කඩෙන් රුපියල් විසිපන් දාහසකට ගත් 125 සීසි එන්ජිමට එහෙන් මෙහෙන් සොයාගත් උපකරණ සවිකැර හයිබ්‍රිඩ් කාරයක් හැදීමට ඔරුගොඩවත්තේ ජපන් ටෙක් සිසුවෙක් සමත් විය.
මොටරය ඉවත දමා තිබූ වාහනයකින් ගෙන ඇත. පරණ ටයර් 4ක් රිම් 4ක් මේ සඳහා යොදාගෙන ඇත. පරණ ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් සවිකර තිබේ. බ්‍රේක් පැඩ්ලය හා ගියර් ලිවරය බැටරිය ද වෙනත් වාහනයකින් ඉවත් කළ ඒවාය.
සාමින්ද ඉන්චේටරයක්, ඔටෝ ස්ටාර්ඩ් සර්කිට් පද්ධතියක් තනා අලුතින් වයර් කැර ත්‍රිරෝද රියක ඩිපරෙන්සල්යක් ගෙන ස්පොකට් කපල් කර සාදාගෙන ඇත.
තහඩුව චැසිය අඟල් දෙකේ යකඩ පයිප්පයකින් සාදා ඇත. 2013 වසරේ මෝටර් යාන්ත්‍රික ශිල්පය හැදෑරීම සඳහා මෙම ආයතනයට ඇතුළත් වී ඇති මේ ආධුනික සිසුවා ඇල්පිටිය බටුවන්හේන පදිංචි සමින්ද රුක්ෂාන් ගුරුසිංහයි.
ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පාසල් අවධියේ දී ද දිස්ත්‍රික් මට්ටමින් විවිධ දස්කම් දැක්වීය
සහසක් නිපැයුම් 2013 වැඩසටහන වෙනුවෙන් මෙම රථය ඔහු නිපදවා ඇත.
125 සීසී එන්ජිමක් සහිතව පැයට නිකුත් මීටර් 30 -70 ක් අතර වේගයකින් ධාවනය කළ හැකි පරිදි නිපදවා ඇති මෙයින් දහනය වන වායුව අවට වායු ගෝලයට මුදා හැරීමේ ගුණාත්මක භාවය අතින් ද විශේෂත්වයක් ඇතැයි එම ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ උපදේශකවරු පවසති.
බැටරියේ වෝල්ටීයතාවය වැඩි කිරීමට පේනුවක් සවිකර තිබීම හා සූර්ය කෝෂ බල ශක්තිය ලබා ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති විශේෂත්වයකි. එමෙන්ම හයිට්‍රිජන් වායුව උපයෝගී කොටගෙන මෙම එන්ජිම වැඩිදුරටත් දියුණු කිරීම ද මෙම ශිෂ්‍යාගේ අරමුණ වී තිබේ.
කාර්මික ක්ෂේත්‍රයේ දැනට යෙදී සිටින තම පියාගෙනුත් ආයතනයේ උපදේශකවරුන්ගේත් උපදෙස් මත දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් රුපියල් 70,000ක පමණ වැයකොට තමන්ට මේ රථය නිපදවීමට හැකියාව ලැබුණු බව සමින්ද පවසයි.
මේ වාහනයේ පැට්‍රල් ලීටර් 4ක ටැංකියක් ඇත. පෙට්‍රල් ලීටරයකින් කීලෝමීටර් 50ක් පමණ ධාවනයකළ හැකි බව සමින්ද පවසයි.
ඉන්ධන ඉවත් කිරීමේ හා පරිසර දූෂණය අවම කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය නිමවා ඇති බවත් තමන්ට මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත හැකි වුවහොත් ඉදිරියේදී මෙම වාහන නිෂ්පාදනයට අතගැසීමට ද ඔහු අදහස් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරියි හොඳද. නියම සිංහල කොල්ලෙක්.(නදී)
හොඳම දේ පිටරටකට යන එක පුතේ. ඔයාගේ දැනුමෙන් වැඩගන්න විදේශිකයෝ දන්නවා .අර මල නොතලා රොන් ගන්නේ අන්න ඒ වගේ. ලංකාවට ඕවා අගයක් නැහැ.(නදී)
නියම වැඩක් සුභ පැතුම් අපෙන්.(නදී)
ඔය මේ පුංචි ලංකාවට ලොකු ආඩම්බරයක්!!!! සුපිරි වැඩක් !!!!!! මගෙන් සුබ පෙතුම් සමින්ද!!!!!!! සුබ අනාගතයක්!!! (අ)
මව් බිමට ආඩම්බරයක්! (නදී)
නියම කොල්ලෙක්. මේ වගේ මෝටර් රථ හදලා ලංකාවේ තියෙන ත්‍රීවීල් ඉවත් කරන්න ඕනේ. මල්ලී ඔයාට සුභ අනාගතයක් වේවා! (නදී)
හදවතින්ම මම සුබපතනවා ඔබ මගේ ලක් මවගේ පුතකු වීම ගෙන හා ඔබගේ හැකියව ගැන සොයුර ඔබට තව තවත් මෙවන් පෙරලි කරන්න වාසනාව ශක්තිය ලැබේවි එක සිතින් ප්‍රර්ථනා කරනවා ඔබට ජය (අ)
මේකට කොහොමද පේටන්ට් ගන්නේ? එක එක වාහන වල කෑලි අරගෙන හදලා තිබෙනකොට පේටන්ට් බලපත්‍රය ගන්න බැහැ නේද? (නි)
ගොඩක් හොඳයි මල්ලි ඔයාගේ වැඩ. මම සුභ පතනවා මේ වගේ දෙයක් හඳුන්වා දුන් එකට (නි)
අනේ වාසනාවන්. (නදී)
සුබපැතුම් . පේටන්ට් එක ගන්න බලන්න. ඔයාගේ දක්ෂතාවය ඉන්ටෙර්නෙට් හරහා කියන්න . ලංකාවේ අප්පුලට ඕකෙන් වැඩක් නැහැ. කොමිස් ගහන්නත් ඡන්ද ගන්නත් විදියක් නැති නිසා. (ස)
ඔබ අපේ රටට ලොකු ආඩම්බරයක් (නි)
ඔබට ජය (අ)
ප්‍රවේශමෙන් වැඩ කරගෙන යන්න කොල්ලෝ (නි)
රජයට උවමනාවක් තියෙනවා නම් දියුනු කරලා ත්‍රිරෝද රත වලට ආදේශකයක් හැටියට එලියට දන්නා පුළුවන්, එත් මේක ලංකාවේ සිද්ද වෙයිද කියල හිතන්න අමාරුයි .(අ)
ඔබට ඔබේ උත්සාහයට ජය පතමි.(නදී)
ඔයාලා වගේ අය අපේ රටට සම්පතක් මට හිතෙන විදියට අපි අපේ උරුමවල් රැකගන්න ඕන පවතින රජය උදව් කල යුතුයි. ඔයාට හොද අනාගතයක් තියෙනවා අපේ රටටම වැඩක් කරන්න ජයවේවා ! (ස)
එල.එල....වැඩේ සුපිරි කොල්ලෝ..අපේ දකුණේ කොල්ලෙක් වීම ගන තවත් ආඩම්බරයි...මේ නිෂ්පදනය තව මේ කොල්ලට දියුණු කරලා රටට සේවයක් කරන්න ඉඩ දෙන්න කියලා මේ රජයෙන් ඉල්ලා සිටිනවා....සුබ අනගතයක් ....(අ)
හදවතින්ම සුභ පතනවා.ඉදිරියටම යන්න.දෙවි පිහිටයි (දිල්)
දකුණේ කෙනෙක් විදියට මටත් ආඩම්බරයි දරුවෝ. මෙය තව දියුණුකරගෙන හොඳ දෙයක් ලෝකෙට දෙන්න. පිටරටක මෙය කරනවා නම් වඩාත් හොඳයි. මෙහෙ ඔබ වගේ අයට ඉඩක් ලැබෙයිද සැකයි. ඔබට සුබ පැතුම්! (නි)
කොච්චර දක්ෂ දරුවන් අපේ රටේ ඉන්නවද? (නි)
ඔය මේ පුංචි ලංකාවට ලොකු ආඩම්බරයක් සුපිරි වැඩක් මගෙන් සුබ පැතුම් (දී)
ගොඩක් ආඩම්බර හිතෙනවා අපේ රටේ අනාගතය ගැන. ඔයාලා වගේ තවත් දක්ෂ අයට මේක හොඳ ආදර්ශයක්. මගෙන් සුභ පැතුම්! (නි)
