උතුරු ඇෆ්ගනිස්තානයේ සිදු වූ නායයෑමකින් 350ක් මිය ගොස් 2500ක් පමණ අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නායයෑම් සිදුවන්නට ඇති බවත්, ආපදාවට පත්වූවවන් මුදවාගැනීම සඳහා සහන සේවකයන් යොදවා ඇති බවත් ඇෆ්ගනිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.
ඉන් වැඩි හානියක් සිදු වී ඇත්තේ බාදාක්ෂාන් පළාතටය.
බාදාක්ෂාන් පළාත නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ටජිකිස්තානය, චීනය හා පාකිස්තාන දේශසීමාවට වන්නට පිහිටා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානො ජයන්ත, දෙවියන් වහන්සේ සියල්ල මැවුව නම්, දෙවියන් වහන්සේව මැවුවේ කවුද? (නදී)
එයාල බණ කියනවා. අපි බලි අරිනවා. (ස)
මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත.(නදී)
බුදු පිළිම විනාස කරපු දවසේ ඉදල මේ රටට වෙන්නේ විනාසයම තමා.(නධී)
ඇෆ්ගනිස්ථානය නාය යාම කෙසේ වෙතත්, සමහරුන්ගේ සිත්තුල තිබෙන පටු අකල්පත් නාය යන්න පටන් අරගෙන වගේ. ආගම් හෝ දර්ශන ලොව පැවතිය යුත්තේ, සාමය පිණිස මිස යුද්ධය පිණිස නොවේ.තමන් අවබෝධ කරගත් ධර්මය ක්‍රියාවට නංවනු විනා, අනුන් අදහන ධර්මය ගැන විවේචනය කිරීම හෝ ඔවුන් පුජනියත්වයේ ලා සැළකෙන දේ විනාශ කිරීම හෝ සංකල්ප පරිභවයට ලක්කිරීම ධර්මිෂ්ඨ මනුෂයෙකුට නොගැලපේ. "අඥාන දිව තර්කය උපදවයි, තර්කය දබරය උපදවයි. ඔහුගේ මුඛයද පහරවලට අඬ ගසයි, දුෂ්ඨයින්ට සමාදානයක් නැත" යනුවෙන් මා අසා තිබෙනවා. (නි)
දුක්මුසු පුවතක්. (නි)
බොදු සොයුරනි, කරුණාකර බාමියන් පිළිම විනාශය මෙයට ඈඳන්න යන්න එපා. ඇෆ්ගන්වරුන් ඔය පිළිම අවුරුදු දහස් ගණනක් ආරක්ෂා කළා. නැතහොත් ඒවාට හානියක් කළේ නැහැ. මෑතකදී ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට අමානුෂික ලෙස පහර දෙන අතරේ අතරේ සිදුවූ මේ අපරාධය ඇමෙරිකාවේ වුවමනාවට සිදුකළ එකක් නොවේයැයි කිව හැක්කේ කාටද? (නි)
සියලු සත්වයෝ, සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා!(දී)
විමලරතන හිමියනි, කෙනෙකුට උත්තර දෙන්න අපහසු බව දැන දැනත් ප්‍රශ්න ඇසීම හොඳ මදි නේද? ඔබ වහන්සේගේ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරක් ලැබේයැයි මා සිතන්නේ නැහැ. (නි)
මිලානෝ ජයන්ත අන්ද බක්තිකයෙක්. හරියට ආගම් පිස්සෙක් වගේ.(නදී)
අවුරැදු දහස් ගණනක් පැරණි ලෝක උරුමයක් වු බාමියන් බුදුපිළිම කඩලා බිඳලා දැමීම මුස්ලිම් ජාතිකයෙක් හැටියට මා මුලින්ම සියලු ලෝවැසි බෞද්ධ ජනතාවටම කනගාටුව ප්‍රකාශ කරනවා. ඕනෙම රටක ස්වභාවික වාභික විපතක් ඇතිවනවිට එය ජාති ආගම් අනුව කිසිවෙකුට බලපාන්නේ නැහැ. ඒ නිසා අනුන්ගේ දුකේදී සිනාසීම ලාංකික අපේ පුරුද්දක් නොවේ. මොවුන් විපත් වලින් සියලු මිනිස් ජීවිත ආරක්ෂා විය යුතුය. කිසිවෙකුටත් මෙවන් විපතක් නොවිය යුතුය යනු මාගේ ප්‍රාර්තනාවයි. (නදී)
