IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇල්දෙණිය එස්ටීඑෆ් පාර ඉවරයි

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දැනට ඉදිකරගෙන යන කඩවත ඇල්දෙණිය සිව්මංසල පිවිසුම අසල තාවකාලික පාලම ද, පාරේ අඩි 40ක් දිගට ද කැඩී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

පෙරදින රාත්‍රියේ පැවැති මහ වැසිත් සමග මුදුන් ඇළේ ජල ධාරිතාව වැඩිවීමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර අසල පිහිටි මෙම පිවිසුම සේදී ගොස් ඇත.

මෙම පාරේ අද අලුයම ගමන් කළ මෝටර් රථයක් මුදුන් ඇළට වැටිණි.

 


 

 



අදහස් (0)

ඇල්දෙණිය එස්ටීඑෆ් පාර ඉවරයි

දුමින්ද Monday, 02 June 2014 11:38 AM

මමත් ඉන්නේ මේ පාරේ තමයි. ඉස්සරත් මේ වගේ තද වැස්සක් ආවම මේ හරිය යට උනා. ඒත් කවදාවත් මේ වගේ හානියක් උනේ නෑ. ගිය අවුරුද්දෙත් මේ වගේ යට උනා. මේ අවුරුද්දේ ඊට වඩා තදට යට උනා. කවදාවත් වතුරට අහුඋනේ නැති ගෙවල් පවා යට උනා. මේකට හේතුව තමයි මේ අධිවේගී මාර්ගය සැදීමට කුඹුරු ගොඩ කිරීම. මේ අධිවේගය හදන්න පටන් ගන්නකොටම අපි බලධාරීන්ට කිව්වා මේ හරිය යට වෙනවා. පාර හදනකොට විශාල කානු පද්ධතියක් හදන්න මුලින් කියලා. ඒත් විදේශීය ඉංජිනේරු මහත්වරුන් එව්වා ගනන් ගත්තේ නෑ. ගිය සැරේ යට උනාට පස්සෙත් වතුර පාර බහින්න ඕන හින්දා ගොඩ කරලා තිබුණ අධිවේගේ කොටසක් බැකෝ යන්ත්‍ර යොදාගෙන කපලා අයින් කරා.ඊට පස්සේ දැන් මුළු කුඹුරු යායම ගොඩ කරලා. අපි කවුරුත් අධිවේගී මාර්ගයට, සංවර්ධනයට විරුද්ධ නෑ. ඒත් කරුණාකර දැන්වත් වැසි ජලය බැස යාමට විශාල කානු පද්ධතියක් ඉදිකරන්න. (ස)

:       0       0

ලුම්බිණි Monday, 02 June 2014 11:51 AM

වැහි වතුර එකතු වෙන්න තිබුණ තැන් වල පාරවල් හදන කොට වෙන දේවල්. (දිල්)

:       0       0

ඉස්මිල් Monday, 02 June 2014 11:58 AM

දුමින්ද ඔබ හරි. (නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 02 June 2014 12:52 PM

මහා මාර්ග සේවකයින්ට වාරි මාර්ග දැනුම ලබා දෙන්නත් වේවි. (දිල්)

:       0       0

රජින්ද Monday, 02 June 2014 01:23 PM

මේ රටේ පරිසරය, පස, කාලගුණය-දේශගුණය මායිම් නොකරන එකේ අනිසි කටුක අත්දැකීම් තමයි මේවා. කව්රුවත් අහන්නේ නැති නිසාත් ව්‍යාජ සංවර්ධනයේ මායාවෙන් මුල වෙලා පිස්සු නටන නිසාත් දැන් ලංකාවේ පරිසරය භයානක ලෙස විකෘති වෙලා. මේ හැමදේටම හිනාව ඉස්සරාට දාගෙන ලංකාව දුෂණය කරන හැමෝම වගකිව යුතුයි.(නදී)

:       0       0

අමිළ Monday, 02 June 2014 11:31 PM

ඕව ඔහොම තමයි බලදාරී අපි කියන දේවල් අහනවා නම් කොච්චර එකක්ද? (නදී)

:       0       0

නිමල් බණ්ඩාර Monday, 02 June 2014 03:19 PM

හලෝ හලෝ මේ වහගන්නවද කට? අපි මේ ආශ්චර්ය කරා අධිවේගීව යන ගමනට බාධා නොකර. ඉතින් ඔය පොඩ්ඩක් යට උනාම මොකෝ.(නදී)

:       0       0

ජානි Monday, 02 June 2014 03:40 PM

ඔතන පාර පටු වැඩි නිසා තව අනතුරු වෙන්න ඉඩතියෙනවා. එ්ක නිසා ඔතනින් යන අය පරිස්සමින් යන්න. (නදී)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍ය Monday, 02 June 2014 03:41 PM

ඔය කියන පාරේ පොඩි වැස්සකටවත් යන්න බෑ පාර විනාශ කර දමලා අනිත් එක පාර දිගටම කඩලා නිතරම අනතුරු (නදී)

:       0       0

තුෂාර Monday, 02 June 2014 04:23 PM

අධිවේගී පාරවල් හැදෙන්න ඕන. රට දියනණු වෙන්න ඕන. ඒකට පක්ෂ විපක්ෂ භේදයක් නෑ. ඒක ඇත්තක්. අපේ රටේ අතීතෙ වැව් වාරි මාර්ග ලොව මවිත කරන තරම් නිර්මාන කරේ චීනේ කොරියාවේ ඉංජිනේරුවො ඇවිත් නෙමෙයි. අපේම රටේ දෙමවුපියන්ගේ පුත්තුනගේ බුද්ධියෙන් දක්ෂකමින්. ඒත් අපේ රටේ බුද්ධිමතුන් අද රට ඇරල වෙනත් රටවල සේවය කරනව. ඒ බුද්ධීමතුන්ට ඉඩක් මේ රටේ නැත නිසා. පිට රටින් ඇවිත් මාර්ග ඉදිකරල අපේ රටේ සල්ලිත් අරන් පිටවෙලා යයි. අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල් වතුරට යට වෙද්දි ඒ මිනිස්සු කාටද මේ දුක කියන්නෙ. වගකිවයුතු නිලධාරීන්ටත් සිද්දවෙන්නේ පිටරටට ඇඟිල්ල දික් කරන්න. අපේ රටේ බත්පතේ රස දන්න සුවඳ අඳුරන බුද්ධිමතුන්ගේ වටිනාකම් අගය කල යුතු කාලයක් මේක. (ස)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 06 June 2014 06:27 PM

තුෂාර අපේ කම අගය කරන ඔබ වැනි අය රටට සම්පතක් (අ)

:       0       0

කැනඩා දිසා Tuesday, 03 June 2014 09:38 AM

මේ ව්‍යාජ සංවර්දනයේ අතුරු පල , රජින්ද ඔබ හරි රජින්ද. (නදී)

:       0       0

ශාන්ති Monday, 02 June 2014 06:44 PM

දුමින්ද ගේ සහ තුෂාරගේ අදහස් ගොඩක් වටිනවා (නදී)

:       0       0

පැතුම් Monday, 02 June 2014 07:02 PM

වරද කාගෙද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site