“ඉස්සර අපේ ගුරුවරුන් හොඳට ඉගැන්වුවා නම්, අපි මීට වඩා ඉහළ තැන්වල ඉන්නවා නේද කියලා ඔබට හිතෙනවා ඇති. අනාගතයේ දරුවන්ට එසේ කියන්න ඉඩ තියන්න එපා. ලබන වසරේ කලාප මට්ටමින් සෑම කලාපයකට ගුරු පුහුණූ මධ්‍යස්ථාන ආරම්භ කරනවා. ගුරු පුරප්පාඩු සියල්ල සම්පුර්ණ කරනවා ” යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.
තොරතුරු තාක්ෂණික ගුරුවරුන් 200 දෙනෙකුට , බටහිර සංගීත ගුරුවරුන් 70 දෙනෙකුට විද්‍යා පීඨ ගුරුවරුන් 161 දෙනෙකුට පත්වීම් ප්‍රධානය කිරිමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගුරුවරු අකුරු විතරක් නෙවෙයි හොද නරකත් ඉගැන්නුව නම් අපේ රටත් මීට වඩා ඉහල තැනක තියෙනව නේද කියල හිතෙනවා.(කෞ)
මෙතන තියෙන්නේ අවස්යතාවය අනුව යාවත්කාලීන නොවූ ආර්ථික ක්‍රමයකට 77 සිට රට යොමුවීමත් මිනිසුන්ගේ ආධ්‍යාත්මය පිරිහීමත් බවයි මගේ හැංගීම. (කෞ)
“ඉස්සර අපේ ගුරුවරුන් හොඳට ඉගැන්වුවා නම්, අපි මීට වඩා ඉහළ තැන්වල ඉන්නවා නේද කියලා ඔබට හිතෙනවා ඇති...." කියන ඒ කෑල්ල මට නම් අදාළ නොවේ. මගේ කාලයේ ගුරුවරුන් ඒ අයට හැකි උපරිමයෙන් අපිට උගන්වන්නට කැපවුණා. පාසල අවසන්වෙලා දිවා ආහාරය ගැනීමෙන් පසුත් අපිට ඉගැන්වුවා. වටහාගැනීමට අපහසු යමක්වේ නම් ගුරු ගෙදරට ගිහිනුත් ඉගෙනගත්තා.ඒ ගුරු දෙවියන්ට පින්සිදුවන්න මම මගේ ලෝකය ඉහළින්ම ජය ගත්තා. නමුත් අපේ සාර්ථක හෙට දවස දැකීම සිය එකම ප්‍රාර්ථනාව කරගත් ඒ දෙවිවරුන් වැනි ගුරුවරුන් වැඩි හරියක් මේ ලොව හැරගිහින්. පන්සලකට පල්ලියකට ගියවිට එතුමන්ලා සිහිකර පින්දීම අදත් මම කරනවා. (නි)
අපි පාසල් යන කලේ නම් ටියුෂන් යනවා කිව්වොත් ගුරුවරුන්ගෙන් අපිට දඬුවම් විඳින්නත් වෙනවා. මම දන්නා විදියට අපේ පන්තිවල නම් කිසිම ළමයෙක් ටියුෂන් ගියේ නැහැ. ගියා නම් ගියේ වැඩ බැරිම ළමයෙක් කාටත් හොරා. විභාග ළං වෙනකොට විෂයයන් අමාරු ළමයින්ට හවස නොමිලේ පන්තියක් දෙකක් කරනවා. ඒක එක පන්තියකට නෙමෙයි, විභාගයට පෙනීසිටින සියලුම ළමයින්ට. එදා ඒ ළමයිනුත් ගුරුවරුන්ට ඒ ගෞරවය ලබාදුන්නා. අද ඉතින් අපේ අනාගත පරපුරේ අධ්‍යාපනය ගැන කවර කතාද? (නි)
ඔබ තුමාගේ වව්චර් ක්‍රමේ නම් වෙනස් කරනවා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද. (ර)
ටියුෂන් පන්තියේවත් පාසලේවත් නිවැරදිව උගන්වන වෘත්තීය ගුරුවරු දැන් නැහැ. ගුරුවරයාගේ කාර්යය වන්නේ දරුවන්ගේ මට්ටම අවබෝධ කරගෙන ඔහුගේ සමාජ වටපිටාව තේරුම් අරගෙන දරුවා තුළ ඇති ශක්තීන් සංවර්ධනය කිරීමත්, සංස්කෘතිය පවරාදීමත් යන කාර්යයන්. මේක ටියුෂන් පන්තියේ කොහොමවත් වෙන්නේ නැහැ. පාසලෙත් වෙන්නේ යන්තමින්. සමාජය ඉල්ලන්නෙම ප්‍රතිඵල විතරක් නිසා විෂය නිර්දේශය රසකර වමාරා ටියුෂන් ගුරුවරයා ගාන හොයා ගන්නවා. