
(සුජිත් හේවාජුලිගේ)
පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වූ වවුනියාව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීනියක එම වැඩසටහන නිමවීමෙන් පසු සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ඇය මෙසේ සේවයට වාර්තා කර නැතත් රුපියල් දෙකෝටියකට වැඩි බැඳුම්කර වටිනාකම අැයගෙන් අය කර ගැනීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරය පියවර ගෙන නැතැයිද එම වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වා ඇති විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ හිග ශේෂය තවදුරටත් නොගෙවන්නේ නම් අැයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
රුපියල් ලක්ෂ හතළිහක පමණ මුදලක් අැය දැනට ගෙවා ඇති අතර තවත් රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගැනීමට නියමිත බවද පාලනාධිකාරිය පවසයි
මේ අනුව ගෙවිය යුතු මුදල් නියමිත පරිදි අය කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයෙක් ඉගෙන ගන්න රට යනවා නම් ඒ යන්නේ ඇප ගිවිසුමක් අත්සන් කරලා. එතකොට ආපහු ආවේ නැත්නම් ඒ ගිවිසුම අනුව අදාළ මුදල ගෙවන්න වෙනවා. ඒක ආ මෙයා ආවේ නෑ, පහුවෙනිදා කොහෙන් හරි සල්ලි ලැබෙනවා කියලා එකක් නෑනේ. ඕවට නඩු දාන්න වෙනවා. ඇයි මේවා පත්තරේ නොදා හුදෙක්, සල්ලි අයකරගෙන නෑ කියන්නේ? නඩු දාලා නම් ඇයි ඒ ගැන කියන්නෙ නැත්තේ?
කල් ඇතිව දැනුම් දීලා ඉවත් වෙලා යන්න පුළුවන් කම තියෙද්දී පැදුරටත් නොකිය පැනලා යන එක මහා නින්දිත වැඩක්, මෙහෙම ක්‍රම අමාරුවේ වැටෙන්නේ අසරණ සිසුන් තව කෙනෙකුට අධ්‍යාපනය දීලා මෙම පුරප්පාඩු පියවන්න කාලයක් ගතවෙන නිසා... රජයේ මුදල් යනු පොදු දේපළකි. පොදු දේපල පනත යටතේ මේ ගොල්ලන්ට දඩුවම් කරන්න බැරිද? වියදම් කළ මුදල මෙන් තුන්ගුනයක දඩයක් ගෙවන්න වෙන ලෙස නීති සම්පාදනය කරන්න. එහෙම කලොත් අනෙක් ආචාර්ය මහාචාර්ය වරුත් මේ වැරැද්දම කරන එක නතර වේවි...