ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරු රෝහලකදී ශල්‍ය කර්මයකට ලක් කොට ඇති බව කියමින් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (20) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති පරීකෂණ කොමිසම හමුවට නොපැමිණියේය.
රෝගී තත්ත්වයෙන් පසු වන නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරු රෝහලකදී ශල්‍ය කර්මයකට ලක් කොට ඇති බවත් මේ තත්වය අනුව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම කර ඇති දැනුම් දීම අනුව ඔහුට කොමිසමට පැමිණීමට හැකියාවක් නොමැති බවත් නීතීඥවරයකු මඟින් සේනාධිපති මහතා කොමිසමට දැනුම් දුන්නේය.
යුධ හමුදාවට අයත් ගිනි අවි සහ පතුරම් ඔහුගේ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියක් ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම ඔහු කැදවීමට කොමිසම නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්හරි නීතිමය කටයුත්තක් සිදුවෙනකොට තමයි ගොඩක් අය අසනීපවෙන්නේ (නි)
වැරදි වැඩ කරලා නැත්තම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
මොකක්ද දන්නේ නැහැ කළ ශල්‍යකර්මය? සරත් ෆොන්සේකා වගේ නායකයෙක් අපේ රටට එන්න ඕනෑ (නි)
සිංගප්පුරු රෝහලෙන් ශල්‍යකර්මය කළාට පස්සේ, අර අමතකවීමේ රෝගය මෙතුමාටත් හැදෙයිද කියලයි මට සැක (නි)
නඩු වැටෙනකොට අසනීප වෙන්නේ බොහොම වෙලාවට මොනවගේ අයද කියලා අතීත පාඩම් අපට කියාදෙනවා. (නි)
මතකය අමතකවන රෝහලක් නම් නොවේවා! (නි)
මීට පස්සේවත් ඔයවගේ කොමිසම් කාර්යාල ඉස්පිරිතාල පරිශ්‍රයට මාරු කළානම් හොදයි. එතකොට ඔය ප්‍රශ්නේ විසදේවි. (බ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මෙවන් සත්‍ය මුල්‍ය අපරාධ සිදුව තිබියදී මෙයාලා කොහොමද පිටරට යන්නේ? (නි)
අපේ රටේ නීතිය නැමති දැල ශක්තිමත් මදි මේ වගේ ලොකු මෝරුන්ව අල්ලාගන්න (නි)
සිංගප්පුරු ගියොත් ඔක්කොම අමතක වෙනවා.(ම)
මොකක්ද දන්නෙ නැහැ හදිසියේ හැදුනු අසනීපය? (නි)
අන්න හරි චරිත එහෙම තමයි කරන්න ඕන.(රේ)
ශාන සෞදි, සරත් ෆොන්සේකා කියන්නෙ යුද්ධ හමුදා සේනාපති කෙනෙක් විදියට සුපිරි වෙන්න පුලුවන්, එත් සිවිල් සමාජයේදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් චරිතයක් කියල මුලු ලංකාවටම තේරිල තියෙන්නෙ, (ස)