ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා  රජය අතර  ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

අද පස්වරු හතරට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මේ තීරණය ගෙන තිබේ.

එම සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක මහත්වරු ද සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේ දී හොර ගනුදෙනු ගැන තොරතුරු හෙළි වූ බවත්, ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපති දැන්වූ බවත් සේනාරත්න මහතා කීවේය.