ඇඹිලිපිටියේ සාදයක දී පසුගිය ජනවාරි 04 වැනි දා මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩ ගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වනේ ද නැද්ද යන්න තීන්දුව ඇඹිලිපිටි මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා බ්‍රහස්පතින්දා (03) ප්‍රකාශයට පත් කරන බව අද (02) ප්‍රකාශ කළේය.
නිතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ සුදර්ශන හේරත් මහතා මෙම ඉල්ලම කළේය. සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණය කරන්නැයි ඉල්ලා සිටියේය. රත්නපුර රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය හා සාක්කි බැලු බැල්මට පරස්පර බව ඔහු කියා සිටියේය. සිරුර මිහිදන් කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්. චමින්ද ධර්මරත්න මහතා 3 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (2) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මවගේ දුක දෙවියන් බලා සදාරණයක් ඉටු කොට ඇත (ම)
සමාදානයේ සැතපේවා කියන දෙයවත් මේ මනුස්සයට ලැබෙන්නේ නැත. පෙනෙන විදිහ හොඳ නැත. (ම)
මැරුණ කෙනාටවත් යහතින් වල ඇතුලට වෙලා ඉන්න දෙන්න.(හේ)
සාක්කි පරස්පරයි කියන්නේ දැන්ද? මැරිලත් මේ මනුස්සයට නිදහසක් නැද්ද? කාවද මේ බේරන්න හදන්නේ.... (නි)
සමාදානයේ සැතපිලා හරියනවද අසමදානයේ මිය ගිය අයට.(ම)
තාජුඩීන් වළදමන්න කලින් රිය අනතුරක්. ගොඩ ගත්තහම මිනීමැරුමක්. සුමිත් වළ දමනකොට මිනීමැරුමක්. ගොඩගත්තහම ස්වභාවික මරණයක් වේද? (නි)