ඇවන්ගාඩ් සමාගම සතුව තිබූ ගිනි අවි සහ යුද උපකරණ සියල්ල සිකුරාදා (13) නාවික හමුදා බාරයට ගැනීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි පැවසීය.
ඇවන්ගාඩ් සමාගම සහ රජය අතර සියලු ගිවිසුම් අවලංගු කර එහි මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිවරයා පසුගිය 11 වැනිදා ගත් පියවරේ මූලික පියවර වශයෙන් නාවික හමුදාව එහි ඇති ආයුද නාවික හමුදාව වෙත බාරගන්නා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මාස ක් රජයට දිය හැකයි, සියලුම දුශිතයින්ට නඩු පවරන්ද , දැන් වැඩ කරන්ඩ පටන් ගඳ ඕනා. අඩුම ගානේ ජනාදිපති විධායක බලතල කප්පාදු කළ යුතුය.(ම)
මේ විසඳුම හරියටම හරි. නාවික හමුදාව මෙතන බිස්නස් කරන්නේ නැහැ. අවි අනවශ්‍ය විදියට පරිහරණය කිරීම වැළකීම පමණයි මෙතන වෙන්නේ. ඔය අදහස් දාන මහත්වරු පොඩ්ඩක් හොයලා බලලා ඉන්න. ආදායම රජයට එනවා කියන්නේ ලංකාවේ ජීවත්වෙන හැම පුද්ගලයකුටම හොඳයි කියන එක නේද? (නි)
අනේ මන්දා. කියනවා විතරයි. ඔප්පුකළ වංචාවක් නැහැනේ! (නි)
නිහාල් නාවුක හමුදාවට බිස්නස් කරන්නේ නැහැ නෙවේ, කරන්න බැහැ. එකයි ප්‍රශ්නේ. අනිත් එක ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් කරන්නත් බැහැ. එතකොට ඒවා වෙන රටවල ආයෝජනය වෙනවා. (ස)
ජනතාවාදී රජයක් හැටියට ජනතා අප්‍රසාදයට සහ විවේචනයට බඳුන් වූ මේ ආයතනය නැවත රජයට පවරා ගැනීම ඉතාම කාලෝචිත වන අතරම ජනතා හඬට කන්දීමක්ද වේ. ජයවේවා ජනපතිතුමනි! (නි)
වෙළඳ සමාගම අහෝසි කරනවාද? එසේ කරන්නේ නම් එය කිරීම සුදුසුද? (නි)
මම නම් මේ තීරණයට කැමතියි (නි)
ඇවන්ගාඩ් එකේ වැරදි සෙවීම විතරමනේ කළේ. එය තහනම් කිරීම මම නම් දකින්නේ අසාධාරණ වැඩක් ලෙසයි (නි)
රටට ආදායම් ලැබෙනවාට වඩා ඇවන්ගාඩ් එකට ආදායම් ලැබෙන එක හොඳයි කියන දේශප්‍රේමින් මේ පුවතට අදාළව වැඩිපුර අදහස් පළකර ඇති බව පෙනෙනවා. එපමණක් නොව සමහර අයට ඔය ඇවන්ගාඩ් එකට විරුද්ධ අදහස් දුටුවිට ලොකු අමාරුවක් හැදෙන තත්වයක් ඇතිවී තිබෙන බව පෙනෙනවා. එවැනි අය තවත් අපහසුතාවයට පත්කිරීම මානුෂිය හැඟීමක් නොවන බැවින් මම මේ ගැන කිසිවක් නොලියමි. (නි)
ඇවන්ගාඩ් නෙමෙයි, අවාන්ට් ගාර්ඩ්.... (ස)
මේ ආයතනය රජයේ ආයතනයක් ලෙස නැවත ස්ථාපනයකර විනිවිදභාවයකින් පටන්ගැනීම හා එම ආයතන වල සේවකයන් හා යුධ උපකරණ එම කටයුතු වලින් පිටස්තර කටයුතු වලට යොදාගැනීම තහනම් කළයුතු වගේම එවන් වැරදි වලට දැඩි දඬුවම් ලබාදීමේ වැඩපිළිවෙලක් යෙදිය යුතුය (නි)
අපේ නාවික හමුදාව මේ කටයුත්ත නිසියාකාරව සිදුකරන බව ස්ථිරයි (නි)
පහුගිය කාලේ හමුදාවේ අය වැඩ කළාට, ඔය කියන අවි ගබඩාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුනට ආදායම් ගත්තේ වෙන කවුරුවත් නේද? (බ)
ඇවන්ගාඩ් කිය කිය ඉන්නවා. තේ කොළ කිලෝ එක 45 රබර් 190 (බ)
පළමුවෙන්ම මම චන්ද්‍ර හැරිස්ට පැහැදිලි කරන්න කැමතියි නාවික හමුදාවට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් වලට ගැටළුවක් නැහැ. නමුත් මෙවන් වෙළද ව්‍යාපාර කළ නොහැකියි. ඉදිරියේදී වෙන දේ අපි බලමු. (නි)
