ඇල්දෙණිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වන්දනා කිරීම සඳහා දාගැබක් නොමැති අඩුව පිරවීමට එම ප්‍රදේශයේම වෙසෙන නිහාල් පද්මසිරි මහතා සිය පරිශ්‍රමයෙන් යකඩ වලින් දාගැබක් ඉදිකර පුජා කළේය.
මෙම දාගැබේ විශේෂත්වය වන්නේ යකඩ රත් නොකර නවා නිෂ්පාදනය කිරීමයි. යකඩ රත්කිරිමෙන් තොරව නැමීමෙන් විවිධ නිර්මාණ කිරීම සදහා නිහාල් පද්මසිරි මහතා දක්වන්නේ විශේෂ දක්ෂතාවයකි. ඔහු විසින්ම නිර්මාණය කරගන්නා ලද යන්ත්‍ර සහ උපකරණ මගින් මෙසේ රත්කිරිමෙන් තොරව ඝනකම් යකඩ පට්ටම් සහ කම්බි නවා විවිධ නිර්මාණ සිදුකරයි. වසර 10 ක් පුරා ජනතාවට වන්දනා කිරීමට දාගැබක් නොමැති බව දුටු ඔහු මෙසේ යකඩ මගින් දාගැබක් ඉදිකර පන්සලට පුජා කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව දැක්මක් ඇති මිනිසෙක් (නි)
බුදු සරණේ පිහිට ලැබේවා! ජය පතමු. (නි)
නව නිර්මාණයක් (නි)
බොහොම හොඳ වැඩක්. (නි)
කොත් කැරැල්ලේ මැදින් පිම්බුණු ගතිය ඉවත්කළා නම් තවත් අපුරුයි යැයි මට සිතේ. (නි)
බුදු සසුන බබලවන්න ඔබට යොධ බල යෝධ ශක්තිය ලැබේවා (අ)
මේ උතුම් පිනෙන් ඔබගේ සියලු බාධක දුරුවී සියලු සැප සම්පත උදාවී දිනෙන් දින දියුණුවට පත් වේවා! (නි)
පින් සිද්ද වෙනවා (ම)
නිර්මාණාත්මක පැත්තෙන් හොඳ දෙයක්. (බ)