නව දිල්ලියේ ශ්‍රී ලංකා කොමසාරිස් ඇසල වීරකෝන් මහතා නව විදේශ ලේකම් වරයා වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය මැයි 30 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය. ඇය නව දිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
වාගීශ්වර මහත්මියට ජ්‍යෙෂ්ටත්වයෙන් අඩු විදේශ සේවා නිලධරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට විදේශ තානාපති සේවයක් ලැබීමට යයි. අනෙක් නිලධරයා විදේශ අමාත්‍යංශයේ සිටිනු ඇතැයි කියති.
ඉදිරි දින වලදී විදේශ අමාත්‍යංශ කාඩ් කුට්ටම අනනු ඇතැයි ද තවත් තුරුම්පු එළියට එනු ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි අපි බලමුකෝ... (නි)
චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය තවත් කාලයක් විදේශ සේවයේ සිටිනවා නම් ලොකු සේවයක් ගන්න පුළුවන්. එයාගේ වටිනාකම මම දුටුවේ, මේ තානාපතිනිය පැරිස් වල සේවය කළ කාලයේයි (නි)
විශිෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරින් වන කුලතිලක ලෙනගල, එම්. කේ.පද්මනාදන්, ආචාර්ය චානක තල්පහේවා, කපිල ෆොන්සේකා, සෙනරත් දිසානායක යන අයගෙනුත් විදේශ කටයුතු අමාත්‍යංශය ඵලදායි වැඩක් ගත යුතුයි. (අ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ අදහස් බැලුවහම දුක හිතෙනවා. ජනක කියලා ලියන්නේ කවුද කියලා තේරෙනවා එයාගේ අදහස් බැලුවහම. අනේ කාලේ වනේ වාසේ කියලා කියන්නේ මේවට තමයි (නි)
අපරාදේ රටට සේවයක් කළ තවමත් කළ හැකි චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය වෙනි කෙනෙක් ඉක්මනින් විශ්‍රාම යන්නේ , ඇය සිටි සෑම රටකදිම ඇය රට වෙනුවෙන් ලොකු සේවයක් කළ , නියම තානාපතිනියක් (බ)