පානදුර දිසා විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මියට පසුගිය දහ වැනිදා පැපිලියාන හන්දියේදී බැන මරණ තර්ජන කළ ඉංජිනේරුවරයෙක් නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉදිරියේ වැඳ දිසා විනිසුරුවරියගෙන් සමාව ගත්තේය.
වැලිකඩ රාජගිරියේ දිලින සමීර හෙට්ටිආරච්චි මෙම ඉංජිනේරුවාය.
ඉංජිනේරුවරයා දිසා විනිසුරුවරියට බැන වැදී ඇත්තේ ඇය පැදවු රිය ඔහුගේ රියේ හැපුණා නම් කරන දේ බලාගත හැකි බවට මරණ තර්ජනද එල්ල කරමිනි.
ඉංජිනේරුවරයා දිසා විනිසුරුගෙන් සමාව ගැනීම නිසා ඔහු නිදහස් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඒ නිසා තමයි කියන්නේ මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න කියලා (දී)
කුමාර අහල තියෙන්නේ ඉතා හොද ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් අදහස් පලකරනවානම් ඉතා වැදගත් (දී)
අද අපේ රටේ කටත් උවමනා වෙලා තියෙන්නේ තමන් දරන නිලය නිසා තමන්ට රටේ නීතියට අතට අරගෙන වැඩ කරන්න පුළුවන් කියල ඉතාමත් පසුගාමී සමාජ ක්‍රමයකට අපි තල්ලු වෙමින් ඉන්නවා. (දී)
මෙතන වැරදි ලෙස රිය පදවා ඇත්තේ කව්රුද යන්න පැහැදිළි වෙනවා. තනතුරු රාජකාරී අවස්තාව මිසක් වාහනය පදවනවිට රියදුරෙක්.සමාව ගත යුත්තේ වැරදි කරුයි.ඉංජිනේරුවෙක් නිසා ඔයින් බේරුනා.අපිවගේ කෙනෙක් නම් ඇපත් නැහැ.(දිල්)
එතකොට චූදිතයා දිසා විනිසුරුනම් ඇය ඉන්ංජිනේරුවරයාට වැඳ සමාව ගත යුතුද? නීතිය කාටත් සමානනම් එසේ විය යුතුයි. ඉංජිනේරුවරයා මමනම් හිරේ ඉඳලා එනවා මිසක් එක එක්කෙනා ඉදිරියේ වැඳ වටෙන්නේ නෑ. සමාව ගැනීමට නම් සමාව ඉල්ලන බව ප්‍රකාශ කොට අතට අත දීම හෝ ආචාර කිරීම හෝ ප්‍රමානවත්නේ. වැඳ වැටෙන්නේ මොකටද? (දී)
ඉතා හික්මීමක් ඇති දකුණු ආසියාවේ හොඳම මොල කරුවෙකුට සිදු වූ දේ ඉතාමත් කණගාටුදායකයි.(නදී)
'' වරදක් කළා කියල පිළිගන්නවානම් '' මල් තියල වැදලා සමාව ගත්තත් කමක් නැහැ .කතාවේ හැටියට කාර් එක හැප්පුනනම් අර යකඩ ගොඩ වෙනුවෙන් මිනී මැරුමක් හරි කරන්න තරම් දරුණු හිතක් තියෙන කෙනෙක් නිසා .(දී)
විනිසුරු තුමා/තුමියට අපහාස කිරීම නීතියට අපහාස කළා හා සමානය, මම නොවෙයි කියන්නේ නීති පොතයි (දී)
සමාව නොගත්තොත් හිරේ යන්න වෙනවද? (නදී)
මේකෙ අනික් පැත්ත සිදු උනොත් සාධාරණය ඉටු කරගන්න ප්‍රායෝගික ක්‍රමයක් අපේ රටේ නීති පද්ධතිය තුල තියෙනවද ?(නදී)
කුමාර අහලා තියන ප්‍රශ්නය මටත් තියනවා.(නදී)
එතකොට විනිසුරුවරු රටේ නීතියට යටත් නැද්ද ? එයාලට බලපාන වෙනම නීතියක් තියනවද ? (දී)
පුවත අනුව නම් ඉල්ලන් කෑමක්නේ වෙලා තියෙන්නේ.(නදී)
මේ ඉංජිනේරුවා පේරාදෙණියේ වෙන්න නම් බැහැ. (නදී)
කුමාරගේ ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රස්නයක්.(නදී)
මරණ තර්ජන කළ කියන එක පිළිගන්න බැහැ අපි කොහොමද මහා පාරේදී විනිසුරන් හඳුනා ගන්නේ ? (දිල්)
වාහන රක්ෂණ ක්‍රමවේදයන් ගැන මේ ඉන්ජිනේරුවා අහල නැ වගේ. අධ්‍යාපනේ වැරැද්ද. (දී)
මේ කතාවෙන් පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. උගත් හා පොහොසත් කියල කියන මිනිසුන් තමන්ගේ තත්වය රකින ප්‍රධාන සංකේතයක් වන මෝටර් රථයට තමන්ගේ අම්මට, බිරිඳට හෝ දරුවන්ටත් වඩා ආදරේ බවයි. මේ යකඩ ගොඩත් අපේ කුණු කයවල් වගේ දිනක දිරා යන බව නොදැන වගේ තමයි මේ අය හැසිරෙන්නේ. (දී)
අධ්‍යාපනය සහ තනතුරු මගින් මිනිසුන්ගේ හික්මීම වැඩි කරනවා. එත් දැන් ඉන්න සියලු ඉහල නිලධාරීන්ගේ නම් අධ්‍යාපනය සමග වැඩිවන්නේ මාන්නයයි . (දී)
මම නම් වරදක් දකින්නේ නැහැ , නීතියට අපි ගරු කරන්න ඕනේ (දී)
විනිසුරුවරිය කිසිම විටෙක මෙවන් දෙයක් කරයිද යන ප්‍රශ්නය ඕනෑම කෙනෙකුගේ සිතෙහි උපදිනු ඇත (දී)
නීතියට අනුව මෙම සිද්ධිය විනිසුරු -ඉංජිනේරු ගැටුමක් නොව රියදුරන් දෙදෙනෙකු අතර සිදු වී ඇති ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුයි . (නදී)
හොද වැඩේ ගොඩක් ඉංජිනේරු කට්ටිය හිතන් ඉන්නේ ලෝකෙට ලොක්කෝ කියල. (දී)