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට විවිධ ක්‍රියාකාරකම් කරන පාසල් ගුරුවරු බැනුම් අහනවා. පාසල දන්නවා කරන්න ඕනෑ දේ. නමුත් සමාජයට පෙනෙන්නේ පාසල උගන්වන්නේ නැහැ කියලා. හැබැයි ටියුෂන් වැහිවැහැලා තිබුණත් එක මාස තුනක් පාසලේ ගණිත ගුරුවරයා නැතිවුණොත් ඒ පාසලේ ප්‍රතිඵල අඩුවෙන එක ෂුවර්. දරුවන්ට හොදට විෂය කරුණු කියලා දෙන පරණ තාලේ ගුරුවරු නොවෙයි අද අවශ්‍ය, දරුවන් තේරුම්ගෙන ඔවුන්ව සංවර්ධනය කරන ගුරුවරු (නි)
අදහස නම් හොඳයි (නි)
අපි පාසල් යන කලයේනම් පාසල් වලට පරීක්ෂක මහත්වරු ආව පාසල්වල ළමයිගේ අධ්‍යාපනය හරියට කෙරෙනවද ? නියමිත කාලවලට (මාසයක් තුල) ළමයට ඉගැන්වීමට අදාල විෂය නිර්දේශය සම්පුර්ණ කලද ? පාසලේ හැම පංතියකම ළමුන් නියමිත අධ්‍යාපන මට්ටමට පැමිණ සිටිනවද? බලන්න එමනිසා ගුරුවරුන්ද තමන්ගේ විෂය නිර්දේශයට අදාලව සටහන් පොත් සකස් කරගන ඒවාට අනුව නියමිත කාල වකවානු වලදී එම පාඩම් මාලාවන් උගන්වා නිම කලා. (ර)
ඔවි මටත් කියන්න තියෙන්නේ විජිත් කියපු දේම තමයි මම විජිත තරමි අධ්‍යාපනයෙන් ඉහලට ගියේ නැහැ නමුත් අපේ තිබුණු පරිසරයට සාපේක්ෂව මා ලැබු අධ්‍යපනය ගැන හදවතින්ම සතුටු වෙනවා මෙලෙස ගුරුවරුන්ට අවමාන කරන්න එපා ඇමතිතුමණි ඇමතිතුමාලට වඩා වැදගත්ම දෙයක් කරන්නේ ගුරුවරු (කෞ)
පුරුදු විදියට කටින් බතල කොළ හිටවලා නම් වැඩක් නැහැ. කරලා ඉවරවෙලාම ඒක ගැන කතා කරන්න. (නි)
පාසල් තුළ හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙනවා නම් ළමයිට හවසට අමතර පන්ති යන්න ඕනෑ නැහැ. මේ තරඟය දරුවන්ගේ මනසට වදයක්. මේ තුළින් බිහිවෙන්නේ රටට දැයට වැඩදායී පුද්ගලයන්ද කියන එකයි සැක (නි)
ළමයින්ට ටියුෂන් යන්න වෙලා තියෙන්නේ ගුරුවරු තේරෙන්න උගන්වන්නේ නැති හින්දා. අද ගුරු වෘත්තියට පිවිසෙන්නේ උගන්වන්න හැකියාවක් තිබෙන නිසා නොව හුදෙක් රැකියාවක් ලෙස සළකලා. ගැහැණු අය ගුරු වෘත්තියට පිවිසෙනවා පහසුවෙන් ගෙදරදොරේ වැඩ ටික කරගෙන ළමයි හදාගෙන ඉස්කෝල වලට දාගන්න. (නි)
අරමුණ නම් ඉතා හොඳයි. සාර්ථක වේවා! (නි)
"පත් කළ යුතුයි ගැලපෙන්නෙක් ඇමති ලෙස" (කෞ)
අගේ කලයුතු හොද දෙයක්. 2016 පාසැල් වල පළමු ශ්‍රේණියට ඇතුලුවීමට ඉන්න - තේරී නොමැත- ලේඛනයේ ඉන්න සියලු දෙනාටම සුදුසු පාසැල් ලබාදීමට ඔබතුමාගේ කාරැණික අවධානය යොමුවේවා.(ර)
ටියුෂන් පාලනයක් රටට උවමනා කර තිබෙන කාලයක් ! (බ)
" මුදලින් නෙවෙයි රෙදිපිලි දෙමු දරුවන්ට' (ර)
ඇයි රෙදි දෙන්නේ ඇයි කිරි බිස්කෙට් දෙන්නේ ! ඒ මුදලුත් දාල හොඳට ගෙවල හොඳ ගුරුවරු ගමු., පහසුකම් වැඩි කරමු! ළමයට හවසට පන්ති යන්න ඕනත් නැහැ ! ඒ ඇදුම් එක ඉතුරුයි! වෙලාව ඉතුරුයි (කෞ)
ගුරුවරුන් තමන්ගේ වගකීම හොඳින් ඉටුකරනවා නම් රටේ අධ්‍යාපනය නිසි තැනට ගෙනෙන්න පුළුවන්. හොඳ නිරීක්ෂණ මඬුල්ලක් රට තුළ කොට්ඨාශ මට්ටමින් පිහිටවන්න ඇමතිතුමනි. ඒ තුළින් ගුරුවරු නිසිමඟට ගන්න පුළුවන් (නි)