ඇඹිලිපිටියේ සාදයකට පොලිසිය පැමිණීමත් සමග ඇතිවූ ගැටුමෙන් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට නොලැබීම නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ලබන 17 වැනි දා තෙක් කල් තැබීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද නියෝග කළේය.
මරණ පරීක්ෂණයේ දී 12 දෙනෙක් සාක්කි දුන්හ.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතු යැයි සාක්කිවලදී කියැවිණි.
රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් සී ධර්මරත්න රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd