හොරණ රෝහලේ බිහි කළ බිළිඳකු එහි දමා ගිය මවක සොයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි.
ඇය රෝහලට දුන් ලිපිනය ද ව්‍යාජ බව පොලිසිය පවසයි.
හොරණ රෝහලේ බිහි කළ බිළිඳකු එහි දමා ගිය මවක සොයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි.
ඇය රෝහලට දුන් ලිපිනය ද ව්‍යාජ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙෂන්, ඔය කියන්නේ මාර කතානේ. ඔච්චර ආරක්ෂා කාරී පියවර ගැන දන්නව නම් අද සමාජයේ නීති විරෝධී ගබ්සා කිරීම් ඕනෑම නැහැනේ. වරද කාගෙවත් නෙවේ. සංවර නොවන සිතුවිලි, මාස ගණනක් ඔය කියන අම්ම මැරි මැරී ඉපදෙනවා. දරුවා හින්ද මොකුත් කරගන්නේ නැතුව ගන්න අන්තිමට ගත්ත තීරණේ ඇගේ පැත්තෙන් හරි. මොකද දරුවට අනතුරක් කලේ නැහැනේ. සිරනිගේ කතාවට මමත් එකඟයි. (ස)
ළමයි වැඩිපුර හදන්න කියන කට්ටියට මේ ළමයා බාර දෙන්න බැරිද ??? (ස)
මේ චුටි පැටියා අපට දෙන්න... (ස)
අජිත් කරුණාරත්න වගේ අය පොඩි කාලේ දාල යන්න තිබුනේ. (ස)
අනේ මට කඳුලු එනවා පැටියා දැක්කම. කාට හරි හොඳ දරුවෝ නැති යුවලකට මේ දරුව දෙන්න. අම්මට නම් ආයෙත් දෙන්න එපා. පරිවාසයටත් දෙන්න එපා. (ස)
මම මෙම දරුවා රෝහලේ දමා ගිය නැගණියට ස්තුතුතිවන්ත වනවා, මග තොටක, පාරක, කානුවක දරුවා දමා නොගියාට. පොලිසියේ මහත් වරුනි, අපරාධ කාරයෙක් සොයන්නාක් මෙන් මෙම මව සොයන්න උත්සාහ කරන්න එපා. එවිට මෙවැනි අනාගත මව්වරු දරුවන් කානු වල හංගා යයි. සමාජයට නොපෙනෙන පරිදි ඇයව හමුවී අයගේ ප්‍රශ්නය නිරාකරණය කර හොඳම විසඳුම දෙන්න බලන්න. (දී)
මම මේ අම්මව අගය කරනවා. මොකද ළමයා ජිවත් කරන්න ඕන හොඳම විදිය තමා එයා කරලා තියෙන්නේ. දැන් අපේ වගකීම ළමයව බලා ගන්න එක. මුල සිටම වංචාව කරලා තියෙන්නේ. (ස)
අජිත් කරුණාරත්න , යන්නේ කොහෙද මල්ලේ පොල් (දී)
මේවට ඉස්සෙල්ලම වග කියන්න ඕනෑ දරුවාගේ තාත්තා.ගැහැනියකට බලෙන් මෙහෙම ළමයි හදන්න පුළුවන්ද.මාත් පිරිමියෙක්. පිරිමි තමා වැරදි. (නි)
මේක මහා ලොකු දෙයක් නෙමෙයි. ඉස්සර කාලේ සිංහලයෝ කාගේ උනත් ළමයින්ව බලාගත්තා. අම්මා තාත්තා කවුරු උනත්. (ස)
අපි බැන්දේ වයස ගිහින්. අද වෙනකන් දරුවෙක් ලබා ගන්න අපි විඳපු දුක් දන්නේ අපි විතරයි ! අපිට දරුවෝ දුන්නේ නැති වුනාට කමක් නැහැ දෙවියනේ.මේ වගේ දේවල් ඇහැට පේන්නේ නැතිව වත් ඉන්න ඉඩ සලස්සන්න. (ස)
මම මේ පැටියව දරුකමට හදාගන්න කැමතියි පුලුවන්නම් අපට මේ පැටියා දෙන්න.(නදී)
මේ අම්මා ළමයාව මරලා විසි කරලා දානවාට වඩා ටිකක් හොඳ වැඩක් කරලා තියෙන්නේ. අම්මාගේ තත්ත්වය තේරුම් ගැනීමත් අවශ්‍යයි. (ස)
මධු අපි කල්පනා කළා මේ දරුවාව හදා ගැනීම ඔයාට බාර දෙන්න මොකද කියන්නේ. (ස)
අනේ මේ දරුවා කාටහරි දරුකමට හදා ගන්න දුන්නා නම් හොදයි.එහෙත් දැන් පරිවාසේට බාර දීලනේ.අනේ කාගේ හරි ආදරයත්, කරුණාවත්,නොවඩුව ලැබේවා ....!!! මේ දරු පැටියට. (නි)
ගල් පැලෙන තර්ක විතර්ක අපිට දාන්න ලියන්න පුළුවන්.ඒ අම්මට හදාගන්න නොහැකි නිසා දාලා ගියා( වගකීමෙන් මෙලෙස මිදෙන්න බැහැ)එහෙත් ඒ මවගේ තීරණය වැරදියි කියන්න බැහැ. මොකද සල්ලි වත්කමක් නැත්නම් මොකද කරන්නේ?හදාගන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වන්න කරුණාකර.අධිකරණ ක්‍රියාමාර්ගයෙන් හදාගන්න ගත් විට තමන්ගේ වාසගම පවා දීමට පුළුවන් (නි)
ඔය වගේ අම්මල දරුවට නැති එකත් දරුවාගේ වාසනාවක්. මේ දරුවට කාගේ හෝ සරණක් ලැබේවා. (නදී)
අපි මෙතන මොන අදහස් දැරුවත් මේ දරුවා වදපු අම්මා තමා දරුවට වැඩියම ආදරය කළ කෙනා. කොච්චර ලස්සන දරුවෙක්ද? දස මසක් රැකගෙන ඉදලා මෙයා මෙවැනි තීරණයක් ගත්තේ දවස පුරා බුදුබණ කියන ,අහන, මේ සිරි ලංකාවේ මෙයාව සමාජයෙන් කොන් කරන නිසා නේද?ඒ අම්මාගේ කදුළු කතාව අහනතුරු බනින්න එපා. (නි)
අනේ මෙම රටක අම්මල. ඔය අම්මලාද? මෝහිණීලද? (ස)
ළමයා දෙයට අහිමි නොවීම ගැන සතුටුයි. (ස)
ඔන්න බලන්න ඉතින් අම්මෙක්ද කියලා? (නි)
අද සමාජයේ දරුවන් දමා යෑම අම්මලාගේ මෝස්තරයක් බවට පත් වෙලා. කොහේ හරි ගිහින් ආශාවන්ට වහල් වෙලා පිරිමින්ට රැවටෙනවා. අන්තිමට කරන්නේ ඕක තමා. එක අතකින් සතුටු විය හැකි කරුණක් නම් දරුවාට අනතුරක් නොකර පලා යාම. "දස මසක් මා කුස තුල උන් පුතුනේ, දැන් ඉතින් අපි වෙන් විය යුතුව තිබේ. (ස)
අජිත් කරුනාරත්නගේ වයර් මාරු වෙලා පුංචි පැටියට නිරෝගී සැප ලැබේවා! බොහොම පින් සියළු දෙනාට.(නදී)
අනේ ඔවැනි අම්මගෙන් කිරිත් ඕනේ නැහැ. දරුවෝ නැති හොඳ දෙමාපියන් දෙන්නෙකුට හද ගන්න දෙන්න. මාත් කැමති අමාරුවෙන් හරි ලෝකෙට හොඳ දරුවෙක් හදා දෙන්න. (ස)
චන්දි, කොහොමද චන්දි ඔයා එකපාරටම තාත්තා විතරක් නොසන්ඩාලයි කියලා තීරණය කළේ? පිටිගල මිලානෝ කියන දේ නම් 200% හරි. ඇත්තටම ඒක තමා කරන්න ඕනෑ. (නි)
ඒ අම්මව හොයන්න එපා. දරුවව මරන්නේ නැතිව දාල ගිය එක කොච්චර හොඳඳ. ඇයව හොයනවා නම් දරුවගේ තාත්තාත් හොයලා දඩුවම් කරන්න. ගැහැණියකට විතරක් ළමයෙක් ලැබෙන්නේ නැහැනේ. පිරිමියෙක් කොහේ හරි ඉන්න එපායැ. (ස)
අම්මා බබාව දාලා ගියේ ආදරේ නැතුවම නෙමෙයි. ඒ අම්මාට නොහැකි ඇති රජ මැදුරක පුංචි පුතාව හදන්න.අම්මාට බැනලා වැඩක් නැහැ.බබාගේ තාත්තා අල්ලා හංවඩු ගහන්න ඕනෑ. (නි)
දරුවා නිරුපද්ධිතව සිටීම ගැන සතුටු වෙමි.නැවත ඔය අම්මට දරුවා දීමෙන් වලකින්න.දරුවන් නැති වගකිව හැකි කෙනෙකුට බාර දෙන්න.දරුවාට තෙරුවන් සරණයි! (ස)
අම්මලා ලමයි දාලා යන්නෙ ආදරේ නැතුව නොවෙයි. ළමයි ජිවත් කරන්න කන්න දෙන්න තරම් ආර්ථික තත්වයක් නැති නිසා. ඒක තමයි ඇත්ත තත්වය ඒ අම්ම හොයන්න ගිහින් තවත් ලමයි රටට නැති කරන්න එපා (නදී)
මේක වුණේ හොරණද? (නි)
පිටිගල මිලානෝ, හරියට හරි. ජීවිතය නැතිකර ගන්න හදන අයටත් උදව් කළ යුතුය.(නීති මගින් කටයුතු කරනවා වෙනුවට ) (නි)
ඔයවගේ දරුවන් හදාගන්න ඕන තරම් ළමයන් නැති දෙමාපියන් ඉන්නවා . ඒ වගේ අයට දෙන්නන. (දී)
දරුවා නොමරා දමා ගිය එක හොදයි. කවුරු හෝ හදා ගනීවි. වාසනාවන්ත දරුවෙකු වෙන්න පුළුවන් (දී)
අම්මා හොයන එකට වඩා නරකද මේවා ගැන අවබෝධයක් දීලා උදව් කරන එක?මරන්නේ නැතුව දාලා යන එකම මදිද? මම නම් කියන්නේ ආදරේ නිසා දරුවා හොදම තැන දිලා ගියේ අම්මලාට විතරද දඬුවම් දෙන්න ඕනෑ? මෙහෙම වෙලාවට අසරණ ගැහැනුන්ට උදවු ඕනෑ. නැතුව හිරේ දාන්න තරම් අමානුෂික රටක්ද අපේ රට? (නි)
දස මස පුරා නුඹ කුසයේ හිඳින වෙලේ..පෙරලි පෙරලි සිටියෙමි මම කෙළි ලොලේ..බඩගිනි වී හඬමින් මා සිටින වෙලේ..ඇයි අම්මේ රන් කිරි මට අහිමි කලේ.. (දී)
මට ලියන්න කිසිවක් ඉතිරි නොකර හැමෝම දාලා තිබෙන අදහස් දැක්කම සතුටුයි. අහක බලාගෙන යන සමාජයක වරදක් වැරදියි කියන්නත්,නිවැරදියි කියන්නත් සමාජයේ ජනතාවට හිතන්න පුරුදුවීම කෙතරම් භාග්‍යයක්ද? නොමිනිස්කම් වැජඹෙන සමාජයේ මෙවැනි සිද්ධීන් සිදුවුණත් තවමත් අපේ ජන සමාජයෙන් මනුස්සකම තුරන්වී නැත. ළදරුවාට දෙවි පිහිටයි! (නි)
කිසියම් ආකාරයක ඉතාම දරුණු ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති දරුවා දමල ගියේ.බලෙන් දරුවා දෙමාපියන්ට දෙන්න එපා.එහෙම උනොත් දරුවාගේ ජිවිතේ අනතුරේ.සෑම රෝහලකම ආරක්‍ෂිත කුටියක් ඉදිකරලා තමන්ට අවශ්‍ය ඇති බිලිඳු දරුවන් එම කුටියට ඇතුලු කර යන්න අවස්තාව දෙන්න.එතකොට බිලිඳු මරණ සහ ගබ්සා අඩුවේවි.සමාජයේ අපිට තවත් ජිවිතයක් ගොඩ ගන්න පුළුවන් වේවි.මෙම ප්‍රශ්නයේ දි ඒ මවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතුයි. (ස)
දරුවෝ නැතිව දුක් විඳින කොතෙකුත් අය මේ රටේ ඉන්නවද ? දරුවා බේරුණු එක ගැන ගොඩක් ලොකු දෙයක්.(දිල්)
අපිට මේ ළමයාව ලබාගන්න පුළුවන් විදියක් කියන්න (නි)
හරිම ලස්සන දරු පැටියෙක්. දරුවාට අනතුරක් නොකර රෝහලේම දාලා ගිය එක හොදයි, පාරක තොටක දමා යනවාට වැඩිය. අම්මාව හොයනවට වඩා හොදයි දරුවන් නැති යුවලකට හදා ගන්න දෙන්න තිබුනා නම් (නි)
