ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන රමිත් රඹුක්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් සිට එන ගමනේදී බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක දොර විවෘත කිරීමට යාම සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්‍ෂණය සඳහා අදාළ සිදුවීම ඇසින් දුටු සාක්‍ෂි අවශ්‍ය යයි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂමන් ද සිල්වා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට අද (9 වැනිදා) දැනුම් දුන්නේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් අද නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සටහන් වේ.
සිද්ධිය වන අවස්ථාවේදී ගුවන් යානයේ සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ පන්දු යැවීමේ පුහුණුකරුවා වන චම්පක රාමනායක මහතා මේ වන විට විදේශගතව සිටින බැවින් ඒ මහතා ශී‍්‍ර ලංකාවට පැමිණි විගසින්ම සාක්‍ෂි විමසීම සඳහා කැඳවන බවත් ලක්‍ෂමන් ද සිල්වා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට පවසා තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ගුවන්සේවයෙන් මෙන්ම ශී‍්‍ර ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්ද වාර්තා ලැබෙන තුරු තමන් බලා සිටින නමුත් ශී‍්‍ර ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මේ දක්වා කිසිදු වාර්තාවක් තමන්ට ලැබී නැති බවත් ඒ මහතා පවසා තිබේ.
ප‍්‍රධාන සාක්‍ෂිකරුවන චම්පක රාමනායක මහතාගේ සාක්‍ෂි විමසීමෙන් පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ලගේ ප‍්‍රකාශය සටහන් කරගන්නා බවද ලක්‍ෂමන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කඩිනම් කරන ලෙසත්, වාර්තාව හැකි ඉක්මනින් දෙන ලෙසත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ලක්‍ෂමන් ද සිල්වා මහතා පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපි හැමදාම හීනෙන් අහස් යානා වල යනවා. මෙයලා අහස් යනාවේ හීනෙන් යනවා. ඔන්න බලන්න ඡන්දෙ දෙන කෙනා සහ ඡන්දෙ ලබාගන්න කෙනා අතර වෙනස. (අ)
අනේ ඔන්න ඔය අපේ ඇමති පුතාව ඕකෙන් නිදහස් කරන්න. ඕක නිදන්ගත රෝදයක් කියලා නුවර පැත්තේ මිනිස්සු කියනවා. (නි)
ඇසින් දුටු සාක්ෂි නැතුව විද්‍යාත්මක සාක්ෂි මත මිනිස්සු පෝරකයටත් නැග්ගා. අනේ මන්දා ඉතින්. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ඔන්න ඕක අමතක කරන්න (ත)
මේ වැඩේට නම් අනිවාර්යයෙන් ප්ලයිට් එකේ පයිලට්ම ගෙන්නන්න වෙනවා. කව්ද කියන්නේ මෙහෙම දෙයක් වුණා කියලා? කෝ අපට මොනවත් මතක නැහැනේ.අනේ මහත්තයෝ, කියන තැනකට වඳින්නම්, මෙන්න මේක අතාරින්න. මොකද ප්‍රතිපල මුළු ලෝකෙම ඉන්න අපේ කස්ටිය දන්නවෝ.... (නි)
මේක තනිකර විහිළුවක්.(නදී)
ගුවන් සමාගමට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මේවගේ මගින් ඉදහිට හම්බවෙන නිසා. (නි)
අනේ මේ අපි නම් දන්නවා ඇත්ත. ඒත් දන ගහගෙන ඉන්න නම් බැහැ. මොකද කියලා දන්නවනේ.(නදී)
ඇසින් දුටු අයට ඉන්නේ ඔහුගේම යාළුවන්. ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේද? ගුවන් යානයේ සේවකයෝ ඕකට සාක්කි දෙන්න එන්නේ නැහැ. (නි)
