ඇඹිලිපිටිය නව නගරයේ තිබූ සාදයකදී පොලීසිය හා ඇතිවූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ සිරුර සම්බන්‍ධයෙන් පැවැත්වූ දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ලැබී ඇති බව පැවසූ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා එම සිද්ධිය සම්බන්‍ධයෙන් පවත්වන විමර්ශන මැයි 18 වැනි දිනට අවසන් කරන ලෙස අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (4) නියම කළේය.
ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න කුරුවිට බන්‍ධනාගරයේ සිට බන්‍ධනාගාර බස් රථයකින් ඔහු අධිකරණය වෙත ගෙන එනු ලැබීය. ඔහු ලබන 18 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කැරිණි.
ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ යාබද නිවසේ දැරියක වැඩිවිය පැමිණීමේ උත්සවයේ දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස් අතර ඇතිවු ගැටුමකින් පසු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන (29)මිය ගියේය.
ඉදිරි විමර්ශන සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව රහස් පොලිසිය කීවේය.
අතිරේක මහේස්ත‍්‍රාත්වරයා පැවසුවේ මෙම විමර්ශන කටයුතු සඳහා නීතිපතිගේ උපදෙස් අවශ්‍ය නොවන බවයි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඹිලිපිටි පරීක්ෂණ 18ට පෙර අවසන් කරන්න සීඅයිඩියට නියෝග
ගයාන් Wednesday, 04 May 2016 07:47 AM
ඔන්න ඔහොම නියෝග තමයි දෙන්න ඕනේ නඩු ඉවර කරන්න. යහ පාලනය හොඳයි වගේ. ඔහොමම යමු. (බ)