නියමයි කොල්ලෝ ..කොහොමද අපේ ගම.(අ)
ඇත්තටම ආඩම්බරයි මල්ලියො. නිර්මාණය තව දුරටත් වැඩි දියුණු කර, ඔයාගේ ඉලක්කයන් කරා ඉක්මනින්ම ලඟා වීමට හැකියාව ලැබේවා කියල පතනවා. (අ)
හරිම අපූරුයි පුතා. ඔබට සුභ පතනවා අනාගතයේ වඩාත් හොඳ නිර්මාණ බිහි කරන්නග (ස)
වෙන අයවගේ දැනුම පිටරටට දෙන්න එපා මල්ලි. ලංකාවට මගේ ඉපදුන රටට මොකක් හරි කරන්න හිතපන්. උබව ගෙනියන්න පිටරටවල අය පොරකයි. (නදී)
නියමයි මල්ලි. කියල වැඩක් නෑ. මගේ උණුසුම් සුභ පැතුම් දිග ගමනක් යන්න. එකම දේ රැවටිලි කාරයන්ගෙන් පරිස්සම් වෙන්න.(නදි)
ඔයාල වගේ දරුවො අපෙ රටට ආඩම්බරයක්. ඔබට සුභ අනාගතයක්. (අ)
හරිම අපූරුයි පුතා. ඔබට සුභ පතනවා අනාගතයේ වඩාත් හොඳ නිර්මාණ බිහි කරන්න.(දිල්)
සුභ පැතුම්! (නදී)
නියමයි .සුබ පැතුම්. (දී)
හොඳ නිර්මාණයක් . ඔබට සුභ පැතුම්(දිල්)
හොද වැඩක් සුභ පැතුම් (දිල්)
ආඩම්බරයක් දැනෙනවා ලාංකිකයෙක් නිසා.නුඹට හදවතින්ම සුබ පතනවා.(අ)
නියමයි! (නදී)
ඔබවන් පුතුන් රටට වාසනාවක් (අ)
සුභ අනාගතයක්! (නදී)
ඔබේ උත්සාහය අතී විශිෂ්ටයි ඒත් ලංකාවේ රජයෙන් කිසිම සහයක් අත දීමක් බලාපොරොත්තු විය නොහැකිය.(හේ)
මල්ලී ඔයගේ නිපැයුම ගොඩක් අනර්ඝයි දැනුම තවත් වැඩිකර ගන්න ඔබේ අනාගතය සදාගන්න වාසනාව දිරිය ලැබේවා (අ)
විශිෂ්ඨයි
කණගාටුයි පුතේ කියන්න. ඔවැනි දේට අපේ රටේ තැනක් දෙන්නේ නැහැ.
හොද වැඩක් , අපෙන් සුබ පැතුම් !!! (අ)
අපේ රටට වටින්නේ ඔය වගේ කොල්ලෝ තමා. සුබ අනාගතයක්.(නදී)
එල කොල්ලෙක්නේ සුබ පැතුම් මගෙන්, අපේ ජපන් ටෙක් එකේ නම තියපු ඔබට දිගු ගමනක් යන්න ලැබේව, !! කවුරු හරි බලදරියෙකුගේ ඇස ගැටුනොත් හොදයි (අ)
ඉතා හොඳ වැඩක්. සුභ පැතුම්. මෙය තවත් දියුණු කරන්න (නදී)
ඔබ අපිට අපේ රටට වාසනාවක් (දිල්)
අපේ රටට වටින්නේ ඔය වගේ කොල්ලෝ තමා. සුබ අනාගතයක්.(නදී)
අනර්ඝ නිපැයුමක් (අ)
නියමයි මල්ලි.(නදී)
අනර්ග නිපැයුමක් (අ)
125 සීසී එන්ජින් එකක් එක්ක ලීටරයට 50 කිලෝමීටර් දුවනවා කියන එක සාමාන්‍ය දෙයක්නේ. ඕක ඇත්තටම හයිබ්‍රිඩ් ද ? (නදී)
ආඩම්බරයි මචන්.....(අ)
ලංකාවට අනාගතය්දී විශාල කීර්තියක් ගෙන්න පුලවන් වීර දරුවෙක්.ලංකාවේ රජය පොඩ්ඩක් මේ ගැන හිතන්න.(අ)
කොහොම හරි ඕක වෙළද පොලට දාන්න පුතේ, ඔයාට ජය වේවා, (අ)
හොදයි (අ)
සුබපැතුම්,නිසිතැන ලැබේද? (අ)
මේ වගේ වැඩ වලට රජයෙන් අත දෙනවනම් අපේ රට බබළවන්න පුළුවන්.(අ)
මෙයාගෙන් වැඩක් නොගෙන වෙන රටකට බාරදෙමු (අ)
ඔබට අපේ සුබ පැතුම් (අ)
නියමයි... ලංකාවේ කොච්චර දක්ෂ අය ඉන්නවද මේ වගේ..නමුත් ඒ අයට වග කිව යුත්තන්ගෙන් කිසි උදව්වක් නැ. මොනවා උනත් මොහුට තවත් නව නිර්මාණ කිරීමට හැකි වේවා කියා පතනවා (අ)
සුපිරි ගනයේ වැඩක් (අ)
පුතා පැහැදිලිවම හොද අනාගතයක් ඇති කෙනෙක් කියල පේනවා ජනාදිපති තුමාට ඔයාගේ දස්කම් පෙනෙයිද දන්නේනැහැ පෙනුනොත් හොදි (අ)
නියමයි! (නදී)
හොද උත්සහයක් ...(අ)
