ඇඹිලිපිටිය පොලිසියේ 21 දෙනකු පරීක්ෂණ අවසන්වනතුරු තාවකාලික පදනම මත ස්ථාන මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
පරීක්ෂණ නිම වන තුරු ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා නිවාඩු යවා ඇත.
ඇඹිලිපිටිය පොලිසියේ 21 දෙනකු පරීක්ෂණ අවසන්වනතුරු තාවකාලික පදනම මත ස්ථාන මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
පරීක්ෂණ නිම වන තුරු ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා නිවාඩු යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ! (නි)
මේ තීරණය ගැන සතුටුයි. නමුත් මෙහි වැරදි කරුවන්ව නීතිය ඉදිරියට ගෙන එන්න ඕනි. ජනාධිපතිතුමනි පොලිසියේ ඉන්න මේ වගේ අය එක්ක ඔබතුමාගේ යහපාලනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද ? වහාම පොලිසිය නීති ගරුක කරවන්න. අතනොමතිකව වැඩ කරන අයව අයින් කරන්න. වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (ර)
පොලිසිය ස්වාධීන කළාම ඔහොම තමයි. තමන්ට හිතුන දේ කරනවා. මේ කොමිසන් අපේ රටට හරියන්නේ නැහැ. (නි)
අපේ රටේ මිනිස්සු තාම ඉන්නේ යටත් විජිත මානසිකත්වයේ ඉස්සල්ලම එක නැතිකරන්න ඕනි. ඊට පස්සේ යහ පාලනය සහ සංවර්ධනය ගැන හිතන්න පුළුවන්. පොලිසිය නම් අලුතින්ම හදන්න වෙනවා.(ම)
මාරු කරන්න තිබුනේ සම්මන්තුරේට. (ර)
පොලිසියට මොනවා වෙලාද මන්දා? (නි)
සෑම් මොනවා කියනවද ඔය ඉස්සර වගේ නොවෙයි දැන් ඒ අය හරිම තැන්පත්. (ර)
මේ රටේ අපක්ෂපාති පරීක්ෂණ කියන දේට කිසිම අර්ථයක් , වටිනාකමක් නැහැ . නම විතරයි. බලය වැඩි පැත්ත නිදහස්. මොන නායකයෙක් යටතේ උනත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙලා දඩුවම් ලැබෙනවානම් මීට වඩා යහ පාලනයක් අත්විදින්න පුළුවන්. නීතිය ඉල්ලලා පාරට බහින්න වෙනවා කියන්නේ අපි කොතනද තවම ඉන්නේ. (ර)
මාරු කර හරියන්නේ නැහැ. මේ වගේ කටයුතු කිරීමෙන් මහජනතාව පොලීසිය ගැනි ඇති විශ්වාසය පලුදු කිරීමක්. (ර)
මේ වැඩේ හිසරදෙට කොට්ටය මාරු කරනවා වගේ වැඩක්. ලංකාව හදන්න කලින් ශ්‍රී ලංකා පොලිසිය නිසි පරිදි හදන්න ඕන. පොලිසිය හැම වෙලාවේම වැරදි නැත, ඔවුන් ඉන්නේ සාමය රකින්නයි. මජනතාවද ඇතැම් විට වැරදි කර පොලිසිය උඩින් දැමීමට ක්‍රියා කරයි. එයට හේතුව අපේ රටේ පොලිසිය හොදට වඩා කරන වැරදි වැඩි බව මිනිසුන් තුල විශ්වාසයක් පැවතීමයි. ඒ නිසා ඕනෑම වැරැද්දක් පොලිසිය පිටින් පැටවීමත් අපහසු නොවෙයි. (ර)
පව් , අහිංසක පොලිස් නිලධාරීන්. මේ මනුස්සයාව උඩ තට්ටුවෙන් බිමට වැටුනහම නැගිටින්න උදව් කරලානේ අන්තිමට දඬුවම් විඳින්න වුණේ. (එහෙම නේද වෙන්න ඇත්තේ?) (නි)
හොඳ තීරණයක්. (නි)
පොලිසිය දැන් කටයුතු කරන ආකාරයෙන් පෙනෙන්නේ මෙය ජනතාවිරෝධීන්ගෙන් පිරුන තැනක් ලෙසටයි. පොලිසිය පිරිසිදු කිරීමට පියවර නොගත්තොත් වැඩේ විකෘතිවීමට ඉඩ ඇත! (නි)
ඒ වුණාට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන විදියට නම් එදා පොලිසියේ කට්ටිය කිසිම වරදක් කරලා නැහැ (නි)
දැන් කවුද මේ ගැන පරීක්ෂණ කරන්නේ? (නි)