කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දැනට ඉදිකරගෙන යන කඩවත ඇල්දෙණිය සිව්මංසල පිවිසුම අසල තාවකාලික පාලම ද, පාරේ අඩි 40ක් දිගට ද කැඩී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
පෙරදින රාත්‍රියේ පැවැති මහ වැසිත් සමග මුදුන් ඇළේ ජල ධාරිතාව වැඩිවීමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර අසල පිහිටි මෙම පිවිසුම සේදී ගොස් ඇත.
මෙම පාරේ අද අලුයම ගමන් කළ මෝටර් රථයක් මුදුන් ඇළට වැටිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඉන්නේ මේ පාරේ තමයි. ඉස්සරත් මේ වගේ තද වැස්සක් ආවම මේ හරිය යට උනා. ඒත් කවදාවත් මේ වගේ හානියක් උනේ නෑ. ගිය අවුරුද්දෙත් මේ වගේ යට උනා. මේ අවුරුද්දේ ඊට වඩා තදට යට උනා. කවදාවත් වතුරට අහුඋනේ නැති ගෙවල් පවා යට උනා. මේකට හේතුව තමයි මේ අධිවේගී මාර්ගය සැදීමට කුඹුරු ගොඩ කිරීම. මේ අධිවේගය හදන්න පටන් ගන්නකොටම අපි බලධාරීන්ට කිව්වා මේ හරිය යට වෙනවා. පාර හදනකොට විශාල කානු පද්ධතියක් හදන්න මුලින් කියලා. ඒත් විදේශීය ඉංජිනේරු මහත්වරුන් එව්වා ගනන් ගත්තේ නෑ. ගිය සැරේ යට උනාට පස්සෙත් වතුර පාර බහින්න ඕන හින්දා ගොඩ කරලා තිබුණ අධිවේගේ කොටසක් බැකෝ යන්ත්‍ර යොදාගෙන කපලා අයින් කරා.ඊට පස්සේ දැන් මුළු කුඹුරු යායම ගොඩ කරලා. අපි කවුරුත් අධිවේගී මාර්ගයට, සංවර්ධනයට විරුද්ධ නෑ. ඒත් කරුණාකර දැන්වත් වැසි ජලය බැස යාමට විශාල කානු පද්ධතියක් ඉදිකරන්න. (ස)
වැහි වතුර එකතු වෙන්න තිබුණ තැන් වල පාරවල් හදන කොට වෙන දේවල්. (දිල්)
දුමින්ද ඔබ හරි. (නදී)
මහා මාර්ග සේවකයින්ට වාරි මාර්ග දැනුම ලබා දෙන්නත් වේවි. (දිල්)
මේ රටේ පරිසරය, පස, කාලගුණය-දේශගුණය මායිම් නොකරන එකේ අනිසි කටුක අත්දැකීම් තමයි මේවා. කව්රුවත් අහන්නේ නැති නිසාත් ව්‍යාජ සංවර්ධනයේ මායාවෙන් මුල වෙලා පිස්සු නටන නිසාත් දැන් ලංකාවේ පරිසරය භයානක ලෙස විකෘති වෙලා. මේ හැමදේටම හිනාව ඉස්සරාට දාගෙන ලංකාව දුෂණය කරන හැමෝම වගකිව යුතුයි.(නදී)
ඕව ඔහොම තමයි බලදාරී අපි කියන දේවල් අහනවා නම් කොච්චර එකක්ද? (නදී)
හලෝ හලෝ මේ වහගන්නවද කට? අපි මේ ආශ්චර්ය කරා අධිවේගීව යන ගමනට බාධා නොකර. ඉතින් ඔය පොඩ්ඩක් යට උනාම මොකෝ.(නදී)
ඔතන පාර පටු වැඩි නිසා තව අනතුරු වෙන්න ඉඩතියෙනවා. එ්ක නිසා ඔතනින් යන අය පරිස්සමින් යන්න. (නදී)
ඔය කියන පාරේ පොඩි වැස්සකටවත් යන්න බෑ පාර විනාශ කර දමලා අනිත් එක පාර දිගටම කඩලා නිතරම අනතුරු (නදී)
අධිවේගී පාරවල් හැදෙන්න ඕන. රට දියනණු වෙන්න ඕන. ඒකට පක්ෂ විපක්ෂ භේදයක් නෑ. ඒක ඇත්තක්. අපේ රටේ අතීතෙ වැව් වාරි මාර්ග ලොව මවිත කරන තරම් නිර්මාන කරේ චීනේ කොරියාවේ ඉංජිනේරුවො ඇවිත් නෙමෙයි. අපේම රටේ දෙමවුපියන්ගේ පුත්තුනගේ බුද්ධියෙන් දක්ෂකමින්. ඒත් අපේ රටේ බුද්ධිමතුන් අද රට ඇරල වෙනත් රටවල සේවය කරනව. ඒ බුද්ධීමතුන්ට ඉඩක් මේ රටේ නැත නිසා. පිට රටින් ඇවිත් මාර්ග ඉදිකරල අපේ රටේ සල්ලිත් අරන් පිටවෙලා යයි. අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල් වතුරට යට වෙද්දි ඒ මිනිස්සු කාටද මේ දුක කියන්නෙ. වගකිවයුතු නිලධාරීන්ටත් සිද්දවෙන්නේ පිටරටට ඇඟිල්ල දික් කරන්න. අපේ රටේ බත්පතේ රස දන්න සුවඳ අඳුරන බුද්ධිමතුන්ගේ වටිනාකම් අගය කල යුතු කාලයක් මේක. (ස)
තුෂාර අපේ කම අගය කරන ඔබ වැනි අය රටට සම්පතක් (අ)
මේ ව්‍යාජ සංවර්දනයේ අතුරු පල , රජින්ද ඔබ හරි රජින්ද. (නදී)
දුමින්ද ගේ සහ තුෂාරගේ අදහස් ගොඩක් වටිනවා (නදී)
වරද කාගෙද? (නදී)