මෙම ප්‍රමාණයේ වාහන ගොවිපල කටයුතු සඳහා ලොව බොහෝ රටවල නිපදවනවා. ජෝහ්න් දීර් වගේ සමාගම්. අපට ඉන්දන ප්‍රශ්නයක් තිබෙන නිසා මෙය වැඩි දියුණු කර නිෂ්පාදනය කලොත් පිටරටවලට අලෙවිකළ හැකී. ඔබේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබට හැකි වේවා කියා පතමි.(අ)
හොද හොයා ගැනීමක්. අපේ කරුමෙට මේ යන වැඩ පිලිවෙලේ අසීමාන්තිකව බදු ලැබෙන ව්‍යාපාරයක් නිසා ඔබගේ නිපැයුමට රජයෙන් කිසිදු සහයෝගයක් ලැබේ යැයි විශ්වාස කල නොහැකියි. රටට අවශ්‍ය ඔබ වගේ අයයි. මෙයින් නොනැවතී ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි. (අ)
ඔබට ජය වේවා. (අ)
මෙන්න නියම වැඩකාරයෝ (අ)
වැඩේ මාරු (අ)
මේ අපේ ලංකාවේ සිංහල කොල්ලෙක්. මේකත් නිකම් සාමාන්‍ය නිව්ස් එකක් විතරක් වෙයිද. (අ)
සුබ පැතුම් සහෝදරයා. (ස)
ආඩම්බරයි මල්ලියෝ (අ)
ඔබට මගේ උත්තමාචාරය. අපිට ආඩම්බරයි පුතා. (ස)
අත් ට්‍රැක්ටරය මුලින්ම සොයාගත්තේ රේ විජේවර්ධන නම් වූ විශිෂ්ට ලංකා පුත්‍රයා විසිනි. එයට ලංකාවේ තැනක් නො දීම නිසා ලෑන්ඩ් මාස්ටර් සමාගමට පවරන ලදී. එවැනිම විශිෂ්ටයෙකු වූ මහාචාර්ය සනත් රණතුංග මැතිඳු විසින් වැඩි දියුණු කල අත් ට්‍රැක්ටරයක් නිපදවන ලදී. එයටත් තැනක් නොදීමෙන් කුබෝටා සමාගමට පවරන ලදී. බොහෝ නව නිර්මාණ කල මාතර වෛද්‍ය වරයෙක් රටට එපා වූ නිරමාණ නමින් ප්‍රදර්ශනයක් පවත්වන ලදී. ඒ ලංකාවේ හැටි. පුතේ ඔයා ලෝකෙට වටිනවා. ඉදිරියටම යන්න. (අ)
මගේ සුබ පැතුම් ...... (ස)
රජයෙන් දේශීය බුද්ධිමතුන්ට ආත්ම ශක්තියකින් දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න දෙනවා නම් ලොකු දෙයක් රටට ආඩම්බරයක්(දිල්)
අති විශිෂ්ටයි!!! (නි)
ලංකාවේ ඔක්කොම වැඩකාරයෝ (අ)
මෙය අගය කළ යුතු වැඩක්. කොහොම හරි තව උදව් කරලා දියුණු කිරීමෙන් රටට සේවයක් ගත හැකිවනු නො අනුමානාවේ. සුභ අනාගතයක්.(නදී)
අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ ගැන ආඩම්බර විය හැකි අතර රටේ මුල් පුටු වල ඉන්න පුද්ගලයන්ට මේ ගැන ඒ හැටි වැදගත් කමක් දෙනෙන්නේ නැත්තේ සමහර විට ඒ අයට පිට රටින් එන කොමිස් මුදල් නොලැබෙනනිසා යැයිසාකයක්ද පවතී. (අ)
කෙටියෙන්ම සුපර් මල්ලී (අ)
ඔබ වෙනි පුතුන් මේ රටට ආඩම්බරයක් පුතේ. (අ)
ජයෙන් ජයම වේවා... නුබට පුතේ (අ)
ඉස්සරහටම පලයන් මල්ලී, හැබයි වෙන රටකට ගිහින්....! මේ රටට උඹෙන් වැඩක් නැහැ....මොකද ඉන්න උන්ට බඩේ පාර උඹෙන්....උඹ ගැන ආඩම්බරයි...රට ගැන දුකයි...... (ස)
ඔයාට සුබ අනාගතයක (අ)
මෙය අගය කළ යුතු වැඩක්. කොහොම හරි තව උදව් කරලා දියුණු කිරීමෙන් රටට සේවයක් ගත හැකිවනු නො අනුමානාවේ. සුභ අනාගතයක්. (දිල්)
ඔබට සුබ පතමි, (දිල්)
නිර්මාණය තව දුරටත් වැඩි දියුණු කර, ඔබගේ ඉලක්කයන් කරා ඉක්මනින්ම ලඟා වීමට හැකි වේවා. (දිල්)
නියමයි (අ)
අපි සුභ පතනවා රටේ කවුරු හරි ඉදිරිපත්වෙලා මේ දරුවාගේ නිපැයුම නිෂ්පාදනයක් බවට පත් කරනවානම්. (අ)
