(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරිමේ ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක අද (23) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙය ගොඩනැගිල්ල තුල ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
ඇල්පිටිය පොලිසිය,ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හා නගර වාසීන් එක්ව ගින්න නිවාදැමීමට උත්සාහ ගත් අතර එම ගොඩැනැගිල්ල තුල හා අසල තිබූ ව්‍යාපාරික ස්ථානවල තිබූ බඩු ඉක්මනින් ඉවත් කිරීමටද ඔවුහු පියවර ගත්හ.
සෑහෙන වේලාවක් ගින්න පැතිරී ගිය අතර ප්‍රාදේශීය සභාවේ ජල බවුසරය හා හදිසි ගිනි නිවීමේ රථ දෙකක් පැමිණ සෑහෙන වේලාවක් උත්සාහ  ගින්න නිවාදැමීමට උත්සාහ කරමින් සිටිති.