විඩියෝ කැමරා නැද්ද ඔය ෆ්ලයිට් එක ඇතුළේ? (නි)
මෙම ක්‍රීඩකයා මෙම ගුවන් යානයේ ගමන් කර නැත. ලංකාව පිලිබඳ බොරු ආරංචි පතුරන ඩයස්පෝරාව විසින් මෙම කතාව පතුරා ඇත. ගුවන් යානයේ දොර ඇරීමට උත්සාහ කර ඇත්තේ ගුවන් නියමුවා වන්නට හැකිය. මෙම ක්‍රීඩකයා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉතාමත් ආදර්ශමත් පුද්ගලයා යන තනතුරෙන් පිදිය යුතුය. (නි)
සියල්ලන්ටම වුවමනා කරලා තියෙන්නේ මේ දරුවාට වරද පටවන්න වගෙයි. අපේ ජාතිය කොතරම් කුහකද කියලා පේනවා මෙකෙම්ම. තමුන්න්ගේ දරුවෙකුට මෙවැනි දෙයක් වුනානම් මෙයාලා අදහස් දක්වන්නේ කොහොමද? පොඩි අවවාදයක් දීලා සමාවක් දෙමු. ඒක දේව ගතියක්. (නි)
එයාට මොනවා උනත් අපිට කමක් නැහැ. ලංකාවට වෙච්ච අවනම්බුවට වන්දි ගෙවන්නේ මොන කිරි අප්පද? (නදී)
මට මතක නෑ.(නදී)
කවුද දැන් මේ ගොල්ලන්ට විරුද්ධව සාක්කි දෙන්නේ ?ක්‍රීඩකයෙක් සාක්කි දුන්නොත් හරි කණ්ඩායමේ පුහුණුකරු හෝ කළමනාකරු සාක්කි දුන්නොත් වෙන්නෙ මොකක්ද කියලා අපි හැමෝම දන්නවනේ. දන ගහපු,ගස් බැදපු අයට ලැබිච්ච දඩුවම් අපි හැමෝම දැක්කනේ.... (නි)
අන්තිමට ක්‍රීඩකයන්ට බොන්න දීපු ගුවන් සමාගම වැරදි කාරය කර නැවත ශ්‍රි ලාංකික ක්‍රීඩකයන්ට විදෙස් තරග සංචාර සදහා එම ගුවන් සේවය භාවිතා කිරීම තහනම් කරයි.(නදී)
දැකපු අය දැන් දැක්කේ නෑ වගේ ඉන්නේ බයේද? මේකත් යටගහන්න හේතු හොයමින් කල් මරණ බවයි පෙන්නේ. සොබා දම් මෑණියනි නීතියේ දෙවඟන නිර්වින්දනය කර ඇති බැවින් ඔබ පමණි අපට දැන් ඇති එකම පිළිසරණ.(නදී)
නඩුවේ තීන්දුව පැහැදිලියි. තීන්දුව: මොහුට හීනෙන් යන ලෙඩක් ඇත. එහෙත් මොහුගේ(පියාගේ) දක්ෂතා නිසා කණ්ඩායමෙන් ඉවත් කල නොහැක. එම නිසා මොහුගේ ආරක්ෂාවට පාලක මණ්ඩලයෙන් ඩොලර් වැටුප් ගෙවා ආරක්ෂාවට පවුලේ වෙනත් දෙදෙනෙක් දෙපැත්තෙන් යැවීමට නිර්දේශ කරමි.- නිර්දේශ කල මා උසස්වීමක් පතමි.(නදී)
සඳුනි ඔබ හරි. දම්මික පෙරේරා ඔබත් හරි. අනේ අර ළමයා වැසිකිලි දොර අදුරන්නේ නැහැ අනේ පවු. කිරි දරුවා. වැසිකිලි දොර ඇරෙන්නෙත් පිටවෙන හදිසි දොර ඇරෙන්නෙත් හයිද්රෝලික් වලින්නේ.ඕක බොරු වැඩක් නොවෙන දෙයක්. සුජි ඔබත් හරි.(අ)
" ඇසින් දුටු සාක්‍ෂි" මේවා කොහෙන් හොයන්නද මාමේ. ඔක්කොම කන්නඩි දාල හිටියේ. ඒවා කන්නාඩියෙන් දුටු සාක්කිලු. අනේ නැන්දේ?(නදී)
කුමාර මහත්තයෝ, ඔයාගේ කියමන නම් මසුරන්. එක මාසෙක කාලෙකදී දැකපු හොඳම කියමන. (නි)
මෙයාලා ඔක්කොම හීනෙන් යද්දී අපිටත් හීනෙන් තමයි යන්නේ වෙන්නේ. (දී)
අනේ මහත්තයෝ ඔන්න ඕක අල්ලලා දන්නා . අපිට මොකුත් මතක නැනේ .....(අ)
මට නම් හතර විලි ලැජ්ජාවයි මේක අහලා (නි)
ඌරන්ට මොන සෞඛයද (අ)
ඔන්න බලන්න මහත්තයෝ ආසියාවේ ආස්චර්යය... ගුවන් සේවා ආයතනයෙන් නිකුත් කරපු ප්‍රකාශය බල්ලට දාලා හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නෙ ඕක තමා.(අ)
එයා නින්දෙන්නේ ගිහින් තියෙන්නේ මහත්තයෝ (නි)
නිකන් තෙපර බන්නේ නැතුව කොන්ද කෙලින් තියන් කියපල්ලකෝ මොකවත් කරන්නේ නෑ කියල,(අ)
ඕක ඔච්චර ලොකු දෙයක්ද අනේ මෙච්චර දුර දිග යන්න. ශාක්ෂි ඇයි.(නදී)
සද සාක්කි කියාපුදෙන්, හිරු සාක්කි කියාපුදෙන්.(නදී)
මොකටද ඉතින් තවත් පරීක්ෂණ. අපි දැන්මම දන්නවා පරීක්ෂණ ප්‍රතිපලය. අපරාදේ කාලේ සහ මුදල්.(නදී)
