වසර 30කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ සිටි උබේසේකර හෙන්නායක මහතා කිසිවකු නොසිතූ මොහොතක සැමගෙන් සමුගෙන ගියේය.
ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු මෙන්ම ලංකාදීප මැදපෙරදිග වෙබ් අඩවියේ හා මැදපෙරදිග ලංකාදීප පුවත්පතේද කර්තෘවරයා වූ උබේසේකර හෙන්නායක මහතා ලංකාදීප ‘රජවීදිය’ අතිරේකයේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේය.
අන්තර්ජාතික දේශපාලනය සහ එහි නවතම ප්රවණතා පිළිබඳ හසළ දැනුමක් තිබූ හෙන්නායක මහතා හදිසියේ අසනීප වන තුරුම ජාත්‍යන්තර බල අරගල පිළිබඳ නිරන්තර විමසිල්ලකින් පසුවිය. ඔහු ලෝක දේශපාලනය තම ජීවිතය කරගෙන සිටි අයෙකි. ලෝකයේ බල පෙරළි ගැන ඔහු කී අනාවැකියක් වැරදී නොගිය තරම්ය. ලෝක දේශපාලනය පිළිබඳව මෙන්ම අති නවීන තාක්ෂණය ආදී සියල්ල ගැන ඔහුගෙන් දැනගත හැකි දේ බොහෝ විය.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න http://www.lankadeepa.lk/index.php/articles/499611

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණින් මතු ඔබට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා! (නි)
රටට විශාල පාඩුවක් (නි)
නිවන් සැප ලැබේවා (බ)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
වසර ගණනාවක සිට මම කියවන්නේ ලංකාදීප පත්තරය. මෙතුමා වෙනුවෙන් මගේ බලවත් කණගාටුව සහ මෙතුමාට නිවන් සුවය පතමි! (නි)
මතු මගේ රටට ඔබේ සේවය ලැබේවා..!!! (නි)
මට අර ලක්ෂ්මන් විජේසේකර ගයන "ඉඳහිට හෝ සපැමිණ සිත්සතන් සැනසූ කරුමේ කිම වඳවන මල් සදිසි මිනිස්සු" යන ගීතය මතකයට නැඟෙනවා. (නි)
මට මතකයි උබේසේකර හෙන්නායක මහත්මයා කාලයක් තරුණයා පත්තරේට රහස් පරීක්ෂක කතාවක් ලිව්වා. ඒක බොහොම ජනප්‍රිය වුණා (නි)
මා මිත්‍ර හෙන්නායක මැතිඳුන්ට නිවන් සුව! (නි)
ඔබට නිවන් සැප ලැබේවා! (නි)
ඔබට මොක් සුව! (නි)
සංසාර ගමන කෙළවර කරගැනීමට ඔබට වාසනාව ලැබේවා! (නි)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා.....!!! (බ)
හිතවත, ඔබට නිවන් සුව පතමි! නෑවිත් යන්නය බැරිය... නොගොස් එන්නට බැරිය.... "ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා... මටත් නැවත එන්නට හැකි මළගිය ඇත්තන් කැටුවම...."
ඔබ කළ මෙහෙවර අපමණි. එය වචනයෙන් කිව නොහැකිය. කර්තෘවරයාණනි. ඔබට නිවන් සුව පතමි. (බ)
ඔබට අමා මහ නිවන් සුව අත්වේවා ! (අ)
මතු මගේ රටට ඔබේ සේවය ලැබේවා..!!! (අ)