‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමට යුධ හමුදාවෙන් දුන් ගිනි අවි හා පතුරොම් ‘‘ඇවන්ගාඩ් ‘‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ පිළිඹඳ ජනපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්නද ලබන 20 වැනිදා එහි කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1996 - 2000 කාල වලදී කොටින්ට හොර රහසේ ලබාදුන් දේවල් ගැනත් හොයන්න. (ස)
සත්‍යා ඔයාටත් තියන එකම ප්‍රශ්නය මේ ඇවන් ගර්ඩ් එකමද. රටේ තියන එකම දැවෙන ප්‍රශ්නය යහපලකයන්ට නම් මෙකවගේ. අනේ මෙහෙමත් විකාර (රේ)
අනේ මන්දා ප්‍රශ්න පත්තර විතරයි. පිළිතුරක් නැහැ හරිහමන්. මුල ඉදලම බැලුවොත් වංචා දුෂණ කියක්නම් හාරා ඇවිස්සුවද? මේවා අගක් මුලක් නැති කුනුකන්දල් බලන් යද්දී.(ම)
හොයනවනම් මහවැලියේ ඉදන් හොයන්න ඕනේ (ම)
මේ කතා අහන කොට අපට හිතෙන්නේ මේකට රක්නා ලංකා නොවෙයි "නොරක්නා ලංකා" කියල නම දාන්න තිබුනේ කියල. මේ ආයතන දෙක හදා ගත්ත අය නම් හොඳ හැටියට රැකිලා තියෙන බව වංචනිකව ඒවායින් ලබා ගත් ආදායම් වලින් පේනවා. (ස)
අරුණ මහා බැංකුවේ ඉදන් හෙව්වොත් අපිට ඇති. මොකද යහපලානේ හොරකම් කරන්නේ නැති නිසා. (බ)
හොයනවානම් 2000 ඉඳන් හොයන්න. ඇයි ඒවා මගහරින්නේ? (ස)