හීනෙන් ඇවිදින එකත් පරීක්ෂණ තියන්න තරම් වරදක්ද?(නදී)
බොන එක නවත්තන්න කොන්ද පණ තිබුන නැති පුහුණුකරුට සාක්ෂි දෙන්න කොන්ද පණ තියේවිද?(නදී)
රන්ජිත් කොහොමද දන්නේ ඒක? (නි)
මේ විදියට ගියොත් හැමෝම හැම වෙලාවෙම කියාවි හැමදේම කලේ නින්දෙන් කියල.ඉස්සහරහට රේප් එකක් කරත් කියාවී (අ)
ඇසින් දුටු සක්ෂිනැහැ.මොකද ඇසින්දුටු එක සාක්කි දුන්නොත් උගේ ජොබ් එකනැහැ,ඒ කියන්නේ පරීක්ෂණ ඉවරයි. (අ)
රඹුක්වැල්ල මහත්මයා වැදගත් කෙනෙක්.පුතා මොකක්ද මේ කළේ? (නි)
මම නම් ඕක හොඳට දැක්කා. හීනෙන්ම තමයි. ඒකනේ කේස් එක. මම කොහොමද ඕක කියන්නේ? (නි)
ඇසින් දුටු සාක්‍ෂි මොකටද ? මෙයගේ දක්‍ෂතා දැක්කම අපිට හිතාගන්න පුලුවන්. (නදී)
සුදු හුනු ගෑම දැන්වත් නවත්තමු.(නදී)
අන්න හරි.කවුරුහරි මේක දැක්කනම් ඉදිරිපත් වෙන්නකෝ. (නි)
කාටත් මුකුත්ම මතක නැද්ද? (නි)
අනේ අපි නම් හොදටම නින්දේ හිටියේ... අපි දැක්කේ නැහැ. (නි)
අර දණගස්සපු මන්ත්‍රීට නාම යෝජනා දුන්නා වගේ මට පෙනෙන්නේ මෙයාවත් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් තනතුර දක්වා වුනත් අරගෙනයන්න බැරිකමක් නැහැ වගේ (නි)
අනේ මට මොකක්ද මොකක්ද වගේ.. (නි)
කව්රු මොනවා කිවුවත් මේක අපේ රටට ලොකු අපකීර්තියක්. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩාවෙන් අංක එක නොවුණාට විනය අතින් හැමදාම අංක එකේ. මම නම් දන්නේ නැහැ රටට මොනවා වෙන්න යනවද කියලා. (නි)
මෙයා අර විදියට ඇවිදපු එක, කවුරුහරි හීනෙන් දැක්කද? අනේ කියන්න කෝ මෙයාලා.... (නි)
අනේ මෙහෙමෙ ලෝකයක් .වෙන කෙනෙක් කලා නම් ඒත් මෙහෙම බලා සිටීවිද? (නි)
අපේ අනිත් කට්ට්යත් එයා හිටිය තත්ත්වයෙන්මද හිටියේ? (නි)
අපේ අය කියයිද දන්නෙ නැහැ, "මං දැක්කේ නැහැ.මං දන්නේ නැහැ,අපෙන් ඕවා අහන්න එපා,අපි හොදටම නිදි.." කියලා. කොහොම වුනත් මෙයා ජාතික කණ්ඩායමේ නායකත්වයට වුනත් ඉතා සුදුසුයි (නි)
හොදම වැඩේ කියන්නේ මේවට ඉදිරිපත් කරන හේතු නේ.. (නි)
ඇසින් දකින්නේ නැතුව වෙන කොහෙන්වත් බලන්න පුලුවන්ද ? අර සමහරු කටින් නැතිව වෙන තැන්වලින් කතා කරනවා වගේද (අ)
දැන් එතකොට ඇසින් දුටු සාක්ෂි නැති උනොත් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට විරුද්දව නඩු දානවද? ඇමති පුතාට අපහාස කෙරුවා කියල වන්දි ඉල්ලලා. දැන්නම් කොන්ඩේ බඳින චීන්නු අපේ රටේ නැති බව අර වගේ මෝඩ ප්‍රකාශ කරන උදවිය තවමත් දන්නේ නැද්ද..? එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා උනත් ලෝකෙම දන්නා ඇත්ත - නැත්ත කරන්න නම් ඊට වඩා බොරු කියන්න සිදුවෙනවා. (නදී)
කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනලු (අ)
'අපිට හිතාගන්න බැහැ, නින්ද ගියාම අපිට මතක නැහැ' කියලා කියයි අනිත් කට්ටිය (නි)
අනිත් මගීන්ට අනතුරක් නැත්නම් ඒ වෙලාවේම දොර ඇරලා එලියට දාන්න තිබුනේ. (නදී)
වැඩේ කල මිනිහත් හීනෙන් හරි තමන් කළා කියලා පිළිගන්න එකේ තවත් මොනවා අහන්නද? (නි)
කොහොමත් අමතක වෙලා ඇති දැන් ඒ සිද්ධිය හැමෝටම (නි)
මට නම් මොකුත් මතක නැහැ :) (නි)
ඔන්න ඔය කිරිසප්පයා කරපු නොදැනුවත්කම අත ඇරලා දාන්න. පව් පොඩි එකා නොදන්නාකමනේ... (නි)