ඇවන්ගාඩ් සමාගමයි යහපාලනයයි එකට ගමන් නොකරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
‘එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ ඝාතකයන් හිටියේ ඇතුලේ. පිටින් ආවේ නෑ. බුද්ධරක්ඛිත හා සෝමාරාම හිටියේ ඇතුලේ. ඒ වගේ පිසාචයන් හැම ආණ්ඩුවකම ඉන්නවා. මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ජනපති හා අගමැති විරසක කරන්න හදනවා. ඒ කිසි දේකට ඉඩ දෙන්න එපා. හිටපු ජනාධිපතිගේ මැදකොළඹ රැලියකදී වෙඩි තැබුවේ කවුදැයි අපි දන්නවා. ලොකු සල්ලිකාරයෙක්. එහිදී වෙඩි වැදුණේ යූඇන්පී කාරයකුට. ඒ මිනිහා ගැන කථා කරන්නේ නෑ. කථා කරන්නේ වෙඩි තියපු එකා ගැනයි. එයාට හොඳට සල්ලි තියෙනවා. කෝටි ප්‍රෙකෝටි ගණන් තියෙනවා. යූඇන්පී කාරයොත් පෙනී ඉන්නේ ඒ අය වෙනුවෙන්‘ යැයි ද ඔහු කීවේය.
මතුගම පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව නම් මේ ආත්මෙදි කොට්ටේ උඩට ගන්නවා බොරු. (ස)
මොකද යන්නේ නැත්තේ..........? යහපාලනෙයි එතනොලුයිත් ඔය යස අපුරුවට එකට යන්නේ? (ම)
ඇවන්ගාඩ් ආයුධ නැව් වගේද චිනේ මාළු නැව්? ( ම)
පිසාචයෝ බලන්න මේ මහත්තයට කන්නාඩියක් ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ..මෙයාට වඩා දේශපාලන පිසාචයෝ කොහෙද ඉන්නේ..ගිය මැතිවරණයෙදි සන්ධානෙන් ආව නම් ඔය මහත්තයට වෙන දේ බලන්න තිබුන. එහෙනම් අර එස් බි වගේ ජාතක ලැයිස්තුවෙන් හොරාට රිංගල අවමන් විදින්න තමයි වෙන්නේ. අපි හිතුවේ කළුතර යු අන් පි කාරයෝ මොලේ ඇතිව මේ දේශපාලන පිසාචය පන්නල දාවී කියල..වුණේ ඒකේ අනිත් පැත්ත..එදා ඉදල යු අන්පියට කොට ඇදපු අලි පැත්තක දාල කට්ටිය මෙයාව පෙරහරේ යැව්වා..ප්‍රතිපල දැන් කට්ටියට ලැබෙමින් පවතිනවා. (අ)
මඩේ ඉන්න මිනිහට මඩ ගද දැනෙන්නේ නැත.දේශපාලනයේදී කොයි කවුරුත් එකයි. අන්ධ භක්තිකයෝ තවමත් ඉතුරු වී ඇති බව පැහැදිලිය. දැන්වත් පාට කන්නාඩි ගලවල ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සහ කරන්න (ම)
දිලීප්, ඔයාගේ කණ්ණාඩියට කොහොමද පෙනෙන්නේ? අපට නම් පේනවා ඇත්ත ඇති සැටියෙන් දැන්. රටේ තියන එකම ප්‍රශ්නය ඇවන්ගාඩ් විතරනේ. මට පෙනෙන්නේ ඔයාගේ කන්නාඩිය නම් කොළ පාට වගේ. (ම)
එකනම් සහතික ඇත්ත. (ම)
ඔබතුමා ස්වාමීන් වහන්සේ නමකටවත් කථා කරන්න නොදන්න කෙනෙක්නේ. ඔබතුමාත් ඒ ගොඩටම තමයි වැටෙන්නේ (බ)
නිකම් ඉදන් පාර්ලිමේන්තුවේ ලාබෙට හම්බෙන පෝෂ්‍යදායි ආහාර කන නිකමුන්ව නඩත්තු කරන්න අපි වගේ දුක්විදල කීයක්හරි හමිබ කරන උන් තමා බදු ගෙවන්න ඕන. නියම කාලකන්නි පාලනයක්නෙ මේක. මුදල් ඇමති යතුරු පැදිවලිනුත් මාර්ග බදු ගන්නවලු. මෙයා කටමැත දොඩව දොඩව කාලේ කනවා. කොහොමද මුදල් ඇමතිගෙ මොලේ. මාර සොයා ගැනීමක්නෙ කරල තියෙන්නේ. ටිකිරි මාරි කාලද දන්නෙ නෑ. (බ)
කට හැකරකමයි කැබිනට් ප්‍රකාශක තනතුරයි එකට යන්නෙත් නෑ. (ස)
මොහු කළ දේ අපි දන්නවා .දැන් කොහොමද අවංක කම ගැන ඉහලින් කතා කරන්නේ. (ස)
සුමාල් පෙරේරා, මසුරන් කියමන්! ගැහැණු ළමයි කොල්ලකෑමයි යහපාලනෙයි එකට යනවා ඇතිනේද? (ස)
හොරු වෙනුවෙන් හොරු කතාකරනවා (බ)
අවන්ගර්ඩ් එක සිද්ධියක් පමණයි. එයට නිවැරදි විසදුමක් ලැබිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් යහපාලනය පිහිටුවන්නේ වසර 6ක් බලයේ රැදී සිටීමට ජන අවසර ලබා දුන් කොටසකට. ඒ මැතිවරණයට වියදම් වු මහජන මුදල්. නැවතත් මැතිවරණයකට යන පාරවල් හදල මුදල් නාස්තියකට මුල පුරනවද?(ම)