වත්මන් වාරි ඉංජිනේරුවකුට සමාන දැනුමක් ඇති අපේ ඇතැම් පැරණි ගොවියන්ගේ දැනුම අත්දැකීම් හා පරිනත බව කිසි විටෙක බැහර නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති ඩිප්ලෝමාධාරි ඉංජිනේරු සහකාරවරුන්ගේ සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවයේ දී කිවේය.
ශ්‍රි ලංකා වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ගල්ගමුව වාරි අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමාධාරි ඉංජිනේරු සහකාරවරුන්ගේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (07) පැවැත්විණි.
වාරි දෙපාර්තමේන්තුවේ වසර 30 කට අධික කාලයක් සේවය කළ අය ජනාධිපති අතින් “දිර්ඝ සේවා” තිළිණ සම්මාන ලදහ.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.රත්නායක හා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අබ්දුල් මජීඩ් යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
(ජායාරූප හා විඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියෝ නෙමෙයි වාරි කර්මාන්ත කලේ . වාරි කර්මාන්ත ගොවියෝ කලානම් කුබුරු වැඩ කරන්නේ වෙල් විදානේද ?(හේ)
ඉංජිනේරුවන්ට බොහෝ දේශපාලඥයින්ට වඩා හොඳ දැනීමක් නම් තිබෙන බව පේනවා. (නි)
යථාර්ථය බැලුවොත්, මුළුමහත් නවීන ශිෂ්ටාචාරය රඳා පවතින්නේ ඉංජිනේරුවාගේ දැනුම මත. (නි)
ගොවීන්ගේ දැනුම ඉංජිනේරු දැනුමට සමාන කළ නොහැක.(හේ)
අනේ අපි නම් ඕවා ගැන මොකුත් කියන්න යන්නේ නැහැ (නි)
නිර්මාණයක අදහස, ඉදිරිපත් කිරීම, මෙහෙයවීම සහ පුහුණු හෝ නුපුහුණු ශ්‍රමය ලබාදීම විවිධ අංශ වලින් කෙරෙනු ඇත. එහි ගෞරවයේ අයිතිය නිර්මාණ ඉංජිනේරුවාගේ පටන් කම්කරුවා දක්වා එක් එක් මට්ටම් වලින් ලැබිය යුතුවේ. මෙහිදී කිසිම දායකයෙක් අවතක්සේරු කළයුතු නොමැත. (නි)
ඔබතුමාත් ගොවි රජකේනේ (නි)
විශ්ව විද්‍යාල නොතිබුනාට කාටද කියන්න පුළුවන් ඒ කාලේ ඉංජිනේරුවරු හිටියේ නැහැ කියලා? උපාධි නොලත් බුද්දිමත් ඉංජිනේරුවරු ඉඳලා තියනවා. එහෙම නැත්නම් මේ වගේ හිතාගන්නවත් බැරි නිර්මාණ බිහිවුණේ කොහොමද? ගොවියන් සහ බාස් උන්නැහේලගේ දැනුමම පමණක්ම නොවේ. මීට ඉහතදීත් ඉංජිනේරුවෝ ඕනෑ නැහැ බාස් හිටියම ඇති කියන කතාව අපි එක්තරා නායකයෙකුගෙන් අසා තිබෙනවා. ඒකම අපි අපේ ජනපතිතුමාගෙන් අසාගන්න කැමති නැහැ. (නි)
ඒ දැනුමින් ප්‍රයෝජන නොගන්න එකනේ වැරැද්ද (නි)
ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
ජල සම්පත්,ගොවිබිම් බහු ජාතික සමාගම් වෙත පවරන පනත් සම්මත කිරීමට වළිකමින්, ගොවි සහනාධාර කපමින්, අස්වැන්න හූරාකෑමට ඉඩසළසමින් ගොවීන්ට වහබීමට වාතාවරණය සළස්වන මෙවන් රටක ගොවියන් ගැන තවත් කුමන වර්ණනාද? (නි)
ඒ වගේම සමහර දේශපාලකයන්ට වඩා දැනුමක් ගමේ මරණාධාර සමිතියේ නිල මඬුල්ලට තිබෙනවා (නි)
තමන්ට ගැළපෙන, දැනුමට සරිලන රස්සා නැති රටක ඉංජිනේරුවන් වන අපිද ලැබෙන රස්සාවක් වඩාත් ඉහළින් කරගෙන ඉන්නවා. (නි)
අගේ ඇති කතාව. (ර)
ඕනෑම කෙනෙක්ට අඩු වැඩි වශයෙන් ඉංජිනේරු දැනුම තියනවා. එහෙම වෙන්නේ අපේ හැම කටයුත්තකටම ඉංජිනේරු දැනුම අඩු වැඩි වශයෙන් යෙදෙන නිසා. කොහොම වුණත් වෘත්තීය ඉංජිනේරුවෙකු අගය කළ යුතු චරිතයක්. (ම)
අනිවාර්යෙන්ම, කවුරුවත් අමනාප වෙන්න එපා උපාධි තිබිලා නෙවෙයිනේ බිසෝ කොටුව වගේ නිර්මාණයක් කරේ අපේ ගොවියෝ. (ර)
වාරිමාර්ග ඉංජිනේරුවන් උගත් ගොවියන් ලෙස සිතුවොත් දේශපාලනඥයන් මේ වාගේ අදහස් පළ කරන්නේ නෑ. මට පුදුමයි වාරි ඉංජිනේුවන් ඇත්තටම එයාලගේ නිෂ්පාදන වසරකට එක වරක් හෝ පාවිච්චි කරනවද කියලා (බ)
කලාකාමී සැබෑ නායකයකු කොතරම් ශ්‍රේෂ්ටද? අහෝ කොතරම් දක්ශතා ඇති මල්ටි ටැලන්ටඩ් නායකයෙක්ද? අප කෙතරම් වාසනාවන්තද? මෛත්‍රී මැතිදුනි ඔබ අපට සැබවින්ම රජෙක්. දෙවියන් වහන්සේට ස්තූති වේවා.! (ර)
හොඳ කතාවක්. (ර)
ඒ වුනාට ඉතින් අදකාලේ ඉංජිනේරු මහත්තුරු වගේ කාර් පර්මිට් දෙන්නේ නැති වුනාම වැඩ වර්ජන කරන්න දැනුමක් තිබුනේ නැහැනේ අපේ පාරම්පරික ගොවියොන්ට? (ර)
ඇත්ත ජනාධිපතිතුමනි. (ර)
කතාව ඇත්ත.ඔබ තුමා සැබෑ ජන නායකයෙක්.(ම)
ඔබේ කතාව අගය කරමි. (ර)
රුවන් වැකි. (ර)
එක ඇත්ත. මේ දැනුම නැත්තේ දේහපාලකයන්ට' (ම)
ජේ ආර්ගේ කාලේ මාපාකඩ අන්තර් නිම්න ඇල ගොවීන් ලවා හදන්න ගොස් ඇනගත්තා. ඒ කතාව ඇත්ත නම් ඉංජිනේරුවන් පුහුණු කරන්නේ අපරාදේ. ජලාශ, ඇනිකට් හා ඇලවල් සැලසුම් කිරීම හා සැදීම ගොවීන්ට බාරදී ඒ සඳහා යන මුදල් ඉතුරු කරන්න පුළුවන්. මන් හිතන්නේ මුන්ගේ මොලේ විකල් වෙලා (අ)
දැනුම නැත්තේ දේශපාලකයන්ට පමණි. (ර)
ඉංජිනේරුවරුන් ගැන ඔහොම කිව්වට කමක් නෑ. හැබැයි බැරිවෙලාවත් දොස්තරලට සමාන දැනුමක් ගමේ වෙද මහත්තයාට තියෙනවා කිව්වා නම් අද රෑම ස්ට්‍රයික් කරනවා. (ර)
ජොනී, දවසේ වැකිය! (නි)
ජොනී, බටහිර වෛද්‍යවරුන්ට සුව කරන්ට බැරි වුන ලෙඞ රෝග අපේ හෙළ වෙදකමින් සුව කර ඇති බව දන්නෝ දනිති. (අ)
