ඇඹිලිපිටි ව්‍යාපාරිකයකුගේ නිවසේ පසුගිය දිනක පැවැති මල්වර මගුලකදී පොලිස් ප්‍රහාරයට ලක්වූ බව කියන එක්දරු පියකු (30) රත්නපුර රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ඒ.එස්.එස්.ප්‍රසන්න නමැති පුද්ගලයාට පොලිසියෙන් පහරදී ඇදගෙන ගිය බවට එම ගෙදර නිවැසියන් ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.
පොලිසිය කඩා වැදී තම උත්සවය කඩාකප්පල් කළැයි නිවැසියෝ කියති.
එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනුයේ එම නිවසේ ආරවුලක් ගැන ලැබුණු තොරතුරක් මත පොලිසිය එහි ගිය බවයි.
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පිරිසක් පොලු මුගුරු රැගෙන නිවසේ සිටි අයට පහරදුන් බවත් මිය ගිය ප්‍රසන්න දෙමහල් ගොඩනැගිල්ලෙන් පහළට දැමූ බවත් කියති.
ගැබිණියක වන ප්‍රසන්නගේ බිරිය පොලිසියට පවසා ඇත්තේ පොලිසිය තම සැමියා උඩු මහළෙන් බිමට දැමූ බවයි.
නිවැසියන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පවසයි.
මේ අතර පොලිසියට එරෙහිව ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක් ද සංවිධානය කර ඇති අතර සාදයේදී පොලිසියට පහර දුන්නැයි නිවස හිමි ව්‍යාපාරිකයා ඔහුගේ සහෝදරයෙක් පුතුන් තිදෙනා හා ඥාති පුත්‍රයකු ඇතුළු අට දෙනෙක් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටිති.
මිය ගිය පුද්ගලයා විදේශගතව සිට ළඟදී ගම රට ආ අයකු බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය බාර දෙන්න ළමයෙකුට.(හේ)
මේ දේ ගැන විදිමත් පරීක්ෂණයක් ආරම්භ කරන්න.(හේ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙවැනි ප්‍රකාශ කිරිම ඉතාමත් ජුගුප්සාජනකයි... (ම)
කෝ මේ සාධාරණ පොලිසියක් ඇති කරන්න පත්කළ පොලිස් කොමිසම? පොලිසිය තිබුනට වැඩිය අන්තයිනේ දැන්. මේකද ජනතාව අපේක්ෂා කළ සාධාරණය? (නි)
පවුල්වාදයෙන් පොලිස් රාජ්‍යයකට යන ගමනක්ද මේ? (නි)
පොලීසියේ ඉන්නේ නීතියට කරනවාට වඩා තමන් හිතන දේ කරන අයනේ වැඩිපුර (නි)
පොලිසියේ මහත්වරු දැන් අලුගෝසුවාගේ කාර්යයත් කරන පාටයි. (නි)
කරුණාකර මහින්ද මහත්තයා අඟුලානේ පොලිසිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළා වගේ, නියමිත ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්නම් තව ටික කාලෙකින් ලොකු මහත්වුණ ගැහැණු දරුවෙක්වත් බේරාගන්න විදියක් නැතිවේවි, මේ යන විදියට. අපරාධ කරලා රටේ ආරක්ෂාව මත කියමින් අපරාධ වලින් ගැළවෙන්නත් පටන් ගනීවි. (නි)
අපි ළමයි කාලේදී අපි කාට හරි ගහන්න බැරි වුනාම වැඩිහිටියකුට කියල ගහල උඩ පැන පැන සතුටු වෙනවා. ඒ වගේ අපේ තරහත් මේ වගේ වෙලාවට ඒ උඩින් යවල සියුම් සතුටක් ලබනවා. නිවෙස් වල උත්සව අපිට ඕනි හැටියට කරන්න බෑ. රටේ නීතියක් තියෙනවා. (බ)
දහම් පොලිස් කෝමිසම පත් කෙරීමෙන් කරන්නේ පොලිසිය ස්වාධීන කරන එක, එහෙම කියල පොලිසියේ ඉන්න නුගත් සමහරක් මේ වගේ වැඩ කරාට එකට කොමිසම වත් ආණ්ඩුව වත් කරන්න දෙයක් නෑ. වැරදි කාරයන්ට හොයල බලල දඬුවම් දෙන එක කරන්න ඕනේ (බ)
දරුවාගේ මල්වර මඟුල් සාදයට මත්ද්‍රව්‍ය අවශ්‍යමද? දෙමාපියනි, ඉදිරියේදී ඇතිවන සාද ගැන බුද්ධියෙන් සිතන්න (නි)
ලංකාවේ පොලිසිය අලුතින් ශුද්ධ කළ යුතු ආයතනයක් බවට පත් වීම අත්‍යවශයි. කොටි බිහිවීමට , ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇතිවීමට, රටේ අපරාධ වැඩිවීමට, මත කුඩු රකුසා රටේ තරුණ පරපුර බිලි ගැනීමට අපේ රටේ පොලිසියේ ක්‍රියාකාරිත්වය හේතු වුනා. පොලිසියේ වරදක් මාධ්‍ය මගින් හෙලිකල විට, රෙදි අපුල්ලන්න වැඩේ කරන මාධ්‍ය ප්‍රකාශකගේ ක්‍රියා කලාපය සාමාන්‍ය මිනිසුන් තුළ ඇති කරන්නේ මහත් අපුලක් සහ කල කිරීමක්. (බ)