මේක ලොකු බිස්නස් එකක්... ජාත්‍යන්තරව .අවන්ගාඩ් ආයතනය පාලනය කරන්න නාවික හමුදාවට නිත්‍යානුකුල බලයක් නැහැ කියලයි මටනම් හිතෙන්නේ.දැනට නාවික හමුදාවට දෙනවා කියනවා. ටික දවසකට පස්සේ ඔය ආයතනය කොටස් කීපයකට කඩලා ...බිස්නස් එකට සෙවල හල හලා හිටිය හොර දේශපාලුවන් කීපදෙනෙකුගේ නෑදෑ හිතමිතුරන් කීපදෙනෙකුට අතයටින්ම පවරා දේවී...දේශපාලුවෝ කොයිකත් එකයි....උන් එකෙක්වත් අහිංසක නැහැ ...දැනට ඇති අපි බලාගෙන ඉමුකො.....(රේ)
මිනිසුනේ, මෙතන නාවික හමුදාවෙන් කෙරෙන්නේ පරිපාලනය පමණි. ආරක්ෂක සේවය යුද , නාවික සහ ගුවන් ( විශ්‍රාමික) අයගෙන් සිදුකෙරෙනවා. (නි)
විජිත්, ඔබ හිතන්නේ ලංකාවේ පත්තර කියවන්නේ කොන්ඩේ බැඳපු චීන්නු කියලද? සමහර විට ලැබෙන පටු වාසියට වෙන්න ඇති විජිත්ලා අපිට වතුර විදුරුවෙත් කිඹුල්ලු පෙන්වන්න හදනවා..අපි නම් රැවටෙයි ඕවට???(රේ)
මම නම් මේ ගත් තීරණයට කැමතියි (නි)
නාවික හමුදාවට ව්‍යාපාර කරන්න බලතල තිබේද? අපිට යන්න පුළුවන් මුහුදු සීමාවක් තිබෙනවා. (නි)
මේ කරන දේවල් වල මට නම් කිසිම පැහැදිලිකමක් නැහැ. කරන්න තිබුනේ නීතිවිරෝධි යමක් වෙලා නම් නීතිවිරෝධී වැඩකළ අයට දඬුවම් කිරීමනේ. එහෙම දෙයක් වෙලා නැහැ. (නි)
ලංකාවේ දේශපාලකයෝ සත පහකට විශ්වාස නැහැ. (ර)
ඇවන්ගාඩ් කිය කිය ඉන්නවා. තේ කොළ කිලෝ එක 45 රබර් 190 අනේ මන්දා. කියනවා විතරයි. ඔප්පු කළ වංචාවක් නැහැනේ. (ර)
විකුම් රංගන, දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන යුගයේත්, ක්‍රි.ව. 1971 ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පාලන යුගයේත් හැර, මේ වෙනතුරු පැවති සෑම රජයකින්ම සිදුවුණේ විජිත් මහතා පළකර ඇති සිදුවීමයි. පැවති තත්ත්වයන් මත විජිත් මහතා සමඟ එකඟවීමට පුළුවන (නි)
අපි බලමුකෝ කවුද මේ කාර්යය ඉදිරියට කරන්නේ කියලා. තව මාස කීපයක් යනකොට තේරෙයි මේ හැමදේම (නි)
මේ නිමලා දන්නා දේවල්? (ස)
විජිත්.ඔබ කියපු දෙය තමයි අන්තිමට සිද්ද වෙන්නේ.මොකෝ අපි නොදන්නවා කියලද? (ස)
නාවික හමුදාව මේ කටයුත්ත නිසිලෙස සිදුකරයි කියා අපි සිතනවා (නි)
නාවික හමුදාවට ජාත්‍යන්තර මුහුදු තීරයේ මෙහෙයුම් කරන්න බලයක් තිබේද? මුහුදුකොල්ලකාරයෝ ඉන්නේ ජාත්‍යන්තර මුහුදෙනේ (නි)
නිහාල් දැක්කෙ නැද්ද ඇවන්ගාඩ් සමාගමත් රජයට ගෙවිය යුතු බදු සහ ආදායමේ කොටස නිසි ලෙස ගෙවා ඇති බව අධිකරන ඇමතිගෙ වාර්තාවල පලවුනා. මේක රඟපෑමක්. තව ටික කලකින් අවශ්‍ය කෙනාට දෙයි. වරදක් කර නැතිනම් ව්‍යාපාර මෙසේ පවරා ගැනීම වැරදී. (ස)
බලපුවම දැන් අර පිස්සෙක් කියල කියපු අනුර සහෝදරයනේ හරි . ඇයි අර වගේ කෝට් අඳින මහත්තුරුත් මේ තත්වයට වැටෙන්නේ.තමාගේ සේවාදායකයෝ ජනතාව කියලය කියල දේශපාලනයට එන නීතිඥ මහත්තුරු හිතාගන්න ඕනේ.අනෙක ජේ වී පී නැත්නම් හොර අල්ලන්නෙම නැද්ද ? වෙන කවුරුවත් මොනම දෙයක්වත් දන්නේ නෑනේ. (ස)
මේක නාවික හමුදාව කලින් කල බිස්නේස්ස් එකක්. ගසා කන්න ඕන නිසා කොම්පැනියකට බාර දුන්නා . මේ ගසා කන්නේ තමාගේ සල්ලි කියලවත් තේරෙන්නේ නැද්ද? (ස)
හොරුවෙනුවෙන් හොරු. තොප්පිය හරිනම් දාගන්න, (ස)
ගැටළුකාරී තත්වයක් පවතින මෙයට ක්ෂණික තීන්දුවක් දීමද ගැටලුවකි. ඉතාමත් බුද්ධිමත් විසඳුමක් දියයුතුව ඇති අවස්ථාවකි. (නි)
ඉවසීමෙන් වැඩකරන්න ඕනෑ මේ වෙලාවේදී (නි)