(සමන් පාලිත නානායක්කාර)
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයට අද (23) ස්ථාන කිහිපයකින් ම දැවැන්ත ගස් කඩා වැටීම නිසා එම මාර්ගය සවස 7 පමණ සිට ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දෙපස රථවාහන පෝලිම් දක්නට ලැබෙන බැවින් සහ නායයාමේ අවධානමක් ද පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඇල්ල පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
විකල්ප මාර්ගය ලෙස බෙරගල වැල්ලවාය මාර්ගය නම් කර ඇති බව පොලිසිය කියයි.
මේ වෙනවිට මාර්ගය පිළිසකර කිරීම සඳහා වැල්ලවාය දෙසින් සහ ඇල්ල දෙසින් දියතලාව යුධ හමුදා බට පිරිසක් සහ සහන කණ්ඩායම් පැමිණ කඩිනමින් මාර්ග පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි.
මේ අතර දියතලාව කිරින්ද මාර්ගයට ද විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය ද අවහිර වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd