
(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල පොලිසිය ආසන්නයේ පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්න අද (26) දෙවන දිනටත් ඇල්ල අහස්නවය ආරුක්කු පාලම දෙසට පැතිර යමින් පවතින බවත් මෙම ගිනිතැබීම සිදුකල බවට සැකපිට ඇල්ලේ සංචාරක හෝටලයක කලමනාකරුවෙකු අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක කලමනාකරුවෙකු ලෙස රැකියාව කරන 33 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය .
මොහු ඊයේ (25) පස්වරුවේ කැලිකසල ගොඩක් හෝටලය ආසන්න පරිශ්‍රයේදී ගිනිතබා ඇති බවත් , පසුව එහි ගිනිදැල් ක්‍රමයෙන් ඒ අසල පිහිටි පයිනස් වනරක්ශිතය දෙසට පැතිර යාමත් සමග මෙසේ පයිනස් වනරක්ශිතයේ ගින්න හටගත් බවද පොලිසිය සදහන් කලේය .
ඇල්ල පොලිසිය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ,බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය මෙන්ම දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් එක්වී පැතිර යමින් තිබු ගින්න කොළඅතු යොදා ගනිමින් ගිනිපටි කපමින් මැඩපැවත්වීමට උත්සාහ කලද ඇල්ල ප්‍රදේශයේ පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වය ත් සමග ගින්න වනරක්ශිතයේ සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
ඇල්ල පොලිසිය ආසන්නයේ පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්න අද (26) දහවල් වනවිටත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල අහස් නවය ආරුක්කු පාලම ආසන්න දුම්රිය මාර්ගය ආසන්නයට පැතිර යමින් තිබිනැයි ඇල්ල පොලිසිය සදහන් කලේය .
කෙසේ වෙතත් ගින්න උඩරට දුම්රිය මාර්ගයට පැතිර යන්නට ඉඩනොදී යුධ හමුදා නිළධාරින් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් මහත් වෙහෙසක් දරමින් කොළ අතු යොදා ගනිමින් රේක්ක භාවිතා කරමින් ගිනිපටි කපාදමම්න් ගින්න මැඩපැවත්වීමේ කටයුතු වල නිරතව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .
ගින්නෙන් මේවනවිටත් අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී පයිනස් ගස් රැසක් විනාශ වී ගොස් ඇතයි පොලිසිය සදහන් කර සිටියේය .
බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ .ඒ.ආර් පී අමරසිංහ පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .පී.පාලිත මහතා ඇතුළු නිළධාරින් වැඩ්දුර පරීක්ෂණ පවත්වති .
අත් අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතය .


2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ලේ ගින්න දුම්රිය මාර්ගය දෙසට
ගුණරත්න Friday, 27 June 2025 08:07 AM
කැලිෆෝනියාව වගේ ලංකාවේ ලැවුගිනි හැදෙන කාලගුණය නැහැ, කැලේ ගින්නක් හැදුනොත් ඒ කවුරුහරි පාදඩයෙක් ගිනි තැබීම් කරපු නිසා තමයි