු වේ. මෙය පරිපාලකයන්ට තවමත් තේරුම් ගැනීමට නොහැකිවීම අවාසනාවකි. (නි)
ඔය ඉංජිනේරුවන්ට පඩි වැඩි කරන්න ඕනේ නැ.මොකද ඕනෑතරම් ප්‍රයිවට් වැඩ කරලා ගාන කඩාගන්නවා අනික පහුගිය සහා වර්තමාන ආණ්ඩුවෙනුත් ඔය ව්‍යාපෘති පාස් කරන්න ලොකු ලොකු කොමිස් ගහගත්තා (බ)
මේ රජය නොයෙකුත් බාදක මැද්දේ වැඩ පටන්ගත්ත පමණක් නිසා කව්රුකව්රුත් ටිකක් ඉවසිල්ලෙන් සිටියොත් නරකද පෙර රජය සමහරුන්ට පඩි ආධිය වැඩි කලෙත් නොයෙකුත් පොරෝන්දු දුන්නෙත් අන්තිමේදී මැතිවරණ ගුණ්ඩු ලෙස නොව්ද?(රේ)
රැකියා විරහිත තරුණ තරුණියන්ට පොරොන්දු වුණු රුපියල් 5000 දීමනාව වහාම ලබා දෙන්න. මේගොල්ලෝ ඉල්ලන වැඩි පඩි වලට කලින් කිසිම පඩියක් නැති රැකියා විරහිත තරුණ තරුණියෝ ගෙන බලන්න. රැකියා විරහිත තරුණ තරුණියන්ට 10000ක වත් දීමනාවක් ලබා දෙන්න. (බ)
ඉංජිනේරුවන් කරන්නේ නිහඩ සේවයක්. රජයකට ඔවුන් ගැන අවතසේරු කරන්න බෑ. මන් දන්නා තරමින් පුද්ගලික අංශයේ ඉහල වැටුප් හා වරප්‍රසාද සහිතව ඔවුන්ට ඉහල ඉල්ලුමක් තියෙනවා. (ර)