පේරාදෙණිය සරසවිෙය් ඉංජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්‍යයකු බැංකු කැඩීම ඇතුළු සෙරකම් රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු ලඟ තිබී රුපියල් ලක්ෂ හයක් ලක්ෂ 10 ක රන් ආභරණ සහ තවත් හොරබඩු ද සොයාගත් බව පොලීසි කියයි. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට පොලීසියක් ඕනි වෙන්නේ නෑ.. උඩ ප්‍රතිචාර දාපු මිනිස්සු දන්නවනේ හොරකං පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. (අ)
මොහුගේ ඉංජිනේරු දෙනුම උපයෝගී කරගෙන බැංකු කඩලා තියෙන්නේ මම හිතන්නේ. මොහුව හොඳ වැඩක් කරන පැත්තකට යොමු කළා නම් රටට හිතකර පුරවැසියෙක් කර ගන්න පුළුවන් (නි)
ඉංජිනේරු සිසුවෙක් වීමට එතරම් පහසු නැහැ. බොහෝ විට විශ්ව විද්‍යාලයේ ඉන්න කොට සිසුනට මානසික විකෘතී තත්ත්ව ඇති වෙනවා. කරුණාකර ඔහුගේ පසුබිම බලා ක්‍රියා කරන්න. ඔහු රටට අවශ්‍ය උගතෙක් විය හැකියි (නි)
අනේ මෝඩ කොල්ලා , දැන් ඉතින් අනාගතේම ඉවරයි නේද ? (නි)
ඉතින් හරිනේ. ඉගෙන ගන්න දේ අපතේ යවන්නේ නැතුව ප්‍රැක්ටිස් කරනවා. මහා තැන්වල ලොක්කෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලලා එයාලටත් ගාන කැපුවා නම් කාලයක් ඇදගෙන යන්න තිබුනනේ. ඔය වගේ අයව හරි හැටි පුනරුත්තාපනය නොකලොත් ඉතින් සොරිම තමා. (නි)
හෙට එහෙනම් පේරාදෙනියෙ බොඩ් එල්ලගෙන පාරවල් වහගෙන කට්ටිය කෑ අහයි අර අන්තරේ අයත් එක්ක මේකත් කුමන්ත්‍රනයක් කියලා (නි)
ජම්මට වඩා පුරුද්ද ලොකුයිනේ. ඕවට බැනලා වැඩක් නැහැ. (නි)
අනේ මන්දා, ආරේ ගතිද කියලා ?? (නි)
අම්මෝ! කරන වැඩ දැක්කම නම් ගේකට වැද්ද ගන්න හොද අය නෙමෙයි (නි)
මේක හසුනොවී මෙහෙම දිගටම ගිහිල්ලා ඉංජිනේරුවෙක් විදියට රස්සාවකුත් ලැබුණා නම් මොනවැයින් මොනවා වෙයිද? (නි)
අද සමාජයේ තිබෙන පිරිහීම තමා මෙයින් පෙනෙන්නේ. (නි)
ෂුවර් එකට අන්තරේ ප්‍රධාන සාමාජිකයෙක් වෙන්න ඇති. (නි)
පව් මේ කොල්ලා අරගොල්ලන්ගේ අරමුදල් තර කරන්න හොරකන් කළාද කව්ද දන්නේ? (නි)
ඉංජිනේරු පීඨයෙන් එලියට ආවට පස්සේ රජයේ රැකියාවල් කරමින් මෙයට වඩා මජන මුදල් ගසා කන අය නම් ඕන තරම් ඉන්නවා ජ(අ)
විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවෙක් වීමේ උපරිම සුදුසුකම් සපුරලා තියෙනවා. (නි)
ඉරිදටත් උසාවි වැඩද? හොදයිනේ (නි)
ඉන්ජිනේරුවා ඉන්ජිනේරු වැඩක් අත්හදා බලලා. ඕක මොකද්ද දේශපාලුවෝ එළිපිටම හොරකම් කරද්දී? (නි)
ආ...ආ ....මේක අලුත් ප්‍රැක්ටිකල් එකක්. (නි)
අනේ මෙයාව විදුලි බල මණ්ඩලේ ලොකු නිලයකට පත් කරන්නකෝ (නි)