කාලකණ්ණි ගෑණු.... අනේ පව් අහිංසක කෙලි පැටියා... දරුවන් නැති හොඳ වැදගත් පවුලක් හොයලා මේ ළමයව හදාගන්න දෙන්න. (ස)
ශාන්ත, ශිරාණි මේකට වරද පිරිමියගේවත් ගැහැණියගේවත් නෙමෙයි. මේ වගේ වැඩ වලදී අනුගමනය කල යුතු ආරක්ෂාකාරී පියවර තියෙනවානෙ. අන්තිමට ඉහමොළ රත් වෙන්නේ වැරදුනාම තමයි. (ස)
සජිත් මහත්තය කියන්නේ දකුණේ මහා ඇමතිකම නොවෙයිලු ජනතාව එයාගෙන් ඉල්ලන්නේ, ජනාධිපතිකමලු.අනේ මන්ද? (දී)
මොකක් හෝ කරුණක් නිසා දරුවා ගෙදර ගෙන යන්න බැරි අම්මලාට දරුවා සමග ගිහින් නවතින්න පුළුවන් තැනක් තියෙනවද මේ රටේ? නමුත් චෝගම් වෙනුවෙන් හෙලිකොප්ටෙර් අංගන හදන්න පුළුවන්. ඔය තියෙන්නේ ආශ්චර්ය (නදී)
දරුවට මුකුත් නොකර මෙහෙම දාල ගිය එකත් ලොකු දෙයක්. මේ අම්මව හොයල ආපහු එයාටම දරුවා දෙන එක තේරුමක් නැහැ, දරුවාගේ ජීවිතේ අනතුරේ. දරුවෙක් ඇත්තටම අවශ්‍ය කෙනෙකුට හදාගන්න දෙන්න. (දී)
මේ දරුවා පින්වන්ත දරුවෙක්..., පිරිමියෙක් නිසාත්, නොසන්සිදෙන කාමුක ආශාව නිසාත් හැමදාම ,හැමතැනම අමාරුවේ වැටෙන්නේ, දුක් විදින්නේ අසරණ වෙන්නේ, ගැහැණිය, මේ දරුවාගේ අම්ම ''හොයනවා නම්''තාත්තත් හොයල මේ දරුවට මව්-පිය සෙනෙහස (දෙදෙනාගේම) ලබා දීමට කටයුතු කරන්න., නැතිනම් දරුවන් නැතිව දුක් විදින මව්-පිය දෙපලකට බාර දෙන්න , පින්සිදු වේවි කාට කාටත්...!! (ස)
පිටිගල මිලානෝ, මම කියන්න හදපු දෙය කියලා. මොලයක් තියෙන අම්ම කෙනෙක්. දරුවා යම්කිසි කෙනෙක් හදා ගනී. පාරේ දාල යනවට වඩා මේ ක්‍රියාව උතුම්. (ස)
කොහොමද ඔය ළමයා හදා ගන්නේ? මොනවද පිළි පදින්න ඕන ක්‍රියා මාර්ග. (ස)
මගේ මතකයට එන්නේ අතිපුජ්‍ය මඩිහේ මහානා හිමිපාණන් වහන්සේගේ උත්තරීතර ප්‍රකාශය එනම් "මිනිසා හදා රට හදමු" (නදී)
ගෙදර බුදුන් අම්මා නොවෙ මෙහෙම කරලා තියෙන්නෙ. (ස)
මොන හිතින් මේවා කරනවද මන්දා (නි)
ඩුබායි වලට ඇවිත් බලන්න ලංකාවේ ගැහැණු අය කරන ඒවා. ඒ හැටියට ඕක සුළු දෙයක්.(නදී)
මේ බබා තාම රෝහලේ ඉන්නවද? (නදී)
නොසන්ඩාල තාත්තෙක් නිසා තමයි මේ අම්මා ''ගෙදර බුදුන්''නොවුනේ ..!! (ස)
අනේ පව් දරු පැටියා. පරිවාසෙන් ළමා නිවාසෙකට දේවිද දන්නේ නැහැ. එහෙම උනොත් තවත් දුකම තම දරුවට. හදාගන්න දෙන්න දරුවන් නැති කරුණාවන්ත අම්මෙකුට තාත්තෙකුට. (නදී)
චන්දිම, මං කිවේ ගෙදර බුදුන් අම්මා කියන වචනේ මේ අම්මට නොලැබුන හේතුව විතරයි ., මේ දෙන්න (දරුවාගේ අම්ම-තාත්ත ) එකතු වෙලා බුද්ධිමත්ව තීරණයක් ගත්තානම් අද මේ දරුවා ගැන ඔයාවත්, මමවත්, වෙන කෙනෙක්වත් කොමෙන්ට්ස් ලියන්නේ නැහැ නේද , හැම දේටම වාද කරන්න මං කැමති නැහැ මිට වඩා ලියන්න බැහැ, දරුවා ගැන දුකට කදුළු බේරෙනවා (දී)