
(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 12 කනුවේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදු කරමින් ප්‍රපාතයකට පෙරලුණු බසයේ කොටස් කොළඹ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පරික්ෂා කරනු ලැබූහ .
එම විශේශ්‍ය කංඩායමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික)අනුර බතීගම, ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ප්‍රභාත් රාජතේව, ප්‍රධාන මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් වන නිශාන්ත හෙට්ටිආරච්චි (මහනුවර ),ජාලිය බංඩාර (නුවරඑළිය ), හසිත රන්දෙණිය ( කුරුණෑගල ), හසිත් කුලතුංග (කෑගල්ල ) යන මහත්වරුන් සමග බදුල්ල ප්‍රධාන මෝටර් රථ වාහන පරීක්ෂක හේමල් ධර්මසේන සහ මෝටර් රථ වාහන පරීක්ෂක (බදුල්ල ) නුවන් චාමිකර කරවිට යන මහත්වරුන් එක්ව සිටියහ.
තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමග එක්වී නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් ආපසු බණ්ඩාරවෙල හරහා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඔස්සේ තංගල්ල බලා ගමන් කරමින් සිටියදි බස් රථය අඩි 1000 දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවය.
මෙම අනතුරින් සුනුවිසුනු වීගොස් එකම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබු බස් රථයේ කොටස් පසුව දොබකර දෙකක ආධාරයෙන් උඩට ගෙන ඇල්ල පොලිසිය ට රැගෙන ආහ.



2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්ලේ බසය ආර්.එම්.වී නිලධාරින් බලයි
විපරමා Tuesday, 09 September 2025 05:29 PM
ආර්.එම්.වී.නිලදාරීන් ගේ කෙරුවාවල් ගැන්න නම් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ හැම අතින්ම දක්ෂකම් තියෙන අය.පහුගිය කාලේ අහන්ඩ ඇතිනේ?
Nandana Tuesday, 09 September 2025 07:20 PM
දැන්වත් පාරේ ධාවන බස්, ට්‍රක්, කාර්, ත්‍රීවීල්, මෝටර් බයිසිකල් ගැන බලපල්ල ගොන් හැත්ත.