මිලානො ජයන්ත, ඇයි එහෙනම් උපතින්ම අඳ ගොළු බිහිරි කොර එහෙමත් නැත්නම් ලියුකේමියාව වගේ ලෙඩත් එක්ක ළමයින් උපදින්නේ? මාර ප්‍රේමයක් නේ.(නදී)
මිලානෝ ජයන්ත විමලරත්න හිමියන්ට දුන් පිළිතුරට මමත් එකග වෙමි. මෙලොව මවා වදාල තැනන් වහන්සේ කියා ඇති පරිදි සිද්දවෙන මේ දේවල් ගැන මමත් දනිමි. මෙහි සත්‍ය ගවේෂණයකින් පැහැදිලි කරගත හැකි වන්නේය.(නදී)
කුසුම්, මා මුස්ලිම් නිසා මෙවැනි දෙයක් ලියනවා කියා සිතන්න එපා. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට ඇතුළුවන්න පෙර ඒ රටගැන කිසිවෙකුට කිසිම අවබෝධයක් තිබුනේ නැහැ නේද? එහෙම රටක් තිබෙනවා කියල වත් සමහරු දන්නේ නැති තරම්. එහෙ බුදු පිළිම තිබෙනවා කියලා වත් ලාංකික කීයෙන් කීයක්ද දන්නේ? එය විනාශ කලේ ඔවුන් නම් ඇයි ඔවුන් කලින් නොකළේ? ඔයා ඇෆ්ඝනිස්තානයේ ජීවත් වෙලා නැහැ මාත් ජීවත් වෙලා නැහැ. ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන අපි හෝ ඔයා මොනවද දන්නේ? (නදී)
ඉන්දික ඔයා දෙවියන් වහන්සේ මවපු කෙනා හොයන එක මුහුදේ වතුර සිප්පි කටුවකින් ඉහන්න යන්නක් වැනිය. දෙවියන් වහන්සේට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැත. මේ එතුමන්ගේ මවා වදාල ලෝකය අනිසි ලෙස බුක්ති විදීමේ පල විපාකයි.(නදී)
දෙවියන්ගේ කැමැත්ත තමයි. (ස)
කුමාර්, තමන් නොදන්නා දේවල් වලට දේවත්වය ආරුඩ කරන එක අතීතයේ ඉඳන් තියෙනවා. ඒකනේ ඉරට හඳට මිනිස්සු වැන්දේ. මේකත් ඒවගේ. මිනිස්සු දියුණු වෙනකොට සත්‍යය තේරුම් යනවා. ඉස්සර කිව්වේ ලෝකේ මවලා අවුරුදු 5000 යි කියලා. දැන් ඒ කතා කියන්නේ නැහැ. අඩුම ගනනේ දැන් ඇමරිකාවේ දෙවියන්වහන්සේ ලෝකේ මැව්වා කියන කතාව ඉස්කෝල වලින් අයින් කරලා.(නදී)
අහෝ ඝාන්ධාර දේශය.... (දී)
මරණයට පත් වුවන්ට සහ අතුරුදහන් වුවන්ට මගේ කණගාටුව, ඉක්මන් සුවය ලැබේවා. (දී)
ගෆුර් මහත්මයෝ, මා විසින් ඉහත පලකොට ඇති අදහසේ කිසිම තැනක මා ඇෆ්ගන් වැසියන්ව විනිශ්චයකට ලක්කොට නැහැ. මා ලියා තිබෙන්නේ මෙතන පලකොට ඇති සමහරුන්ගේ අදහස් පිලිබදවයි. කිසියම් අධම ක්‍රියාවක් සිදුකරන පුත්ගලයෙකුට හෝ කණ්ඩායමකට රටක්, ජාතියක්, ආගමක් අනිවාර්යයෙන්ම නියෝජනය වෙනවා. එසේ වූ පමණින් අප ඒ රටේ, ජාතියේ, එසේ නොමැතිනම් ආගමේ සැමදෙනාවම සමාන ලෙස ලඝුකොට දැක්වීම වැරදියි. දුෂ්ඨයන්, මා ඉහත සඳහන් කල තුන් වර්ගයම නියෝජනය කරනවා. එවැන්නන් වපුරන විෂබිජවල ප්‍රතිපල තමයි, මේ ලඟකදී මියන්මාරයේත් සිදුවුයේ. තම අසල්වාසියන්වම අඥාන දුෂ්ඨ මිනිසුන් විසින් එලව එලවා පහර දී මරා දැම්මා අප දුටුවා. ඇෆ්ගනිස්ථානයේ මෙන්ම මියන්මාරයේත් එම සැහැසි ක්‍රියා සිදුකල දුෂ්ඨයන්ට දඩුවම් ලැබෙයි. ඇෆ්ගනිස්ථානයේ මේ සිදුවූ විපත්තිය එම සැහැසි ක්‍රියා වලට අදාල කරගන්න තරම් අප බොළඳ විය යුතුත් නැහැ."