ඇවන් ගාඩ් දෙවැනි නෞකාවේ අවි ආයුධ පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වී නොමැති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යංශය කියන්නේ ඒ වාර්තාව දෙසැම්බර් 04 වැනි දින දී ඇති බවයි.
ගිනි අවි 816ක් හා උණ්ඩ 202935 සම්බන්ධව ගාල්ල මහේස්ත්‍රාත් උසාවිය මේ වාර්තාව සපයන ලෙස ගිය ඔක්තෝම්බර් 30 වැනි දා නියෝග කළේය.
ඇවන් ගාඩ් පළමු නෞකාවට සම්බන්ධ ගිනි අවි 3000ක් සහ උණ්ඩ 250,000 ක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු 12 වැනි දින ඉදිරිපත් කරන ලද අවි ආයුධ සම්බන්ධ පරීක්ෂණ අවසන් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
දෙසතියකින් එම වාර්තාව දීමට බලාපොරොත්තු වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් වෙනසක් වෙන්නේ නැහැ වගෙයි (නි)
අධිකරන ඇමැති සේනාධිපති එක්ක සවාරි ගහපු රාජපක්ෂ වෙච්චි අධිකරණ අමාත්‍යංශය කොහොම විස්වාස කරන්නද (කෞ)