ඇවන්ගාඩ් නඩුවට සම්බන්ධ සැකකරුවකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේට රට යාම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) අවසර දුන්නේය.

චීනයේ හා ඉන්දියාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සඳහා සහභාගීවීමට ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි. ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම දෙසැම්බර් 1 වැනිදා තෙක් අත්හිටුවීමට අධිකරණය නියෝග කළේය.