අයුක්‌තිය වපුරන්නන් හට නෙලාගැනීමට සිදුවන්නේ විපත්තිය" බව නම් ස්ථිරයි. "කොරෙකුගේ කකුල් වලංගු නොවන්නා සේම අඥාන යෙකුගේ උපමාවත් එසේමයි" කියල තමයි ඔය ඉන්දික මහතාටත් මට නම් කියන්න තියෙන්නේ. ඉන්දික මහත්තයෝ "මනුෂ්‍යයෙක් අපවිත්‍ර වන්නේ, කටට ඇතුළු වෙන දෙයින් නොව කටින් පිටවන දෙයින් බව" අවබෝධ කරගන්න උත්සහ කරන්න. "අනුන්ගේ දහමට පරිභව කරන්නාගෙන් තමන්ගේ දහමට ද ගෞරවයක් සිදු නොවේ" කියන බුදුන් වදාළ දෙයත් මෙනෙහි කරන්න.(නදී)
ඇත්තටම ලෝක විනාශය අත ලගටම ඇවිත්වත්ද (දී)
අද මොනතරම් මිනුස්සු පිරිහිලාද කිව්වොත් මනුස්සයෙකුට දුකක් කරදරයක් උනත් ආගම් වාදයෙන් තමා පටන්ගන්නේ. (ස)
කුසුම් මයා/මිය. ඔබේ අදහසට බෙහෙවින්ම ස්තුතීයි. නියම බෞද්ධ යෙකු විදිහට සිතන්න පුරුදුවීම ඉතාමත් සතුටට කරුණක්. ඔබේ පැහැදිලි කිරීමට නැවතත් ස්තුතියි. "අනුන්ගේ දහමට පරිභව කරන්නාගෙන් තමන්ගේ දහමට ද ගෞරවයක් සිදු නොවේ" බුදුරජානන් වහන්සේ දේශනා කළ තවත් වටිනා කරුණක්. (නදී)
කුසුම්, කටින් ඇතුලට දා ගන්න ඒවා හොදයි. කටට දාගත්ත ඒවත් පිට කරන්න් කටින්ද? (ස)
ඉතා කණගාටුදායක පුවතක්. අසරණ වූ සියලු දෙනාට දෙවි පිහිටයි ! (නි)
මෙවැනි දේ කරන්න දෙවියන්ට හිතෙනව ද ? (ස)
මේනකා, ලෝක විනාශයට පෙර ලංකාවේ විනාශය ආරම්භ වෙලා අවුරුදු ගානක් වෙනවා. (නි)
හිරාන් මිනිසෙක් වැරැද්දක් කළවිට උසාවිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නිතියට පිටින් කරන වැරදිවලට දඩුවම් දෙන්නේ දෙවියන් වහන්සේයි. (ස)
මේ මැරිච්ච සහ අතුරුදහන් වුන මිනිස්සුන්ට වගකියන්ඩ ඕනෙ කවුද? බුද්ධියට ඉඩ දෙන්න. (ස)
ඉන්දික,ඔබ ඔබගේ කටින් පිටකරන්නේ ඒවා කියල තමයි මම මෙතන ලියල තියෙන්නේ. දැන් පැහැදිලියිනෙ? බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙන්න මනුෂ්‍යයෝ. දන්නා කෙනෙකුගෙන් අහල බුද්ධ ධර්මය හොඳින් ඉගෙනගන්න.
එතකොට හිරාන්, ලෝකයේ හැමතැනම ඇතිවුණ ස්වභාවික විපත් වලට වගකිවයුත්තෝ කවුද? (නි)
සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා! (නි)
බාමියන් බුදු පිළිම තිබුනෙත් මෙහෙ නේද? (නි)
බාමියන් බුදු පිළිම වලට කළ දේවල් නිසයි මෙවැනි විපත් වෙන්නේ (නි)
අයියෝ මෙහෙමත් අපරාධ! (නි)
සියලු දෙනාට නිවන් සැප ලැබේවා! (නි)
මේ පැත්තේ නේද බුදු පිළිම ටික විනාශ කළේ? (නි)
එතකොට ලංකාවට සුනාමි අාවේ මොනවා හින්දද? (නි)
මිනිස්සු පවු! (නි)
පන්සල් පල්ලි කෝවිල් සියල්ලටම ඉහලින් තියෙන්නේ අකුණු සන්නායක (ස)
ලෝක විනාශයේ සියලු ලකුණු බයිබලයේ සඳහන් වෙනවා. ලෝකයේ සියලු මනුෂ්‍යයන්ගෙ පාපිෂ්ඨකම මෙයට හේතුවයි. ජේසුස් වහන්සේ සියලු මනුෂ්‍යයන්ගෙ ගැලවුම්කාරයොයි (නි)
මෙවන් විපත් යලි නොඇසේවා. විපතට සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.(නදී)
