පොලිස් ප්‍රහාරයෙන් එක්දරු පියකු මියගිය බව කියමින් ඇඹිලිපිටිය නගරයේ අද (7) උදේ පොලිසියට එරෙහි විරෝධතාවයක් ඇරඹීමත් සමග නගරයේ කළු කොඩි ඔසවා කඩ වසා දැමිණි.
නගරයේ වාහන තදබදයක්ද ඇති විය. ඔරලෝසු කණුව අසල දහසකට වැඩි පිරිසක් පොලිසියට විරෝධය පාති.
පොලිසිය හෝ හමුදාව නගරයේ කිසිම තැනක දක්නට නැත. තැන තැන ටයර් පුළුස්සමින් විරෝධතා පුවරුද ඔසවමින් උද්ඝෝෂකයෝ විරෝධය පාති.
මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ ඡායාරූප අැලවූ මිනී පෙට්ටියක් ගෙනවුත් ඇඹිලිපිටි නගරයේ ඔරලෝසු කණුව අසල තැන්පත් කර තිබිණි.
(මිය ගිය පුද්ගලයාගේ ජායාරූපය )
ඡායාරූප - යසිත නලින් ජයවීර
ඡායාරූප - දිලිප් ජයසේකර



























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත,අවුරුද්දකට කලින් ගත් වැරදි තීරණ නිසා තමයි මේ දේවල් සිද්ධවෙන්නේ. (නි)
අනේ දෙවියනේ! (නි)
ඇයි දන්නෙ නැද්ද යහපාලනය දෝරේ ගලනවා (නි)
මේකද යහපාලනය කියන්නේ.(හේ)
මේවට සම්බන්ද අය අත්අඩංගුවට ගන්න නීති පතිගේ උපදෙස් අවශ්‍ය වෙයිද?(හේ)
නිහාල්, එතකොට මේ වගේ දේවල් වෙලාම නැද්ද? මතකද මීටකලින් සබරගමුවේ පොලිසියක් කැඩුවා. බොරුවට හැමදේටම ආණ්ඩුවට බනින්න ගිහින් වෙන්නේ මේ අදහස් දැමිල්ලෙත් අගය අඩුවෙන එක සහ ඔයාගේ බුද්ධිය ප්‍රශ්න කෙරෙන එක. (නි)
අදාළ බලධාරීන් පොලිසියේ නිලධාරීන් ගැන මීට වඩා තදින් හිටියොත් නේද හොඳ? (නි)
අපේ බදු මුදල් වලින් පොලිසියට පඩි දෙන්න එපා. (නි)
අපිට ලැබුණ යහපාලනය.(ම)
පොලිසියෙන් යහපාලන වසර සමරලා වගේ. යහපාලනයෙන් නීතිය කරවන හැටි. තව ඉස්සරහට මොනවා එයිද දන්නෙ නැහැ නේද? (නි)
නිහාල්, අවුරුද්දකට කලින් මිනිස්සු නියම තීරණය ගත්තා. රාජපක්ෂ පාලනය මිනිසුන්ට තිත්තවෙලා තිබුනේ. ඒ වෙලාවේ තිබුන හොඳම විසඳුමට මිනිස්සු සහයෝගය දුන්නා. මොනවා වුණත් මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ගෙදර හරකා ලණුව කඩාගෙන ගියත් ආණ්ඩුවට බනින මිනිස්සු ඉන්න රටක් මේක. (නි)
එතකොට රතුපස්වල සිද්ධිය, ධීවරයෙක් ඝාතනය සහ තවත් බොහෝමය සිදුවුණේ මේ ආණ්ඩුව කාලයේද? මට මතක නැහැ වගේ. කවුරුහරි කියන්නකෝ (නි)
නලින්ද, ප්‍රශ්නය ඒක නෙමෙයි. මේ ආණ්ඩුව බලයට ආවේ පෙර ආණ්ඩුව කළ ප්‍රජාතන්ත්‍රවිරෝධී දේවල් නවත්වනවා කියලා. දැන් කියන්න එපා ඒගොල්ලොත් කළා අපි කළාම මොකද කියලා. ඒක නෙමෙයි රටේ බහුතරය බලාපොරොත්තු වුණේ. තමුන් මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නා කියලා, ආණ්ඩුව කරන වැරදි සාධාරණීයකරණය කරන්න එපා. වැරැද්දක් නම් ඡන්දය දුන්නා හෝ නැතා හෝ ඒවාට විරුද්ධ වන්න. ඒකයි හරි දේ මම හිතන්නේ. (නි)
රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න නම් දෙන්න එපා (නි)
පියුමාල්, දැන් එතකොට මෙතැන ආණ්ඩුව කර තිබෙන වැරැද්ද මොකක්ද? (නි)
යහපාලනය දෝරේ ගලනවා (නි)
කොහොමද, යහපාලනය හොඳයි නේද? (නි)
ඇඹිලිපිටිය ගොවි ජනයාට යහපාලනය දොරේ ගලනවා (ම)
කෝ මේ පිහිටුව්වයි කියන පොලිස් කොමිසම? (ර)