මම මෝටරථ ව්දුලි කර්මික කෙනෙක් ඔයට උදඕ ඔනේ නම් මට කත කරන්න ..(අ)
තේරුමක් නැති දෙයක් (අ)
වාසනාවන්(අ)
ඔබ ගැන අපිට ආඩමිබරයි............!!!!!!! (අ)
එල කොල්ලෙක්. මේක වාණිජව නිපදව රටට දෙන්න. ඔබට ජය. (අ)
අතහිත දෙනවා නම් මෙන්න කොල්ලෝ (නි)
ඔබට සුබ අනාගතක් මල්ලියෝ (ත)
නියමයි.මේ වගේ තව තවත් අලුත් සොයා ගැනීම් ඉදිරිපත් කිරීමට ඔබට වාසනාව උදාවේවා.ඒ වගේම වගකිව යුත්තන්ගේ ද අවධානය යොමුවේවා. ඔබගේත් මගෙත් මව්බිම බබලවන්න ඔබට ශක්තිය ලැබේවා. (ස)
දැන් කරන්න තියෙන්නේ හොඳ යෝජකයෙක් හොයාගන්න එක . නැතිව කවදාවත් උඩට ඒමක් නෑ. 20% -25%ක් ලාබය බෙදෙන විදියට ආයෝජනයක කරන්න කැමති කෙනෙක් හොයාගන්න. ලංකාවේ මිනිස්සු කොච්චර නව නිපැයුම් කලත් ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ අවදානමක් අරගෙන මුදල් යොදවන මනුස්සයට ලාබයෙන් කොටසක් දෙන්න වෙන නිසා . (අ)
ඇත්තටම මේ උත්සාහය ගොඩක් අගය කල යුතු දෙයක්. අපේ රටේ කොල්ලෙක් මේ වගේ වැඩක් කරනවා කියන්නේ අපිට ලොකු ආඩම්බරයක්. කොහොම හරි තව දුරටත් ඉගෙනගෙන අපේ රටේ ශ්‍රී ලාංකීය නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් හොද නිර්මාණයක් කරන්න හැකි වෙන්න කියා හදවතින්ම පාර්ථනා කරනවා. (ත)
ලංකාවට වටින පුතෙක්
හොඳ වැඩක් (අ)
පරිස්සමින් මල්ලි. ලංකාවේ ඕකට තැනක් දෙන්නේ නැහැ. ඉගනගෙන වෙන රටකට ඉක්මනින් ගිහින් ලංකාවේ තැනක් දෙන කාලයක් එනකොට අපහු එන්න,(අ)
සුබ පැතුම් (අ)
මමත් 2012 කණ්ඩායමේ කෙනෙක් සුභ පැතුම්(දිල්)
විකාර...(අ)
නියම දක්ෂයෙක් මල්ලී ඔයා
සුබ පැතුම්.(නදී)
නියමයි කොල්ලෝ ඔහොම යං. (ස)
නියමයි කොල්ලෝ ඔබට තව තවත් මෙවැනි නිපුයුම් කිරීමට දිරිය හා ශක්තිය ලැබේවායි පතමි.(අ)
අපිට ආඩම්බරයි . කවද හරි අපිට අපේම එකක යන්ද ? (අ)
සියළු දෙනාටම ස්තුතියි.(නදී)
මුලු ඇල්පිටියටම අඩම්බරයි සහොදරයා (ත)
හොදයි මල්ලි ලංකාවේ වාහනයක් කවද පදින්නද මල්ලී.(අ)
ඔබට ජය වේවා!! (නදී)
සාර්ථක වේවා, නව නිපැයුමක් ලෙස ලංකාවට අපනයන වෙළඳ පොලක් හිමිවීමේ අවස්ථාවක් ලැබී ලංකාව කාර්මික නිෂ්පාදනයට දොරගුළු විවර වේවා !!!!!!!(දිල්)
හොඳ දක්ෂයෙක් , යමක් කමක් තියෙන සල්ලි තියෙන කෙනෙක් මේ දරුවා දිහා බැලුවොත් උදව් කරාවි සුභ පැතුම් (දිල්)
මෙවැනි තරුණයන් රටට දායාද කරනු ලබන මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය කටුනායක අධිවේගී මාර්ගය නිසා කඩා ඉවත් කර දැමීමට තීරණය කර තිබීම රටේ අවාසනාවක්(දිල්)
යාළුවා නියමයි කියන්න වදන් එන්නෙ නෑ සුපිරිය් ලංකාවට ලැබුණ වාසනාවක්. බොක්කෙන්ම සුබ පතනවා. පුළුවන්තරම් ඉස්සරහට යන්න (අ)
දක්ෂ කොල්ලෙක් සුභපතනවා (අ)
නියම වැඩක්.සුබ අනාගතයක්. (නි)
සියල්ලටම ප්‍රථම අපගේ ආචාරය මේ දිරිය පුතුට(දිල්)
සුබ පැතුම් මල්ලි . දෙවි පිහිටයි (අ)
බොහොම සතුටු විය යුතු දෙයක්. අපි මේ වගේ දක්ෂ දරුවන්ට උදව් කලයුතු කාලයක්.(නදී)
අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්නෙ ,ඔයාට සුබපතනවා හදවතින්ම .ඔයා අර වජිරාගේ අදහස බලන්න එපා මල්ලි (අ)
ඔබ වන ළමයි ජාතියට වාසනාවක් (දී)
පට්ට වැඩක් හදවතින්ම සුබ පතනවා (අ)
...ඔබ ජාතික සම්පතකි....ඔබේ උත්සාහය සාර්ථක වේවා!!! (අ)
නියමි, මෙන්න කොල්ලෝ (අ)
ඉංජිනේරුවෙක් කියන්නේ යන්ත්‍රයක් සැලසුම් කරලා නිෂ්පාදනය කරන කෙනෙකුට. නමුත් ලංකාවේ ඉංජිනේරුවෝ කී දෙනාද මෙහෙම වැඩක් කලේ.(නදි)
ඔයාල වගේ දරුවො අපෙ රටට ආඩම්බරයක්. ඔබට සුභ අනාගතයක් (අ)
මල්ලි උබ මේ රටේ නං ඕක වැඩිදියුනු කරන්න එපා. උඹලා වගේ අයට කවදාවත් මේ රටේ නම් ගොඩ එන්න වෙන්නෙ නැහැ. (නදී)
සුබ පැතීම පමණක්ම සහෙන්නේ නැහැ පුළුවන් අය මේ යාලුවට හෙල්ප් කරමු එදිරියට යන්න වගේම මේ රටට වාසියක් ගෙන්න (අ)
නියමයි මල්ලි. මුලින්ම මේකට පේටන්ට් ගන්න. ඉන් පස්සේ වාණිජ නිෂ්පාදනයට යන්න පුළුවන්.(නදී)
අපිට හුගාක් සතුටුයි.ඔබට සුභ පැතුම් (දිල්)
සුබ අනාගතයක්! (නි)
ඔබට මගෙන් සුභ පැතුම්. (අ)
ඔබට මගේ සුබපැතුම්. (දිල්)
අනේ මල්ලියෝ අපේ රටේ නම් ඔයාට තැනක් හෝ පිළිගැනීමකුත් නෑ. අපේ රටේ දේශපාලකයන්ට ඔබ වැන්නවුන්ගේ අගය නොතේරේ. ඔනු්ට ඕනෝ කොමිස් පමනි. ඔබට සුබ අනාගතයක්. (නදී)
සුභ පැතුම්! (නදී)
නියම වැඩක් .... ජය ....(අ)
වැඩේ නම් අනර්ඝයි. (දිල්)
දක්ෂ මල්ලියෙක්. උණුසුම් සුභ පැතුම් වගේම තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවායි පතමි.(නදී)
දක්ෂ මල්ලියෙක්.උණුසුම් සුබ පැතුම් වගේම,තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවායි පතමි....!!! (අ)
වජිර ඉන්දියාවේද...??? (අ)
වැඩේනම් එළකිරි.. එත් ඕව ඉස්සරහට යන්න දෙන්නේ නැහැ තෙල් කොම්පැනි කාරයෝ.. (අ)
අප රටේ තිබෙන සීමාසහිත සම්පත්වලින් සහ අවස්ථා වලින් මෙවන් නිර්මාණ කරන එක සියලුදෙනා අගේ කල යුතුයි. ඔබට සුබ පතනවා. (අ)
සුබ පැතුම් මගෙන් ජය වේවා (ස)
සුබ පැතුම්! (නි)
ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ, ඉතා දක්ෂ සිසුන් බිහිවන ආයතනයක්, 1971 වසරේ මේ පාසලේ විවිධ අංශවල දක්ෂ දරුවෝ සියගානක් පාරවල්, පාළම් හා ගංගාවල් ගානේ මරා දැම්මා. (අ)
ඔබේ ජයග්‍රහණය අපේ අනාගතයයි. (නි)
මට එකක් ගන්න ඕනේ. දුරකතන අංකයක් දෙන්න.(නදී)
රටට ආඩම්බරයක් (දිල්)
වාහන ලියාපදිංචි කිරීමේ කන්තෝරුවේ කොමිස් පෙරේතයන්ගෙන් බේරිලා වාහන ආනයන කරුවන්ගේ උදලු දැමිලි වලින් බේරිලා වාහන ෆැක්ටරියක් ඇරඹීමේ වාසනාව උදාවෙන්න කියල මේ නව වසර ලැබු මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා. හැකි ඉක්මනින් ඔබේ නිර්මානයන්ගෙන් ලංකාවේ මාර්ග සැරසේවා. ලොව දිනන්නටද වරම් ලැබේවා.!(නදී)
සුභ පැතුම්! හොඳ වැඩක් (නි)
ඔබට මගේ සුබ පැතුම් ලංකාව ඔයාගෙන් වැඩක් ගනී කියල නම් හිතන්න අමාරුයි (අ)
විශිෂ්ටයි . නමුත් අපේ රටෙන් සපෝර්ට් එකක් නම් අන්සුව්ර් නේද .. (දී).