අපොයි ඔව්. පොදු ජනතාවට නම් හොඳින් යමක් කමක් තේරෙනවා (නි)
හොඳ කතාවක් (නි)
ජයා මහත්තයෝ, බිසෝ කොටුව හදපු කාලේ ලංකාවේ විශ්ව විද්‍යාල තිබුනේ නැහැනේ, අනික කොහෙද ලියලා තියෙන්නේ බිසෝ කොටුව හැදුවේ ඒ කාලේ හිටපු ගොවියෙක් කියලා? (බ)
ගොඩක් අය බලන්නේ ඉංජිනියර්ස්ලා පහත් කරන්න ඒ අයට එතෙන්ට එන්ට බැරිවුන නිසා. (බ)
හරියටම හරි විජේ. ලංකාවේ වැඩ ගොවියන්ට කරගන්න පුළුවන් නිසානේ ඉංජිනේරුවෝ රට හැර යන්නේ. (නි)
එහෙමනම් ඉතින් දොස්තරගේ වැඩේ කොන්දොස්තරත් කරාවී. (නි)
ඉංජිනේරුවන්ටත් වැඩිය දැනුමක් බාසුන්නැහැලට තිබෙනවා කියලත් ඉස්සර කෙනෙක් කිවුවා මට මතකයි. (නි)
මේ කතා ගැන අපි මොනවා කියන්නද? (නි)
ඉංජිනේරු දැනුම එකතුවෙන්න පටන්ගත්තේ අවුරුදු දහස් ගණනකට කලින් වැඩකළ ගොවියන්ගෙන්, කම්කරුවන්ගේ සහ වහලුන්ගෙන් බව ඇත්තක්. නමුත් අද කාලේ ඉංජිනේරුවෙක්ගේ දැනුම ගැන මට අනුකම්පා හිතෙනවා (නි)
සහතික ඇත්ත (නි)
වත්මන් ඉංජිනේරුවන් ගැන කතාකරලා තියෙන්නෙ එතුම හොඳට දන්න කෙනෙක් ගැන හිතලා වෙන්න ඇති. (නි)
ගොවියන් කරන්නේ තම තමන්ගේ වපසරියේ ජල කළමනාකාරිත්වය පමණි. තමා නිසා ඊළඟ ලියැද්දට ජලය විහිදීමේ අසාධාරනයක් වේදෝ කියලා ඔවුන් හිතන්නේ නැහැනේ. ඒ කාලේ හිටපු වෙල් විදානේ ප්‍රමුඛ බුද්ධිමත් නිලනොලත් ඉංජිනේරුවන් සියලු ගොවියන්ගේ පොදු වාරිමාර්ග කළමනාකරණයකොට ජල අවශ්‍යතාවය ගැටුමකින් තොරව සැමටම ලබා දෙන්න ඇති. ඒකතමයි ගොවියා හෝ බාස් හෝ ඉංජිනේරුවා අතර වෙනස. (නි)
හැම ගොවියාටම නෙමෙයි, සමහර ගොවියන්ට දැනුමක් තිබෙනවා. මොන හේතුවකින් හරි ඒ අයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරිවෙලා. අපේ රටේ වාරිමාර්ග ක්‍රමය දියුණුයි. නමුත් කවුරුවත් දන්නේ නැහැ ඒ තාක්ෂණය අපිට ලැබුනේ කොහොමද කියලා. සමහරවිට පාසල් නොතිබුනාට මේ බුද්ධිමත් කොටස මොනවාහරි විදිහකට ඉගෙනගන්න ඇති. හැබැයි අපිට ඒකෙන් නිගමනයකට එන්න බැහැ නේද ගොවියට ඉංජිනේරුවකුට සමාන දැනුමක් තියෙනවා කියලා. (නි)
ඒ කාලේ සිදුකර ඇති විශ්වකර්ම වැඩදෙස බලද්දී එය ඇත්තක් යැයි සිතෙනවා (නි)
අගේ ගොවියන්ගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්නවා නම් හොඳයිනේ ඉතින් (නි)
නියම කතාව! (නි)
දැන්නේ තේරුනේ අපිට (නි)
කතාවේ හැටියට වැඩත් තිබෙන්න ඕනෑ (නි)
ගොවියෝ වාරිමාර්ග හැදුවේ නැහැ. ඒවා කළේ ඒ සම්බන්ධව දැනුමක් තිබුනු සුවිශේෂී පුද්ගලයන් විසින්. (නි)