පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ (එජනිස) සභාපති එම්.කේ. අමිල අධිකරණයට බාරවීමෙන් පසු මේ මස 11දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කළේය.
සැකකාර සභාපති ජනාධිපති නිතීඥ රසීක් සරුක් මහතාගේ වාහනයෙන් අධිරණයේ ප‍්‍රධාන දොර අසලට පැමිණියේය. ඔහු එදින අධිකරණයට බාරවන බවට ලද තොරතුරු නිසා මාධ්‍යවේදීහු රැසක් සහ ඔහුගේ ආධාරකරුවෝ ද විශාල පිරිසක් අධිකරණ භූමියට එහි පැමිණ සිටියහ.
පෙරවරු නවයත් දහයත් අතර ඔහු අධිකරණ භූමියට පැමිණියේය. සුදු කමිසයකින් හා දිග කලිසමකින් සැකකාර සභාපතිවරයා සැරසී සිටියේය.
පසුගිය 26 දින රාත‍්‍රී පොලිස් ජංගම රාජකාරියේ නිතරව සිටි පනාමුර පොලිසියේ කොස්තාපල් චන්‍ද්‍රසිරිට පනාමුර පොලිස් වසමේ දඬුහැතැක්ම හන්දියේදී රාත‍්‍රී එකොළහට පමණ ගිනිඅවියක් භාවිතා කරමින් රාජකාරියට බාධාකරමින් පහරදීම ඇතුලූ චෝදනා කිහියක් ඔහුට එල්ලවී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහිංසක මනුස්සය, පොලිසියෙන් ගහයි වත්ද?(නදී)
පොඩ්ඩක් ඉන්න සබාපතිතුමා කලබල නොවී. වෙලාවට උපදෙස් එයි. (නි)
මොකද්ද ඒ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ
එතකොට මෙච්චරකල් හංගගෙන හිටපු කට්ටිය? (නි)
මේ කාලයේ අප රටේ පොලිස් නිලධාරීන් වර්ග දෙකක් සිටිති. එනම් පතුරොම් 20 පොලිස් නිලධාරීන් සහ පතුරොම් රහිත පොලිස් නිලධාරීන් වශයෙන්. හැබැයි මෙම නිලධාරීන්ට එක කොන්දක් හෝ ලබාදීමට ඉදිරිපත් වූ කෙනෙක් නම් නොමැත. (නි)
අනේ ! ඇප දෙන්නේ නැතෙයි? ඇඹිලිපිටියේ බන්දනාගාර රෝහලක් තියෙනවැයි? (නි)
අනේ අපොයි මෙයාලගේ පරම්පරාව ගැනම ඔය පැත්තේ මිනිස්සු දන්නවා . තාත්තට උනේ මොකක්ද කියල ඉපදෙන්න ඉන්න අයත් දන්නවා. අපරාදේ ඇඹිලිපිටිය ටවුමේ ඉස්කෝලේ හතරක් පහක් තිබුනත් වැස්සකටවත් ඒවාට ගිහින් තිබුනානම් ඔහොම දේවල් වෙන්නේ නැහැ.(නදී)
කෝ ලොකු අතුවල එල්ලෙන්න බැරිවුණාද?(නදී)
තාත්තට වුනා වගේ පුතාටත් වෙයි.(නදී)
ඔය කට්ටිය චන්ඩිකම පෙන්නලා චන්දෙ ඉල්ලනවා. මොකද චන්ඩිකම නැත්නම් චන්දෙ ඉල්ලන්න බැහැනේ (නි)
ඇයි මේ වගේ අයව ආයුධ පෙන්නන්න ගෙනියන්න බැරි? (නි)
අයියෝ සල්ලි
කියන්නේ නම් පොලිසියේ අය මිනිස්සුන්ට ගහනවා කියලා.යුනිෆෝම් එකටවත් ගරු කරන්න. (නි)
පාර්ලිමේන්තු යන්නට ලකුණු එකතු කරනවාවද්ද? (නි)
මෙයාලව පත් කරපු අයවත් රිමාන්ඩ් කරන්න හිර කූඩුවක් හදන්න... (නි)
පලා බබාගේ සපෝර්ට් එකට හෙන්චියියලා ටිකකුයි නිතීඥයෙකුයි ඉන්න බව උසාවි දර්ශනයෙන් පේනවා. පළාත් සභා ඉක්මන්නින් අහෝසි නොකොළොත් මෙයාලා වගේ අය එක්ක අහිංසක මහජනයාට ඉදිරියේදී ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.(නදී)
මේ කෝට් එක දාපු එක්කෙනාද? නැත්නම් අත්කොට කමිසය ඇදපු කෙනාද? (නි)
අප්පා කල දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතා.(නදී)
අනේ ඔය මන්ත්‍රීතුමා කොට්ටාවට එවන්න හනික. අපේ ඡන්දය එතුමාණන්ට. මේ පැත්තේ පොලිසියෙන් ගහලා තුන් වෙනියත් මරුනා ගිය සුමානේ. එත් මරණ පරීක්ෂක වාර්තාවේ තියෙන්නේ හර්ධාබධයක් නිසා කියලා. තුවක්කු බදෙන් ඔලුවට ගහපු තුවාලේ නිසා නෙවෙයිලු. අනික් තැලීම් තුවාල මරණ පරීක්ෂක දැකල නැතුව ඇති. කොහොම හරි ගමට තරුන කොල්ලෙක් නැති උනා. එකක්,දෙකක්.... තුනක් මැරුවම සාමන්‍ය වෙනවලු ඒක කාටත්. එත් පවුලේ අයට එහෙම වෙන එකක් නෑ කවදාවත්. පාරේ යන දරුවෝ අල්ලලා කුඩු පැකට් බලෙන් දාල උසස්‌වීම් ගන්නත් හරි දක්ෂයි මේ පොලිසිය. පොලිස්පතිතුමා ගැන අපි අහල තියෙන්නේ නම් මිට වඩා හොද දේවල්. කමක් නෑ ඔය මන්ත්‍රීතුමාවත් එවන්න අපිට හිත හදා ගන්න.(නදී)
ඔහොම කෙරුවේ නැත්නම් අද කාලේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.(නදී)
මුතුකුඩ, පොලිසියට ගහන අය සාමනයයෙන් ටයි කෝට් දාන අය නම් නෙවි.(නදී)