වසර දහසයකට පසු ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේ පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන ඇස්ටරොයිඩයක් මෙවර පෘථිවි වාසීන්ට සරල දුරේක්ෂයක් මගින් නැරඹීමේ අවස්ථාව උදාවී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සමලේකම් තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
2015ටීබී145 ලෙස නම් කර ඇති මෙම ඇස්ටරොයිඩය පසුගිය 10 වැනිදා නාසා ආයතනයේ ඇති ඇස්ටරොයිඩ රේඩාර් පර්යේෂණ මධ්‍යස්ථානයට පළමුවරට නිරීක්ෂණය වී ඇති බවද වික්‍රමරත්න මහතා කියයි.
මෙය පෘථිවියට කිලෝ මීටර් 4,80,000 ක් දුරින් ගමන් කරන අතර ඉන් පෘථිවියට කිසිදු හානියක් සිදු නොවනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ කියති.
වර්ෂ 2027 වන තෙක් පෘථිවිතලයට ආසන්නයෙන් ගමන් කරන විශාලතම ඇස්ටරොයිඩය මෙය වනු ඇතැයිද තාරකා විද්‍යාඥයෝ තහවුරු කරගෙන තිබේ.
සෑම වසරකම ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේ සමරන මෙම අද්භූත සිදුවීම ‘හැලෝවීන්‘ දින රාත්‍රිය බවට නම් කර තිබෙන බව වික්‍රමරත්න මහතා පවසයි.
මෙම ඇස්ටරොයිඩය තත්පරයකට කිලෝමීටර් 35 ක වේගයෙන් ගමන් කරන අතර එහි අන්තර්ගත පාෂාණ කොටස් බොහොමයක් ඇති බව කැලිෆෝනියා අභ්‍යවකාශ රේඩාර් මධ්‍යස්ථානය මගින් කරන ලද පරීක්ෂණ වලින් තහවුරු කරගෙන ඇති බවද වික්‍රමරත්න මහතා කියයි.
නාසා ආයතනයේ ඇස්ටරොයිඩ රේඩාර් පර්යේෂණ නිලධාරී ලාන්ස් ඩෙනර් පවසා ඇත්තේ යම් හෙයකින් මෙය වල්ගා තරුවක් වුවහොත් එය පෘථිවිය ආසන්නයෙන්ම දිස්වූ වල්ගා තරුව ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි.
මෙවැනි අද්භූත සංසිද්ධියක් නැරඹීමට ශ්‍රී ලාංකිකයන්ට විද්‍යා තාක්ෂණ පහසුකම්වල අඩුවක් ඇතැයිද වික්‍රමරත්න මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට මේක දැකගන්න පුළුවන් වෙයිද? (නි)
ඕක මොන රටට, මොන වෙලාවටද දන්නෙ නැහැ හොඳටම පැහැදිලිව පෙනෙන්නේ? (නි)
පොඩ්ඩක් හරි දිශාව වෙනස් වුණා නම් පෘථිවිය අනතුරේ (නි)
අනන්ත වූ ගැඹුරු හිස් අභ්‍යාවකාශයේ මොනතරම් අපුර්ව අද්භූත සුන්දර දසුන් සිදුවෙමින් පවතිනවාද? ඒවා මිනිස් ඇස් මානයේ මෙන්ම ඉන් ඔබ සිදුවීම දැකගැනීම කෙතරම් වාසනාවක්ද? (බ)
මේක ලංකාවෙ දකුණු පළාතට පේනවලු. (බ)
අනේ මේක වත් කඩන් වැටෙනවානම් අර දියවන්නා ඔය අයිනට..අපිට දැන් ඇතිවෙලා ඉන්නේ...? එහෙම වුනොත් දෙවියනේ කියල පවුලේ සාමාජිකයෝ ටිකවත් ජීවත් කර ගතහැකියි..? (බ)
ඕක අපේ පාර්ලිමේන්තු රැස්විමක පුර්ණ සාමාජිකයන් සිටිනා වෙලාවක එයට කඩා වැටුනොත් , ලංකාවට යහපතක් වෙනවා අනිවාර්යෙන් , අනේ දෙවියනි අපේ දෙස බලා යහපතක් කරනු මැනවි...(රේ)
ඕක ජනාකීර්ණ පෙදෙසකට වැටුනා නම් මොනතරම් ලොකු විනාශයක් වෙයිද? (නි)
ගුවන් යානාවක් යනකොටත් උඩබලන අපේ මිනිස්සු මේක නොබලා ඉඳීද පෙනෙනවා නම්...? (නි)
පේනවා නම් අපිත් බලමුකෝ .....! (නි)
මේක ඉතාම දුර්ලභ අවස්ථාවක් (නි)
අනේ මනෝජ්, ඔයයි මමයි දන්නා තාරකා විද්‍යාව. (නි)
පව් පියුමි, මනෝජ්ට ඔහොම කැපිල්ල දාන්න එපා. (ර)
පෘථිවියට හානියක් නොවෙනවා නම් ඉතින් එච්චරයි. ඇයි අපි නිකන් රණ්ඩු වෙන්නේ මෙතන? (නි)
අද්භූත සංසිද්ධියක් නෙවේ දුර්ලභ අවස්ථාවක්. (ර)
විකාර. මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මේ වගේ ඒවා බලන්න. ඕක යන්තම් තිතක් විදියට යනවා පේනවා. ඔහොම ඒවා හැමදාම අහසේ යන්නේ. (ර)