ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති ලග්ගලදී පැවසීය.
පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී මේ ගැන විවිධ අදහස් පළවූ බවද ජනපති කීවේය.
පොලිසිය බාර ඇමැති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පැවසූයේ එම සිද්ධිය පොලිසිය ලකුණු දා ගැනීමට කළ වැඩක් බවයි. නඩු පැවරීමට තරම් කරුණු නැතැයි ඔහු කීවේය. ඇමැති චම්පික රණවක මහතා පැවසූයේ පොලිස් පරීක්ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවත් මේ සිද්ධිය රජයේ පැවැත්ම ගැන සාධකයක් විය හැකි බවත්ය.
අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසූයේ එම විශේෂ කැබිනට් රැස්වීම ලබන සඳුදා පැවැත්වීමට ජනපති එකඟවූ බවයි.මේ අනුව ලබන 09 වැනිදාට එම රැස්වීම නියම කරගත් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ පෑවත්මට සාධකයක් ද නැත්තම් අර්ථසාධකයක් ද වෙයිද දන්නේ නෑ.(ම)
ඔය නෞකාව නීතිවිරෝධී එකක් කියලා මම නම් හිතන්නේ නැහැ. යුද්ධ කාලේ බෝම්බ නෞකා, අවි නෞකා උතුරු මුහුදේ තිබුණා. කවුද කතා කළේ? ඔය කියන නෞකාව පෙර සිටම තිබුනානේ. දේශපාලකයෝ එතකොට කොහෙද හිටියේ? මේ ගැන සාධාරණයක් කරන්න (නි)
මේ සිද්ධිය රජයේ පැවැත්ම ගැන සාධකයක් විය හැකි බව චම්පික රණවක ප්‍රකාශ කරන්නේ එයා මහා පොදු සාධකය කියල හිතාගෙන වෙන්නැති. (ස)
අැවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ඳව මොන කොමිසම් දැම්මත් , එය සාධාරණය කියා අන්තිමට තීරණය දෙන්නේ , දාහට නැමෙන්නේ නැති කෙනා ලක්ෂයට නැමෙනවා , ලක්ෂයට නැති කෙනා කෝටියට නැමෙනවා , මුදල කීයක් වුණත් ගෙවන්න අැවන්ගාර්ඩ් කට්ටිය සුදානම්. (ස)