ඔබව දැනටමත් විකුණා අවසන් (අ)
බලාගෙන !! අපේ නරුමයෝ ඔයාට ලෙඩක් දාවි මොකක් හරි පොටක් හොයාගන.!! චන්ද්‍ර (අ)
ඔය දක්ෂ කමට අපේ රටෙ නම් තැනක් ලැබෙන්නේ නැහැ වෙන රටකින්වත් ඉල්ලීමක් කරලා බලන්න එත කොට නම් ඔය බලාපොරොත්තු ඉටු කර ගන්න පුළුවන් වෙයි .(අ)
ඇල්පිටිය කොල්ලෝ කවදත් විප්ලව වල පෙරමුණේ!1971 සිට !! (අ)
ලංකාවේ නිලධාරින්ට මේවා තේරෙන්නේ නෑ (ත)
තවත් නිර්මාණ ඉදිරිපත් කරන්න. ඔබට සුභ පැතුම්! (නදී)
මම සුබ පතමි ,ඉදිරියට හමුවන්නට බලාපොරොත්තු වෙමි . (අ)
නියමයි ජය වේවා! (නදී)
සුබ අනාගතයක් වේවා රත්තරන් පුතේ, අනේ අපේ රටේ කවුරු හරි ඉදිරිපත්වෙලා මේ දරුවාගේ නිපැයුම නිෂ්පාදනයක් බවට පත් කරනවානම්. එතකොට රුපයල් 400000.00 විතර දීල ඉන්දියවෙන් ගේන මලකඩ ත්‍රීවිල් ටික වත් නවත්වන්න පුළුවන් වෙයි. බාල ඉඳිං ත්‍රීවීල් වෙනුවට අපේම කාර් එකක්. (අ)
බොහොම අපුරුයි. ඉදිරියට යන්න.(නදී)
හොඳ වැඩක්. අපි සුභ පතනවා. වැඩිදියුණු කරලා ආරක්ෂාව සහතික කරලා පාරට දාන්න. (අ)
ඉහතින් පෙනෙනවා නේද ඔබට ලැබෙන ඇගයීම්? ඔබ ලංකාවට ගැළපෙන අයෙක් නොවේ. ඔබ හරියන්නේ අැමරිකාවට හෝ බටහිර ධනවාදී රටකටයි. (නි)
ඔබ වැනි රටට අවශ්‍ය දරුවන් තවතවත් බිහි වේවා .දියුණු කර ගන්න ඔබට ජය
ලංකාවෙ ඉන්න වගකිවයුත්තන්ගෙ ඇස් තියනවනම් මෙන්න අතදෙන්න වටින අය. අපේ අයට පුලුවන් මෙයාලා පිට යනකන් බලා ඉන්න විතරයි. (දී)
නියම වැඩක් (බ)
නියමයි අයියා කියලා වැඩක් නෑ. මාත් ආසයි ඔය වැඩ වලට. මගේ සුබ පැතුම්! (නදී)
නියමයි.. තව මොඩිෆයි කරලා ලංකාවෙම කියලා වහානයක් හදමු අඩුම මිලට අපේ අයට දෙන්න. දකුණෙ කොල්ලට ඡය... (දී)
මෙවෙනි දක්ෂතා තියෙන විවිධ ක්‍ෂේත්‍රවල හපනුන් ගැන තොරතුරු මාද්‍ය මගින් අහන්ට අපිට වාසනාව තිබුණා. නමුත් ඒ කට්ටියගේ නිෂ්පාදන වැඩි දියුණු කරන්ට රජයෙන් හෝ කවුරුන් හෝ ඇත දීමක් සිදුකරලා නැති නිසා ඒ කට්ටිය අවාසනාවන්තයි කියලා මට හිතෙනවා. මෙහෙම දක්ෂයෝ ඉපදෙන්ට තිබුනේ ලංකාවේ නෙවෙයි කියල එහෙම වෙලාවට හිතෙනවා. මෙහෙම දරුවෝ යමක් නිර්මාණය කරපුවාම පණ්ඩිතයෝ ඒවා අගයකරනවා වෙනුවට හෑල්ලු කරලා දානවා. ඒක නිසා අපේ රටේ ආර්ථික සංවර්ධන ඇමතිවරයාට මේ නිර්මාණය ඉදිරිපත් කරලා ඉදිරි කටයුතු සඳහා උදව් ලබාගන්ට කියල මම සමින්ද රුක්ෂාන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට ජය! (නදී)