ඔබට අවශ්‍යව තිබූ අපමණ අගය ඕනවටත් වඩා ලැබී ඇත. දුක් නොවන්න, මේ ඔබ බලාපොරොත්තු වූ අපමණ අගයයි. (ර)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මෙයට වඩා වගකීමෙන් ඇත්ත ඇති සැටියෙන් අදහස් ප්‍රකාශ කළ යුතුයි. ඔබගේ කිසිම මධ්‍යස්ත බවක් පෙනෙන්නට නැහැ. තනිකරම පක්ෂග්‍රාහී බවක් හෝ පොලිසිය බේරාගන්ට කරන ප්‍රයත්නයක් බවයි ඔබගේ ප්‍රකාශ වලින් ගම්‍ය වන්නේ. (ම)
කියන්න දෙයක් නෑ. (ර)
සමහරක් මෙතන දාල තියෙන කොමෙන්ට්ස් වලින් කියන්නේ පොලිසියේ වැඩවලට ආණ්ඩුවට බනින එක වැරදියි කියලා. එතකොට ගිය ආණ්ඩුව කාලේ වෙච්ච හැම දේටම බැන්නේ. (ර)
දිනුෂ් , රසිත් කන්ණාඩි ගලවන්ඩ දැන්වත්. (ර)
මහින්දගේ අන්ත පරාජය විඳදරා ගැනීමට නොහැකි වූ මහින්දවාදීන් හැමදේටම ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන එක දැන් විහිළුවක් වෙලා. ආණ්ඩුවෙන් වරදක් වෙනවා නම් මුලින්ම විරුද්ධ වෙන්නේ ආණ්ඩුව පත්කරන්න මුලික වුණ අපිමයි. හරියට කරුණු හොයලා බලන්න. (නි)
අතුල, ඔබතුමා මෙතන ආණ්ඩුවේ වැරැද්දක් නොදකිනවා වෙන්න බැහැ. පිළිගන්න අකමැතියි. රටේ බහුතරයට උවමනා වුණේ රතුපස්වල, කටුනායක, අඟුලාන වගේ සිද්ධි නොවන පාලනයක් ගෙනඒම. ඒ විදිහේ මතවාදයක් රට තුළ ඇතිකරන්න එවකට විපක්ෂය වූ වත්මන් රජය ලොකු දායකත්වයක් සිදුකළා. පොලිසියේ ක්‍රියාකලාපය රටේ මිනිසුන්ට වෙනස් කරන්න හැකිවෙන්නේ පාලකයන් හරහා. වත්මන් පාලකයෝ ඡන්දේ ඉල්ලුවේ එම වගකීම ඉටුකරන්න. පොරොන්දු කඩකිරීම වැරැද්දක් නෙමෙයිද? (නි)
මොනවාද මේ රටේ සිද්ධවෙන්නේ? (නි)
යහපාලනය හොඳට කෙරෙනවා. අපේ මිනිස්සු කලබල වුණ එකේ හොඳ ප්‍රතිඵල දැන් පේනවනේ (නි)
නලින්ද කියන එක හරි හැමදේටම පොලිසියට බැනලා වැඩක් නෑ. (ර)
රතුපස්වල සිද්ධිය මට මතක්වෙනවා (නි)
පොලිසිය නැහැ. සාමය කඩවීමක් නැහැ. (ර)
පොලිසිය පළමුව නීතිගරුක විය යුතුයි. පොලිසියට නීතිය අතට ගැනීමට ඉඩ නොදිය යුතුයි. (ර)
මේවට විසදුමක් කිසිමදාක තවමත් සිදුවෙලා නැහැ කරන්නෙත් නැහැ පොලිසිය යුක්ති ගරුකව කටයුතු කලයුතුයි, පොලිස් පහර දිම් ලංකාවේ තහනම් කල යුතුයි ජනාධිපති ,අගමැති වහාම ක්‍රියාකළ යුතුයි මිනිස් ඝාතන තරයේ හෙළාදකිමි. (ර)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ? (නි)
ඒකාධිපති යුගයත්, යහපාලන යුගයත් අතර වෙනස තේරුම් ගන්න (නි)
සමහර අදහස් දැක්කම දුක හිතෙනවා.හැම දේටම දේශපාලනය ගාවගෙන.පොලිසියේ හෝ වෙන ආයතනයක පුද්ගලයෙක් කරන අමන වැඩකට ආණ්ඩුව ගාවගන්න එපා.කොච්චර හොද දෙමාපියන්ගේ ළමයි වැරදි කරනවද? මේකත් ඒ වගේ තමයි. (ම)
පොලීසියෙයි සමාජයෙයි විනය උපරිම අයුරින් පිරිහුණා. ඒවායේ විපාක තමයි දැන් අපි අත් විඳින්නෙ. (ම)
මේ වගේ දේවල් වෙනවා.එත් නිතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි.(ම)
සරදියල්ගේ නීතිය (ම)
මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)
මේක ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙමේ - බේබදු පොලිස් කාරයන්ගේ වැඩක් - නමුත් යහපාලනය මේ වැරදි කරුවන්ට දඩුවම් කළ යුතුය .(ම)