පසුගිය රජය සමයේ ඉදිකළ ඇවිදින මංතීරු ආදිය නඩත්තු කිරීම සඳහා වැය වන මුදලින් සියයට 82ක් ගෙවන්නේ ඒවායේ ඇවිදන අය නොව දුප්පත් ජනතාව බවත් බදු ගෙවිය යුත්තේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලැබුණු අය මිස සියලූ දෙනාම නොවන බවත් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කීවේය.
වත්මන් රජය දුගී ජනතාව බලා ගන්නා අතරම මධ්‍යම පන්තියේ ජනතාව ඉදිරියට ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මක කර ඇතැයි ද ඔහු කීවේය.
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් බොරැල්ල, ඕවල් ක‍්‍රීඩාංගණය ආසන්න භූමියක නිවාස 608 ක් ඇති ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ලොව නවීන නගර අලංකරණය ද සමග මහල් 21 ක නිවාස සංකීර්ණයට ඇමති මුල්ගල තැබීය.
රුපියල් කෝටි 500 ක වියදමින් වසර තුනකින් එහි වැඩ නිම කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු වැසිකිළි ළඟ වගේ මෙම තැන්වල ඇවිදින අයගෙන් මුදල් ගන්න කෙනෙක් යොදන්න. (නි)
ඇමතිවරුන්ට පුද්ගලික ජිම් එකක් තිබුණාට පොදු ජනයාට එහෙම නැහැ. කාර්යබහුල ජීවිතයක් ගෙවන මමත් ඇවිදින මංතීරු පාවිච්චි කළා මගේ දුප්පත් යාලුවෝ එක්ක. මගේ සෞඛ්‍යය එයින් ස්ථාවර වුණා. ඇමතිවරු සල්ලි කාබාසිනියා කරන රටේ එවන් දෙයකට සල්ලි යොදවපු එක බොහොම හොඳයි. (නි)
ලංකාවේ ඇමැතිලා මොකක්හරි දෙයක් කරන්ඩ ඕනේ උනාම ඕනෑම මෝඩ තකතීරු කතාවක් කියනවා. ලංකාවේ බදු ගෙවන්නේ, මේ මමත් අයිති වෙන මධ්‍යම පන්තියේ ජනතාව තමයි. අපිට තමයි ඇවිදින මංතීරු ගොඩක් ප්‍රයොජනවත්. ඇමැති ඇවිල්ල බැලුවානම් ඕක තේරේවි. මේගොල්ලෝ බදුත් අයකරගෙන, මේවා නඩත්තුත් නොකර බොරු ගොඩක් කියනවා. (කෞ)
ඇමැතිතුමා උගත් කෙනෙක් වෙලත් ඇවිදින මංතීරු වල තියෙන වටිනාකම මොකක්ද කියලා මිනිස්සුන්ට වටහා නොදෙන්නේ ඇයි ? (හේ)
මේ කටින් බතල ඇමතිලා හැමදාම බයිලා තමයි. දුප්පත් ජනතාවට කරන දේවල් කෙරුවාවෙන් පේනවා දැන් අවුරුද්දක් ගියා දුප්පත් මිනිහට කරපුව කියන්නකෝ බලන්න... ඔක්කොම එකයි බලයට එනකන් ඉර හද පවා දෙන්න තමයි කියන්නේ පස්සේ කරන ඇති දෙයක් නැ. (ර)
අනේ මහත්තයෝ, ඔයාලගෙ බැරිකම වහගන්න මොකක් හරි කරපු මිනිහට ඇඟිල්ල දික් කරන්න එපා. (ර)
ඇමතිතුමා මොකද මේ බයවෙලා වගේ? (නි)
