ගල්ගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී බී ඒ තිලකරත්න මහතා (56) (එජනිස) ගමන් ගත් වෑන් රිය අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඇල්ලේදී පාරෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මන්ත්‍රීවරයා මියගොස් ඔහුගේ මව හා තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි මහව පොලීසිය කියයි.
රිය පදවාගෙන ගොස් ඇත්තේ මන්ත්‍රීවරයාය.
මන්ත්‍රිවරයා ගල්ගමුවේ සිට කුරුණෑගලට යද්දී මෙම අනතුර සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ අම්මා ගෙදර ඇරලවන්න යද්දී නේද හැපිලා තියෙන්නේ? (නි)
අප උපදිනවිට අපේ 'කෝටා එක' අරගෙනයි එන්නේ. ඉක්මනින් කාලා ඉවර කළොත් ඉක්මනට යන්න වෙනවා. (නි)
රණා අර කෝච්චි පාර, විදුලි දුම්රිය කොහොම හරි ඉල්ලා ගමු. රත්නපුරේ ඇත්තටම ලස්සනයි. මම කැමති දිස්ත්‍රික්කයක්.(ස)
අපරාදේ! (නි)
අපරාදේ වාහනේ ? (නි)
අපරාදේ අර මොන්ටෙරෝ එක, අපේම සල්ලි! (නි)
කාගේ ශාපයක්ද මේ? (නි)
රජයේ කැබ් එක .....? (නි)
එතුමත් යන්න ගියා එහෙනම් (නි)
ගසට අලාභහානිද දන්නේ නැහැ (නි)
බන්දුල ඒක ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නේ, අපි යන විදිහ වෙන අය විසින් තීරණය කරන්න උත්සාහ කරන එකයි. ඒ කියන්නේ නොසැළකිලිමත් රියදුරන්, මිනීමරුවන් වැනි අයත් තීරණය කරනවනේ අපේ අවසානය කොහොම වෙන්න ඕනෑද කියලා. නීතිය හරියට බලසම්පන්නව ඉන්නවා නම් ඒවත් ටිකක් හරි අඩුකරගන්න පුළුවන්. ඒකයි මිනිස්සු නීතිය අතට ගන්නවටත් අපි විරුද්ධ. (නි)
උපන් සත්වයාට මරණය හිමිදෙයක්. ඒක කොයි මොහොතේදී සිදුවෙනවද කියන්න කාටවත් බැහැ. ජීවිතය අවබෝධ කරගත් කෙනා මරණයට භය වෙන්නේ නැහැ. භය වෙන්න ඕනෑ නැවත ඉපදීමටයි.නිතරම ද්වේශයෙන් , ක්‍රෝධයෙන් , ඉන්න කෙනාට ඒ අනුව නැවත ක්‍රෝධ වෛර කරන්න පුළුවන් තැනක් ලැබෙනවා. එය හේතුපල ධර්මයයි (නි)
අපරාදේ වාහනේ! (නි)
70 දශකයට පෙර මේ අය වැඩිය දේශපාලනට සම්බන්ද වුනේ නැහැ. ඒ දවස්වල මේ අයට කිව්වේ ගම් සභා මෙම්බර් මහත්වරු කියලා. හුඟක් දෙනා බොහොම වැදගත් උදවිය. දැන් ඒ තත්වය හුඟක් ම නරක අතට හැරිලා. මේ ගොල්ලෝ දේශපාලනයට සම්බන්ද වෙලා ඒකේ බලය ඔලුවට අරගෙන අපට පාරක යන්නවත් බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ. කොහෙන්හරි සල්ලි හොයන්නයි මේ අය බලන්නේ. මිනිස්සු බය කරනවා. ගහේ හැපිච්ච එක, එක අතකින් හොඳයි කවුරුවත් යට කරගෙන යන්නේ නැතුව. (නි)
