නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එම ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.7 ක අගයක භූකම්පනයක් ඇතිවී ඇතැයි කියති.
භූකම්පනයේ බලපෑම දකුණු ආසියාවේ ඉන්දියාව හා පාකිස්තානය යන රටවලටද ඇතිවී ඇතැයි වාර්තාවේ.
අද (26) පෙරවරුවේ ඇතිවූ භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය දැඩි සෙලවීමකට ලක්ව ඇතැයිද එම තත්ත්වය ඉන්දියාවේ නවදිල්ලි නුවරට හා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරටද බලපා ඇත.
භූකම්පනයේ බලපෑමෙන් ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසලක 12 දෙනකු මිය ගොස් ඇතැයි නිල නොලත් ආරංචි කියයි. සිදුවූ හානිය හා ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි විදෙස් පුවත් සේවා කියයි.
(ඉන්දියාවේ නවදිල්ලි නුවර භූකම්පනය - ඡායාරූපය ‘ද හින්දු‘ වෙබ් අඩවියෙනි)
(ඡායාරූප - ඩේලිමේල්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔක්කොම මේ සිදුවීම ගැන දුක්වෙන්න ඕනෑ.අපි කොහොමද සතුටුවෙන්නේ අපේ අසල්වැසි රටවල් වලට මෙහෙම වෙනකොට? (නි)
පව් අසරණ ජනතාව. මේ මිනිස්සුන්ට කොහෙන්වත් සහනයක් නැහැ. සියලු සත්වයෝ සුවපත්වෙවා.! (ර)
පව් අසරණ මිනිස්සු! මේ වෙලාවේ මට මතක්වෙන්නේ බාමියන් බුද්ධ ප්‍රතිමා (නි)
ඇෆ්ගනිස්ථානයට ඔහෝම වෙලා මදි (බ)
අමිල, කිසිම අවස්ථාවක විපතට පත් අයෙකුට ඔහොම කියන්න එපා. අපේ රටේත් සමහරු විවිධ අවැඩ කළා. ඒ වෙනුවෙන් ඔබවත් මාවත් කොන් කළොත් අප කොතරම් අසරණ වෙනවද? (නි)
අනේ ජිවිත හනිනම් වෙන්න එපා. (ර)