(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්නේය.
අදාළ අක්ෂි සැත්කම කිරීමෙන් පසු රෝගීන්ගේ ඇස් වලට යෙදූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඉන් පසුව ඇති වූ සංකූලතා පිළිබඳවත් අදාල රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරතුරු විමසා තිබේ.
මෙවැනි බරපතළ ක්‍රියා නැවත සිදු නොවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර ගැන වහාම දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට පවසා ඇත.
නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් රෝගීන්ට අදාල සංකූලතා ඇති ව තිබූ බව මූලික පරීක්ෂණ වලින් හෙලිව තිබූ බවයි.
ඉකුත් අප්‍රේල් පස් වැනිදාට පසු ව සිදු කළ අක්ෂි ශල්‍යකර්ම වලින් පසු ඇස් වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙත විෂ වීමෙන් ඔවුන්ගේ ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් තිබූ බවද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට සඳහන් කර තිබිණි.
අදාල සායනයෙන් පසු නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල්ගත කෙරුණු අතර ඉන් පසුව කළ ප්‍රතිකාර වලින් පසු ඔවුන්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවද නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වන තුරු අන්ධයින් වගේ ඉඳලා අසරණ මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණාට පස්සේ වාර්තා ඉල්ලන්නේ එහෙම කරලා ආයෙත් පෙනීම ලබාදෙන්න පුළුවන් කියලා හිතාගෙන වෙන්න ඇති.
සෞඛ්‍ය ඇමැති නිදි...
මේවා ආනයනය කිරීමට මුල්වූ අය නියත වශයෙන්ම දැනසිටියා මේ ගෙන්වන්නේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් කියලා. විශේෂයෙන්ම ඇස්වලට දැම්මාට. එයාට හිතුමනාපෙ ගසාකන්න ඉඩහැරලා දැන් තවත් කමකට නැති කොමිටියක් පත්කරනවා.
බලය තියෙන අයගෙන් රටටම බලපාන වැරැද්දක් වුණත් කොමිටි වාර්තා ඉල්ලන එක තමයි කරන්නේ... දඬුවමක් නැත. මතකයිනේ මහා බැංකු කොල්ලය...
යහ පාලන සෞඛ්‍ය ඇමතිට හැම විටම දෝස් මුර දාපු GMOA ලොක්කෝ මේවාට නිහඬ ඇයි? එගොල්ලන්ටත් යමක් ලැබෙනවද?