ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාට සහ ඔහු නම් කරන තවත් අධිකරණ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකුට පවරමින් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මින් මද වේලාවකට පෙර සිය තීන්දුව ප්‍රකාශ කළේය.
අධිකරණ වෛද්‍ය මණ්ඩලය අවසර දෙතොත් සැකකාර සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට සහ අගතියට පත් පාර්ශවයේ නෑයනට පශ්චාත් මරණ පරීක්ෂණය නිරීක්ෂණය කළ හැකි බව මහේස්ත්‍රාත් සිය තීන්දුවේ ප්‍රකාශයට පත් කළේය.
යුක්තිය පසිඳලීම සඳහා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියහ.
එහෙත් සුමිත් ප්‍රසන්නගේ බිරිය වන ශෂිකා නිශාමනී ඇතුළු පවුලේ ඥාතීහු ඊට විරුද්ධ වූහ. දිවුරුම් පෙත්සම් හෝ සාක්කි හෝ නොදෙන බව ඔවුහු අධිකරණයට දැන්වූහ. පවුලේ ඥාතීන් විරෝධය පළ කළද සිරුර යළි ගොඩගැනීමට නියම කිරීමේ බලතල මහේස්ත්‍රාත්ට ඇතැයි නීතිපති වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ලබන මාර්තු 10 වැනිදා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ







COMMENTS
මෙච්චර උඩකින් වැටිලත් ශරීරයේ කිසිම තැල්මක් නැතිලු. අධික ලේ ගැලීමක් නිසාලු නේද මැරුනේ? (නි)
මේ කාන්තාව අනුන්ගේ ඉත්තෙක් වෙලා මාධ්‍ය සංදර්ශන වලට සහභාගි වෙලා, මේ ප්‍රශ්නය අවුල් කරගත්තා. මේ මරණය ගැන ඉදිරියේදී අපිට ඇත්ත දැනගන්න පුළුවන්. (නි)
මේක මළවුන්ට කරන අපහාසයක් නොවෙන්නේද? ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න හේතුව මොකද්ද? පළමුවැනි පශ්චාත් මරණ පරීක්ෂණය හරිහැටි නොකළ නිසාද, නැත්නම් ඒක කළ වෛද්‍යවරයාගේ නිගමනය අධිකරණය විසින් පිළිනොගන්නා නිසාද කියා අපැහැදිලියි. මින් ඉදිරියටවත් එක සිරුරක් වෙනුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ දෙකක් පැවැත්වීම නතර කළොත්, එය මළ තැනැත්තාට කරන ගෞරවයක් වෙනවා. (නි)
මේ තරම් ආන්දෝලනයකට ලක්වුණ සිද්ධියකදී හරියට මරණ පරීක්ෂණ කටයුතු කරලා නෙමෙයිද අවසන් කටයුතු කරන්න ඉඩදෙන්නේ? මේක දැන් විලාසිතාවක් වගේ. මියගිය අයටත්, ජීවත්ව ඉන්න ඔවුන්ගේ නෑයන්ටත් ඇයි මෙහෙම වදදෙන්නේ? (නි)
සාධාරණ සැකයක් නම් මෘත ශරීරය ගොඩගැනීම කළයුතු බැවින් එයට සහයෝගය දිය යුතුයි නේද? (නි)
සහන්ගේ කතාවට මමත් එකගයි (හේ)
උපාලි, ඔබගේ ප්‍රතිචාරය මම අගයකොට සළකනවා. (නි)
මේක මාධ්‍ය සංදර්ශනයක් නොකර මියගිය අයගේ බිරිඳට යුක්තිය ඉටුවෙන විදිහට කටයුතු කළොත් තමා හොඳ. (නි)
හොඳ වැඩක්. (ර)
සාධාරනයක් ඉෂ්ට වෙයිද. (ර)
මොනවා වුණත් බේබදු පොලිසිය තමා මේකට වග කියන්න ඕනේ.(ම)
මොකක්ද වෙන්නේ කියලා බලන් ඉමු.සාධාරණයක් ඉටුවෙයි.(හේ)
මේ සිද්ධිය ගැන යම් තොරතුරුක් යළි දැන ගැනීමට හැකියාවක් තිබේ.(හේ)
කාගේවත් කැමැත්ත හෝ අකමැත්තට වඩා යුක්තිය ඉටුකිරීමයි අවශ්‍ය. උගත් විනිසුරුතුමා නිවැරදිව කටයුතු කරන බව අපි විශ්වාශ කරනවා. එතුමා අදාළ පාර්ශ්වයන්ට අවශ්‍යනම් එතන ඉන්න පවා ඉඩ දීලා තියෙනවා. (ර)