නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු අවි 800ක් ද සමග ‘ඇවන්ගාඩ්‘ නෞකාව සැකකටයුතු බැවින් මුදා නොහැර පරීක්ෂණ අවසන් වනතුරු නාවික හමුදාව බාරයේ තබාගන්නා ලෙස ආරක්ෂ අමාත්‍යංශය දැනුම් දී ඇතැයි නාවික හමුදාව කියයි.
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මේ නැව වසර හතරකට පසුව මැද පෙරදිග සිට ශ්‍රී ලංකාවට එද්දී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනිණි. එය මුදා හරින ලෙස නාවික හමුදාවට ආරක්ෂක අමාත්‍යංශ නිලධරයෙක් මීට පෙර ලිපියක්ද නිකුත් කළේය.
ඉකුත් 6 වැනිදා නාවික හමුදාව අත්අඩංගුවට ගත් එම නැවේ ටී 56 ගිනි අවියක්, 84එස් වර්ගයේ ගිනි අවි 816ක් සහ එම උණ්ඩ ලක්ෂ 2ක් තිබූ බවද නියෝජ්‍ය නාවික ආඥාපතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! කරන දෙයක් ඉක්මණට... (නි)
වරදක් කර නැත්නම් කවුරුවත් බයවෙන්න දෙයක් නැහැ (නි)
මෙහෙම නැවක් රඳවාගැනීම වරදක් නෙමෙයිද? (නි)
මිලේනියම් සිටි සිද්ධිය මතක්වුණා මට (නි)
මම මේ සම්බන්ධව කිසිත් නොලියන්නෙමි. (නි)
අවන්ගාර්ඩ් නිදොස් කියන්නෙත් ,දොස් සහිත බව කියන්නෙත් ආරක්ෂක බලධාරීන්. (ම)
කල්පනාවෙන් වැඩ කළයුතු අවස්ථාවක් (නි)