දුප්පත් ජනතාව ඇවිදින මංතීරු පාවිච්චි නොකරනවා නම් ඒකේ වැරැද්ද හදපු කෙනාගේ නෙවෙයි, ඒ ජනතාවට ඒවා පාවිච්චි කිරීමේ වැදගත්කම කියා නොදීමෙයි (නි)
මමත් ඕවගේ ඇවිදිනවා. මගේ පඩියෙනුත් දහස් ගණනක් අදායම් බදු විදියට කපනවා මාසෙකට රුපියල් 30,000ක් විතර කපනවා. ඒ වගේම ඇති බොහෝ ඇවිදින අයගෙත්. අපි පරිප්පු ඇටයක් ගත්තත් ඒවටත් අපි බදු ගෙවනවා. චම්පික මහත්තයාගේ පඩිය බදු වලින් නිදහස් උනාට අපේ එහෙම නැහැ. (ර)
පා.ච. රණවක ඇමති, අඩුගානේ දුප්පත් ගොවියන්ට පොහොර සහනාධාරය, නිසි සහතික මිල, අසරණ මිනිස්සුන්ගේ ළමයින්ට පාසල් නිල ඇඳුම් හරියට දීලා ඔය විහිලු කතාවක් දෙකක් කිවුවත් කමක් නෑ. අසරණ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් දේශපාලකයෝ රජ සැප විඳින එක ඔයිට වැඩි හපන් නැද්ද? දුප්පත් ජනතාව ඇවිදින මංතීරු පාවිච්චි නොකරනවා නම් එකේ වැරැද්ද හදපු කෙනාගේ නෙවෙයි, ඒ ජනතාවට ඒවා පාවිච්චි කිරීමේ වැදගත්කම කියා නොදීමයි. නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ, හැමදාම කලින් ආණ්ඩුවේ කරපු හැමදේකම වැරදි කියා කියා බොරු නොකර රටට යමක් කරලා පෙන්නන්න. (ර)
දුප්පතුන් බලා ගන්න හැටි පේනවා ගොවියන්ට සලකන විදියෙන්. (ර)
එහෙම ගත්තොත්, ඇමතිලා මන්ත්‍රීලා සැප ගන්නෙත් ජනතා බදු මුදලින් නිසා - සැප ගන්නේ කවුරුවත් බදු ගෙවන්නේ කවුරුවත් වෙන්න ඕන. (ර)
මමත් ඔබතුමා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරයෙක් වශයෙන් ඉගෙනගන්න කාලේ ඉගෙනගත් කෙනෙක්. ඒත් ඔයවගේ බොළඳ කතාවක් කියනකොට ඉංජිනේරුවෙක් විදිහට මට ලැජ්ජයි. (නි)
ඔය සූදානම් වෙන්නේ ඒවා පාවිච්චි කරන අයගෙන් ගාස්තුවක් අය කරන්න. අපිට ඉතින් ඕවා තේරෙන්නේ නැහැනේ. අපි මෝඩයෝනේ. (නි)
බිමින් ගියත් උඩින් ගියත් බදු ගෙවන්නේ දුප්පත් ජනතාව තමයි.(කෞ)
පසුගිය රජය ඔයවගේ හොඳ දේවල් කලේ ලොකුපොඩි කාටත් ප්‍රයෝජන ගන්න විදියට. එහෙම ප්‍රයෝජන ගන්න එක එයාලගේ වැඩක්. මොලේ තියන මිනිස්සු එකෙන් ප්‍රයෝජන ගන්නවා තවමත්. ඒවා ආරක්ෂා කරන එක නඩත්තු කරන එකත් ඔයාලගේ වග කීමක්. එතකොට ඔය ජාත්‍යන්තර තාලයේ ප්‍රමිතියට අනුව හැදෙන නගරයට අතුලුවෙන්නවත් පොඩි මිනිහෙක්ට ඉඩක් ලැබේවිද.? (ර)