මොන බාධක ආවත් ඉදිරියටම යන්න මගෙන් සුභ පැතුම්! (නදී)
නියම කොල්ලෙක් සතුටුයි (දී)
මට ෆොනේ නම්බර් එක එවනවද(දී)
ගමේ කොල්ලෙක් වශයෙන් ආඩම්බරයි ඔයා ගැන. සුභ පතමි.(නදී)
රටට හොද වැඩක් ඇති දරුවෙක්. අපේ වග කිවයුතු ලොකු මහත්වරු මෙය දැකලා ඔයාට උදව් කරයිද කියලා බලමුකෝ. ජය! (නදී)
ෂා නියමයිනේ! (නදී)
ලංකාවේ දරුවන්ට හැකියාව තියනවා. අත දීම තමා අවශ්‍ය.(නදී)
නියම වැඩක් (නදී)
මේකේ යන්න පුළුවන් එක්කෙනෙක් විතරයිනේ.(නදී)
මේ දරුවාගේ අනාගත පැතුම් ඉටුවේවා. ජයෙන් ජයම ලැබේවා.(නදී)
අපේ රටේ ඉන්න මේ වගේ දක්ෂයින්ට ඉදිරියට යන්න රජයෙන් අත හිත දෙන්න ඕන. (ස)
නියමයි ඉදිරියටම යමු. සුබ පැතුම්! (නදී)
ඔයාට සුභ පැතුම් මල්ලි. ඔයා ගමේ කෙනෙක් නිසා තවත් ආඩම්බරයි. ඔයාට සුබ පතනවා තව තවත් මේවගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියලා (නදී)
මෙන්න අපේ දක්ෂ කොල්ලෝ. නුඹට හොඳ අනාගතයක්. සියලු දෙවියන්ගේ පිහිටයි.(නදී)
ඔබට ජයෙන් ජය ලැබේවා සුබ ප්‍රාර්ථනා කරනවා. (නදී)
ඔයා නියම වැඩක් කරල තියනවා ඔබට හදවතින් සුබ පැතුම්;නියම ප්‍රයෝජනය ගන්න දෙවරක් හිතන්න එපා (අ)
ඔයා කොහොම හරි පිට රටකට ගිහින් ඔයාගෙ අනාගතය හදාගන්න මල්ලී. මේ රටේ ඉඳගෙන ඔයාට කවදාවත් වාහන නිපදවන්න දේශපාලකයො ඉඩ දෙන්නෙ නැහැ. කොමිස් මුදල් ලැබෙනවා නම් අම්ම තාත්ත වුණත් විකුනන්න කැමති පිරිසක් මේ රටේ ඉන්නෙ. ඒක නිසා ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා මේ දැනුමත් අරන් මේ රටින් යන්න. මේ කියන්නෙ ඔයාගෙ යහපතට. ඔයා අපේ රටට සම්පතක්. නමුත් අපි ජීවත් වෙන්නෙ පිස්සො රැළක් එක්ක. (නදී)
අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ ගැන ආඩම්බර විය හැකිය.(නදී)
තවත් මෙවැනිම නිර්මාන ඉදිරියටත් කරන්න කියල මම ඔයාට මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා !!!! (අ)
සුක්කානමක් සහිත අත් ට්‍රැක්ටරයක් හදපු දකුනෙම මිනිහෙකුට ආර්.එම්.වී එක දුන්න වදය ඔයාල දන්නවා නම්.(නදී)
හොද වැඩක් පුතා ජය වේවා .(හේ)
දැන් වත් මේ වගේ දක්ෂකම් ඇති ළමයින්ට රජයෙන් උදව් කරන්න බොරුවට පිටරටින් එන වාහන අරගන්නතුව ඒ එතකොට බදු ගහල රජය තර වෙනවනේ දුප්පත් මිනිස්සුන්ව හුරන් කාල, මේ වගේ දෙයකට උදව් කරන්න ඔය බොරු චාසිනෝ හදන්න උදව් කරන්නැතුව ස්තුතියි ! (අ)