ලංකාවේ දැන් රිය අනතුරු වැඩියි.පාරවල් හැදුවට වැඩක් නැහැ. විනය ගරුක රියදුරන් නැත්නම්.ලෝකේ ගොඩක් රටවල මහා මාර්ග ඉතාම දියුනු මට්ටමක පවතිනවා. ඒ වගේම අනතුරුත් අඩුයි. මොකද රියදුරන් ඉතාමත් වගකීමකින් රිය පදවන නිසා.අපේ රටේ ඇත්තටම රියැදුරන් වගකීමකින් තොරව වැඩ කරනවා වගෙයි මට සිතෙන්නේ (නි)
අහන්න දෙයක් නැහැ ගෝල බාලයෝ පාරෙන් පිට පනිනකොට. ජනතාව දුක්වෙන්නේ මිනිහා මැරුණට නොවෙයි ජනතාවට අයිති වාහනය කුඩු වුනාට. (නි)
සාපයක් දෝ දෙවියන්ගේ ..... පාපයක් දෝ මිනිසුන් ගේ .........(ස)
රියදුරන්ගේ වැරැද්දෙන් වෙන මේවගේ දේවල් වලට වන්දි ගෙවන්න වෙන්නේ මියගිය පුද්ගලයා පමණක් නොවේ, ඔහුගේ බිරිඳ,දරුවන් ඇතුළු පවුලේ උදවියයි. අද හෙට මිනිස්සු වටකරගෙන දුක බෙදා ගනී. අනිද්දා වෙනකොට ඔක්කොම අමතක වේවි. (අ)
දක්වා ඇති අදහස් වලින් පෙනෙන්නේ බොහෝ දෙනෙක් මොවුන්ගේ වැඩ ගැන කළකිරී ඇති බවයි (නි)
අයියෝ සල්ලි! (නි)
වැරදි වැඩ කලානම් එහි පලයද මෙය විය හැකිය. (අ)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඡන්ද වැඩට ගියා නෙමෙයි නේද? හදිස්සි වෙන්න එපා.ඔබලගේ සේවය අපට ඉතා අවශ්‍යයි (නි)
ඔය අපුරාධපුර පාදෙණිය පාරත් අධිවේගී මඟ වගේ ...අලුතින් හැදුව දවසේ සිට අනතුරු බහුලයි. අපි සබරගමුවේ අපි තාමත් අරක්ෂිකයි. මොකද ඔය එක පාරක්වත් අපිට නැහැ. ගෝනි කරත්තෙයි..පරණ තාර පාර සහ ගුරු පාර විතරයි. (ස)
අපරාදේ අපේ සල්ලි. (නි)
අපි මොන සෙල්ලම් දැම්මත් මොනවා හිතාගෙන හිටියත් යන්න වෙලාව ආවම යන්න ඕනෑ.යන විදිය තීරණය කරන්න ජීවිතය කලකිරුණු කෙනෙකුට මිසක් ජීවිතය විදින කෙනෙකුට බැහැ.සමහර මරණ ගැන අපි කොච්චර අඩා වැලපුනත් ඒ දේ වළක්වා ගන්න තිබුනා කියලා හිතුවත් ඒ මරණේ මොන ආකාරයකට හරි ඒ අවස්ථාවේදී සිද්ධ වෙනවා. (නි)
මේ දවස්වල පළාත් සබා මන්ත්‍රීන්ට බොහොම අපල කාලයක්. වැරදී වැඩ කරන්න එපා. (නි)
මේ ගොල්ලන්ට පොලිසියෙන් දඩ කොළ දෙන්නේ නැති නිසා මේ ගොල්ලෝ ඉගිලෙනවා (නි)
බන්දුල අද නම් හොද සිහියෙන් වැදගත් අදහසක් පළකර තිබෙනවා. හැමදාම ඔහොම ඉන්නකෝ. (නි)
සොබාව ධර්මය නම් උසාවියේ සල්ලි වලට වැරදි නිවැරදි කරන අද්වගාත්ලා නැත (නි)
ලංකාව බෞද්ධ රටක්....දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මොකද්ද කියලා කව්රුත් දැනගෙන හිටියොත් හොඳයි... (නි)
අයියෝ සල්ලි! (නි)