
(අංජුල මහික වීරරත්න)
රටේ පවතින දැඩි සේවා අවශ්‍යතාව මත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 183 දෙනෙකු බඳවා ගත් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.
මේ වන විට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ද ලබා දී දිවයින පුරා පිහිටි සේවා ස්ථාන වෙත අනුයුක්ත කර ඇති බව අමාත්‍යවරයා කීය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් පත් කළ කමිටුවේ නිර්දේශ මත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින පුරප්පාඩු 299 පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පුරප්පාඩුවලින් විවෘත පදනම මත ඉංජිනේරුවන් 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය 2025 මාර්තු 15 වන දින පවත්වන ලද බව අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1916
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1527
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉංජිනේරු III ශ්‍රේණියට නිලධාරී 183ක්