මිලානෝ ජයන්ත මහත්මයාණෙනි, කරුණාකර පහදා දෙන්න විනාශ වන ලෝකයක් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දේ කුමක් නිසාද?දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයින්ගේ ගැලවුම්කරුවා කියා මෙම සිදුවීම් වලින් ඔප්පු වේද?අනෙක් සත්ත්වයන්ගේ ගැලවුම්කරුවා කවුද?දිව්‍යමය පාරාදීසය මිහිපිට මැව්වා නම් මොනතරම් සුන්දරද? එසේ නොකළේ කුමක් නිසාද? (නි)
ඔයා හොදට බණ කියන්නත් දන්නවා. මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. (ස)
ඇෆ්ගනිස්තානයේ ස්වභාවික විපත් වුණාම සමහරුන්ට මතක් වෙන්නේ බුදු පිළිම ටික.එහෙනම් ලංකාවේ තිස් වසරක දරුණු යුද්ධයත්,සුනාමියත් ඇති වුණේ කාගේ ශාපයක් නිසාද දන්නේ නැහැ. මෙයින් මම බුදු පිළිම විනාශ කළ එක හරි කියන්නේ නැහැ.කුමන ආගමකට කවුරු වුණත් ගරු කළ යුතුයි.මම මේක කිව්වේ මෙතන බුදුපිළිම මතක් වෙන කට්ටියට. කුමන ජාතිය වුවත් විපතකදී සිය ශෝකය පලකරන උතුම් සිංහල සොයුරු සොයුරියනුත් ඉන්නවා. (නි)
ටාර්සන් හරි. අනෙක් අය කියන්න බලන්න කොරියාවෙ නැව් ගිලුනෙ මොනවා වෙලාද කියලා (නි)
ටාර්සන්,සුනාමිය එන්න පෙර(2002)වර්ෂයේ ජෙසු ජීවමානයි. ක්‍රිස්තියානි සභාව දැනුවත් කළා ඉහළම අයව. සුනාමිය ආවෙ 2004 වර්ෂයේ (නි)
හරිම දුකයි. පවු අහිංසක මිනිස්සු! (නි)
රියාල්, ඔයා ස්වබාවික කියන වචනය ඉල්ලා අස්කරගන්න.මොකද ඔයාලගේ හැමදෙයක්ම වෙන්නේ මැවුම්කරුගේ කැමැත්තට අනුවනේ. (නි)
අවුරැදු දහස් ගණනක් පැරණි ලෝක උරුමයක් වු බාමියන් බුදුපිළිම කඩලා බිදලා දාපුවට තමයි මෙහෙම වුණේ. වෙච්ච වැඩේට හොද වැඩේ කියන්න හොඳ නැහැ. ඒත් ඒ දවස් වල කොච්චර අපි කිවුවද එපා කියලා. ඇහුවෙ නැහැනෙ. (නි)
මේ ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට සහ එමඟින් ඇතිවන ජීවිත සහ දේපොළ හානිවලට ප්‍රධානතම හේතුව ස්වභාව ධර්මයාගේ යහ පැවැත්මට විරුද්ධව, ඇලදොළ, ගංගා, තුරුලිය සහ පරිසරය ආරක්ෂා නොකර, ඒවා විනාශවන විදියට මිනිසුන් විසින් කරනු ලබන නොහික්මුණු ක්‍රියාකාරකම්ය. (නි)
නවින්, තාක්ෂණයෙන් යම් දේවල් ඔප්පු වෙනකොට ඒවා ඉක්මනට පොතට ඇතුළත් කරනවා.නැත්නම් මිනිස්සු හිනාවෙනවනේ. (නි)
විපතක් වුණහම මෙහෙම කියන්න හොඳ නැති වුණත්, මේ රටේ අය නේද බුදු පිළිම විනාශ කළේ? (නි)
බාමියන් බුදු පිළිම විනාශ කරලා මාස හතක් යන්න කලින් ඇමරිකාව ගැහුවා. දැන් සොබාදහමින් ඵල විපාක දෙනවා.බුදු දහම විනාශ කරන කාටත් මේ දේවල් පොදුයි. මේ ශාපෙන් කවදාවත් මේ අයට නිදහස් වෙන්න බැරි වෙයි (නි)
ලංකාවට සුනාමි ආවෙත් අපේ ධර්මද්විපය ලේ විලක් කළ නිසා
ගරුතර විමලරත්න හිමිතුමනි; දෙවියන් වහන්සේ ලෝකය මිනිසාට මවා ප්‍රදානය කලේ දෙවියන්වහන්සේගේ අසිමිත ප්‍රේමය නිසයි. එය විනාශ කරමින් සිටින්නේ මිනිසායි. දෙවියන්වහන්සේ මිනිසාගෙ හදවතට බලෙන් අතුල්වෙන්නේ නැත. තෝරාගැනීමට පුර්ව නිදහස මිනිසා සතුයි.(නදී)