ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණයට හේතුව අත්වල ඉහළ බාහුවල ප්‍රධාන ධමනි හා ශිරා කැපී බරපතල තුවාල සිදුවීමත් අභ්‍යන්තර ඉන්ද්‍රීයන්හි කැපුම් තුවාලත් අධික රුධිර වහනය හා කම්පනයත් මරණයට හේතුව බව රත්නපුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලක මහතා ප්‍රකාශ කර ඇතැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (19) පැවසීය.
මේ අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් සැකපිට දැනටම හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.සී.ධර්මරත්න අත්අඩංගුවට ගනු ලැබ සිටී.
පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටි නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති මල්වර මගුලකදී ඇතිවූ ගැටුමකට පොලිසිය මැදිහත්වීමේදී එහි ඉහළ මහළින් වැටී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මිය ගියේය. සුමිත්ගේ ඉහළ මහළින් බිමට තල්ලු කළේ ඇඹිලිපිටිය ඒ.එස්.පී ලෙස කටයුතු කළ ධර්මරත්න බව සුමිත්ගේ බිරිඳ උසාවියේ සාක්කි දෙමින් පැවසුවාය.
සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවේද දැක්වෙන්නේ පොලිස් ජංගම සංචාර කණ්ඩායම මෙම ස්ථානයට එක්වරක් පැමිණ කිසියම් හේතුවක් මත ජංගම සංචාර නිලධාරීන් ගොඩනැගිල්ලේ සිටි පිරිස සමග ගැටුමක් ගොඩනැගිල්ලෙන් පිටත සිදුව ඇති බවයි.
ජායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ
![IMG_2511[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_25111.jpg)
![IMG_2516[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_25161.jpg)
![IMG_2521[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_25211.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං ඔබට කැමති නැහැ...නමුත් උදුල් ඔබට හදවතින්ම තුති.....(බ)
සත්‍ය ජයගන්න ලැබේවා ...! (නි)
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින උදුල් ප්‍රේමරත්න නීතීඥ මහතාගේ ඵලදායී පැහැදිලි කිරීම ප්‍රසංසා කටයුතුය. (බ)
බොහොම හොඳයි (නි)