ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති හමීඩ් කර්සායි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද සවස දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී දිවයිනට පැමිණි හමීඩ් කර්සායි මහතාව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරුන් විසින් ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
මෙරටට පැමිණි ඇෆ්ගනිස්ථාන් ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර පිලිගෙන විශේෂ අමුත්තන් අත්සන් තබන ස්වර්ණමය පුස්තකයේ සිය අත්සන තැබීමෙන් අනතුරුව පැවසුවේ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඉතා සතුටු වන බවයි.
පසුගිය 23 වනි දා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඇෆ්ගනිස්ථාන් ජනාධිපතිවරයා එරට හමුදාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා හදිසියේ එම සංචාරය අවලංගු කළේය.
ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන අතර පසුව ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇෆ්ගනිස්ථානයේ රැකියා ලබාදීම, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ශ්‍රී ලාංකාවේදී ඇෆ්ගනිස්ථාන් හෙදියන් පුහුණු කිරිමට අදාල අවබෝධතා ගිවිසුම් තුනකට දෙරට අත්සන් කරන බව වාර්ථා වෙයි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා ඇතුළු ගුවන්තොටුපොළ ප්‍රධානීන්ද, රාජ්‍ය නිලධාරීක් රැසක් සහභාගී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ශ්රී ලාංකික ශ්‍රමිකයන්ට ඇෆ්ගනිස්ථානයේ රැකියා ලබාදීම "නියමයි. (දිල්)
මම නම් දන්නේ නැහැ අපේ ශ්‍රමිකයන් ට ඇෆ්ගනිස්ටනයේ තියෙන රැකියා මොනවා ද කියල. මම ඉන්න රටේ ඇෆ්ගනිස්ටන් සරණාගතයන් මට හමුවෙලා තියෙනවා . ඔව්න් මට කියල තියනවා තවමත් ඒ රටේ තත්වය හොඳ නැහැ ඉදිරියට ඇමරිකන් හමුදාව ඉවත් ව ගියාට පසුව තලේබාන් වරු අයෙත් ප්‍රශ්න ඇති කරවී කියල. මම මේ කියන්නේ ඉදිරියට මේ රට වලට රැකියාවට යන්න ගිහින් අපේ මිනිස්සු අමාරුවේ වැටෙන නිසා.කරුණාකර මේ පුවත පල කරන්න. (අ)
මෙයාට කියල ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හොඳම බඩුවලින් සතියකට කන්ටේනර් කහිපයක් ප්‍රති අපනයනය සදහා ලංකාවට ගෙන්වා ගත්තා නම් නියමයි.(නධී)