එහෙම බැලුවොත් ඉතින් රටේ කිසිම පොදු සංවර්ධනයක් කරන්න බැහැ. හැම කෙනාම සමසේ භුක්ති විදින පොදු දේපල කොහෙද තියෙන්නෙ. නමුත් ඔවැනි සංවර්ධන ව්‍යාපෘති තුලින් විවිධ මට්ටම් වල ජනයාට වක්‍ර ආදායම් මාර්ග සැලසුනු බව ඇමති තුමා දන්නෙ නැතුව ඇති. (ර)
අනේ මන්දා... (ර)
ආණ්ඩුව කරපු වැදගත්ම දෙය තමයි මේ වගේ බය නැතිව බනින්න පුළුවන් වාතාවරණයක් හදපු එක. ඒක අමතක කරන්න එපා. (ර)
මේ කියන විදියට ඉස්පිරිතාල වලට අවශ්‍ය වියදමට බදු ගෙවිය යුත්තේ ලෙඩ්ඩු පමණි. ඉස්කෝල වලට අවශ්‍ය වියදමට බදු ගෙවිය යුත්තේ සිසුන් හෝ ඔවුන්ගේ දෙමුපියන් පමණි. කොහොමද ටිකිරි මොළේ? කෝ එතකොට දේශපාලුවන්ගේ වියදමට බදුගෙවීමක් (නි)
ටිකට් එකක් කඩලා ගානක් හොයාගන්න (නි)
සුනිල්.....බැනුම් අහන්නේ නැතුව පාලනය ගෙනියන එකත් වැදගත් දෙයක්ම නේද...වීනා..වාදනයක්වත් කෙසේ වෙතත් කිසිම දුගතියක් වත් ඇහෙන්නේ නැති තරමට බීරි ....ද ඉන්නේ..(කෞ)
නගර දියුණු කරනවා කියන්නේ නිපැයුම් හා අදාළ කම්හල්, ව්‍යවසායකත්වය, ශ්‍රමිකයන් සහ වෙළඳපොල ඒකාබද්ධ වන පරිදි සැළසුම් සහගතව කරනා ඉදිකිරීම් ක්‍රියාවලියකි. මෙලෙස සංවර්ධනය වන නගරයක සිදුවන පහසු යාන්ත්‍රණය මඟින් තත්වයෙන් උසස්, නිෂ්පාදන වියදම් අඩු භාණ්ඩ වෙළඳපොළට එනවා. මෙය රටක සංවර්ධනයයි. මෙසේ සිදුනොවී ණයට ගොඩනැගිලි වල තාප්ප කඩා, ඉතාලි ටයිල් අල්ලා සාමාන්‍ය මිනිසෙකුට ආප්පයක්වත් කන්න බැරි රෙස්ටුරන්ට් ඇරලා ඒවායේ කන අයට තෙල බස්සා ගන්න 'ජොගින්' මංතීරුද ණයට සැදීම නගර සංවර්ධනය නොවේ. (නි)
මමත් හරි ආසයි උදේ පාන්දර ඇවිදින්න යන්න. ඒත් මේවායේ ඇවිදින මහත්වරු අඳින විදිහට අඳින්න මට වත්කමක් නැහැ. සෙරෙප්පු දාගෙන යන්නත් බැහැ. සපත්තු ගන්න සල්ලිත් නැහැ. ඇමතිතුමා කියන කථාව හරි. (නි)
ලක්මාල්, චන්ද්‍රිකා, මහින්ද මොනවද කළේ කියන්නකෝ මට. (නි)
බදු ගහන්න ඕනෑ හම්බ කරන විදිහට. ඒ කියන්නේ මිල මුදල් උපයන විදිහට. නැත්නම් හැමදාම පොඩි එකා තමයි ලොකු එකාගේ අධික සම්පත් භාවිතයට බදු ගෙවන්නේ. උදාහරණයක් විදිහට රුපියල් 25000 ට අඩු මාසික අදායමක් ලබන අයට කිසිම බද්දක් ගහන්න නරකයි. ඉන්පසු අත්‍යවශ්‍ය හැම බඩුවක්ම බදු වලින් නිදහස් කරන්න ඕනෑ. ඒක තමයි සාධාරණ. අවංකව හිතලා බලන්න. (නි)
ඔබතුමාලා යන එන වාහන වල බදු ගෙවන්නේ කවුද? (නි)
එතකොට ගරු ඇමතිවරුන්ගේ වියදම නඩත්තු කරන්නේ කවුද? (නි)